ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය සඳහා නව වගකීම තුනක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
අනූෂ සමරනායක – ජාතික වේගපන්දු පුහුණුකරු
2008 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අනූෂ මේ වන විට තෙවන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවකු වනවා.
1984 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු එංගලන්ත තරග සංචාරයට ද සහභාගී වීමේ වරම් ලද අනූෂ පසුව වේගපන්දු පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටු කිරීමට කැප වුනා.
මාර්තු මස 06 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ඔහු සිය ධුරයේ වැඩ බාර ගෙන ඇති අතර, සියලු ම ජාතික කණ්ඩායම්වල වේගපන්දු යැවීමේ අංශය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වනු ඇති.
හශාන් අමරතුංග – ක්‍රීඩා කාර්යසාධන පෝෂණවේදී
මීට පෙර ජාතික රෝහලේ සායනික පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර් ලෙස සේවය කළ හශාන් අමතරතුංග මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, මීට පෙර ක්‍රීඩා පෝෂණවේදියකු ලෙස ද ජාතික කණ්ඩායම සමඟ කටයුතු කර තිබෙනවා.
- NSL පිටිය අඩු ලකුණුවලට සීමා වූ දවසක්
- ඩිල්ශාන් වෙනුවට Maphaka මුම්බායි සමඟ එක් වෙයි
- පැතුම් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි මුල් 10 අතරට
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
- දසුන් ශානක ශතකයක් ලබා ගනී
එමෙන්ම ජාත්‍යන්තර ඔළිම්පික් කමිටුව විසින් ලබා දෙන ක්‍රීඩා පෝෂණය පිළිබඳ ඩිප්ලෝමාවකට ද හිමිකම් කියන හශාන් පෙබරවාරි මස 06 වැනි දා සිට වසරක කාලයක් සඳහා සිය වගකීම් බාර ගෙන තිබෙනවා.
Jonathan Porter – භෞත චිකිත්සක
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට පෙර Porter ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, ඊට අමතරව ඔහු විසින් දකුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමයේ ක්‍රීඩා විද්‍යා සහ ක්‍රීඩා වෛද්‍ය කළමනාකරු ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙනවා.
මාර්තු මස 01 වැනි දා සිට වසරක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති අතර, මෙහි දී ඔහු විසින් වයස අවුරුදු 19 පහළ මට්ටමේ සිට සියලු ජාතික කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට නියමිතයි.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<