කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන “දළ ඇතුන්ගේ” සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 08 සහ 09 දෙදින කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මේ දක්වා පැවැති දළ ඇතුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරග කිසිවක විසඳුමක් නොලැබීම හේතුවෙන් කණ්ඩායම දෙක ම මෙවර තරගාවලියට එක්වෙන්නේ තම මංගල ජයග්‍රහණය බලාපොරොත්තුවෙනුයි.
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කරන ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය එම කාණ්ඩයේ කැපී පෙණෙන කණ්ඩායමක් ලෙසින් ප්‍රචලිතයි.
ඔවුන් මෙවර තරගාවලියේ දී අකුරණ අසාර් විද්‍යාලය, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල, කුරුණෑගල වයඹ රාජකීය මහා විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමඟ තරගාවලියට එක් වුණා.
ඔවුන් දළ ඇතුන්ගේ සටනට එක් වෙන්නේ දකුණත් පිතිකරු සිතිජ විජේරත්න ගේ නායකත්වයෙනුයි. ඔහුගේ සහායකයා ලෙසින් කඩුලු රැකීමේ වගකීම දරණ පසිඳු පලිපාන එක් වෙනවා. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ ද පසිඳු පලිපානයි.
කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙක් වන යසිරු ආටිගලයි.
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
සිතිජ විජේරත්න (නායක), පසිඳු පළිපාන (උප නායක /කඩුලු රකින්නා), හසිත සංදීප, පසන් සන්දනායක, කසුන් ඔදිත, ඩිලංග මානෙත්, ධනංජය එරංග, සත්රුක් මෙත්මිණ, යසිරු ආටිගල, ඩිල්ශාන් භාෂිත, කවීෂ මධුශාන්, මලිත් නේත්සිරි, ඉරෝෂ් පුලස්ති, දිනෙත් මලීෂ, ආකාශ් ඉඳුරංග, සඳරු සිතුමිණ.
නිරංජලා කොළඹගේ (විදුහල්පතිනිය), මොනිකා ගුණවර්ධන (උප විදුහල්පතිනිය), සුරංග රණතුංග (ක්‍රිකට් භාර ආචාර්ය), දුමින්ද ගලකුඹුර (ක්‍රීඩා පරිපාලක), සමන්ත ගුරුගේ (ක්‍රිකට් භාර ආචාර්ය), යසිරු ජයරත්න (පුහුණුකරු), ඩිලංක ප්‍රේමරත්න (සහාය පුහුණුකරු).
- මොරටු රන් සටනත් සූදානම්!
- “උතුරු සටනත්” ඇවිලෙයි
- සුලෝහිත සංග්‍රාමයට දුනු විදියි!
- රාජකීයයන් සහ තෝමස්වරුන් “නිල”ට ගැටෙන සටන
- 94 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන්
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කරන මලියදේව ආදර්ශ මහා විද්‍යාලය එම කාණ්ඩයේ තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙනවා.
ඔවුන් මෙවර තරගාවලියේ දී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, ගම්පොළ වික්‍රමබාහු මහා විද්‍යාලය සහ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා එක් ව තරගාවලියට එක් වුනා.
එහි දී ඔවුන් වික්‍රමබාහු මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.
එමෙන් ම එම කාණ්ඩයෙන් එක්දින සීමිත පන්දුවාර තරගාවලියට එක් වූ ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූවා. එහි දී ඔවුන්ගේ ගමන නිමා වූයේ වාද්දුව මධ්‍ය මහා වෙතින් ලද පරාජයත් සමඟයි.
මෙවර දළ ඇතුන්ගේ සටනට එක් වෙන මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නිපුන් මෙන්ඩිස් වෙතයි. ඔහුගේ සහායකයා ලෙසින් කටයුතු කරන්නේ ඉඳුවර රත්නායකයි.
මලියදේව ආදර්ශ කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා ලෙසින් දැක්වෙන්නේ රජිත් නවෝද්‍ය. ඔහු කඩුලු රැකීමේ වගකීම ද දරනවා. එමෙන් ම පසුගිය වසරේ පැවැති දළ ඇතුන්ගේ තරගයේ වීරයා සම්මානයේ පිදුම් ලැබූ දකුණතින් පිට දඟ පන්දු යවන සයුරු ජයතිලක ද මෙවර ද මලියදේව ආදර්ශ කණ්ඩායම හා එක් ව සිටිනවා.
මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
නිපුන් මෙන්ඩිස් (නායක), ඉඳුවර රත්නායක (උප නායක), පුබුදිත කුමාරසිරි, මෙතුල් ජයසිංහ, විහඟ විමුක්ති, රජිත් නවෝද්‍ය (කඩුලු රකින්නා), ඉසුරු අන්ජන, ඉශාන් කාන්, දිමුතු සඳකැළුම්, යශ්මිර හසරංග, නඳුන් බණ්ඩාර, බූශිත එරංග, ආශිංශ ඉඳුසර, සයුරු ජයතිලක, සෙහඳු සුජායන, දිනූෂ අභයවර්ධන, තිනුග ඩයස්, රෝශක මධුශාන්, යසිරු කාවින්ද, සඳරු සත්සර.
දිනේෂ් උදිත බණ්ඩාර (විදුහල්පති), වසන්ත කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), සුජිත් දිසානායක (පුහුණුකරු).
දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා පැවැති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී අවස්ථා 10ක ජයග්‍රහණ ලබා ගැනීමට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් ව තිබෙනවා. ඔවුන් පසුගිය වසරේ පැවැති තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 3කින් ජයග්‍රහණය ලබා දළ ඇතුන්ගේ එක්දින කුසලානය ඔවුන් සතු කර ගෙන සිටිනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<