බංගලි සමඟ සටනට ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

Sri Lanka Tour of Bangladesh 2024

184

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් හට හිමි වී ඇති අතර, ආබාධයකට ලක් වීම නිසා බංග්ලාදේශය සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය අහිමි ව ගිය පැතුම් නිස්සංක නැවතත් සංචිතය සමඟ එක් වී තිබෙනවා.  

එමෙන්ම නිමා වූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ අසිත ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට ලහිරු කුමාර මෙම සංචිතය සඳහා එක් කර තිබෙනවා. 

මේ අතර ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ශෙවෝන් ඩැනියෙල් වෙනුවට කමිඳු මෙන්ඩිස් මෙවර සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා සංචිතය: 

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු කුමාර  

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (13) දිවා රාත්‍රි තරගයක් ලෙස Chattogram හිදි ආරම්භ වීමට නියමිත අතර, ඉතිරි තරග ද්විත්වය මාර්තු 15 සහ 18 යන දින වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

තරගාවලියේ සජීවී අත්දැකීම ඔබට සමීප කිරීමට මෙන්ම, තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<