බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තෙවන එක්දින තරගයේ දී විනිසුරුවන් ට එරෙහි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් හට ICCයෙන් දඬුවම් නියම වී තිබෙනවා.
ඊයේ (18) පැවැත්වුණු එක්දින තරගයේ දී විනිසුරුවරුන් සමඟ අතට අත දෙන අවස්ථාවේ දී කුසල්ගේ හැසිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම ICCය විසින් නියම කර ඇති අතර, මෙහි දී කුසල් විසින් “ජාත්‍යන්තර තරගයක දී ක්‍රීඩකයකු, ක්‍රීඩක සහයකයකු, විනිසුරුවකු හෝ තරග තීරකවරයකු පෞද්ගලිකව (වාචිකව) අපයෝජනය කිරීම” යන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩ කර ඇති බවයි ICCය විසින් සඳහන් කරන්නේ.
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
- ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්
- බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- පින්න නැවතත් ලංකාවට හරස් වෙයි!
- අසිත ප්‍රනාන්දුට බංග්ලාදේශ සංචාරය අහිමි වෙයි!
මේ අනුව කුසල්ට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ දඬුවම් ලකුණු 3ක් නියම කර තිබෙනවා. එමෙන්ම මාස 24ක කාලය තුළ කුසල්ගේ නම ඉදිරියෙන් වරදකට දඬුවම් ලකුණු හිමි වූ එකම අවස්ථාව ලෙසයි මෙය සටහන් වන්නේ.
එමෙන්ම ඊයේ තරගයේ දී කුසල්ට අමතරව වනිඳු හසරංගට ද ICCයෙන් දඩ සහ දඬුවම් නියම වුනා.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<