ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සබරගමුව පළාතේ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා රත්නපුර දිස්ත්‍රික්කයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් විවෘත කර තිබෙනවා.
පසුගිය මාර්තු 30 වැනි දා මොණරවිල දී විවෘත කෙරුණු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය තණතීරු හතකින් සමන්විත එකක් වන අතර, මෙහි දී පාසල්, ක්‍රීඩා සමාජ, 19න් පහළ ක්‍රිකට් තරග මෙන්ම, පුහුණු සැසිද පැවැත්වීමට අවකාශය හිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කරන්නේ.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක්
- අසිත ප්රමුඛ පන්දු බළඇණිය බංගලි සිහින බොඳ කරයි
- විසඳුමක් නැති රන් සටනට ඉසුරුගෙන් ශතකයක්
- ප්‍රවීන් ලුම්බිණියට නොතිබූ ජයක් ගෙන දෙමින් අවසන් තරගයට රැගෙන යයි!
- මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්රමුඛ බලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක ද මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන දිවයින පුරා “දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ” පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ක්‍රීඩාංගණය විවෘත කර ඇති අතර, මෙය එසේ පිහිටවූ එකොළොස් වැනි ක්‍රීඩාංගණය ද වනවා.
දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<