තර්ස්ටන් සහ දේවපතිරාජ විද්‍යාල ජයග්‍රහණ ලබාගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

881
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (09) දිනයේ දී අවසන් වුනා.

ඊයේ (08) ආරම්භ වූ දෙදින තරග වූ මේවායින් ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් සමත් වුනා. එමෙන්ම මෙම තරගවල දී පාසල් රැසක ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

එවැනි දස්කම් කිහිපයක්;

ඩී.එස් සේනානායක විද්‍යාලයේ නායක ගවිරු සෙහස් අර්ධ ශතකයක් සහ කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වුනා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල නායක මල්ෂ තරුපති කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රචින්ත ද සිල්වා කඩුලු 5 දස්කමක් දක්වද්දී, තනුජ රාජපක්ෂ ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කළා.

මොරටු මහා විද්‍යාලයේ ඉසුරු ප්‍රනාන්දු පිත්තෙන් ලකුණු 81ක් ලබා ගනිමින් මෙන්ම පන්දුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ දර්ශක සන්දීප් අගනා ශතකයක් වාර්තා කළ අතර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දුලාර බන්දුලසේන කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පළමු කොටසේ Tier A තරග

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර

ඩී.එස්.සේනානායක විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී

  • ගුරුකුල විද්‍යාලය– 192/10 (59) දෙනුර දිමන්සිත් 39, යුවනෙත් මදුසංක 39, ගවිරු සෙහස් 4/26 & 152/9 (47.4) දෙනුර දිමන්සිත් 35, නේතන් ඩිශේන් 32, චෙනුක රන්දුල 3/36, රන්දීශ බණ්ඩාරනායක 3/23
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 321/10 (90.1) ඩිලාශ් කුමාරනායක 70, ගවිරු සෙහස් 54, මොහොමඩ් මුර්සාඩ් 4/70

තරගය ජය පරාජයෙන් තොරයි, ඩී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය අතර

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 169/10 (64.4) ශැරෝන් අභිශේක් 37, යොහාන් ආලෝක 2/9, අමීෂ ප්‍රනාන්දු 2/20 & 196/7d (45.5) චෙහාන් සුභසිංහ 64, නිකිල් ජයවීර 38, ඕෂධ ගිම්හාන 2/36
  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 114/10 (46.5) ඕෂධ ගිම්හාන 33, මල්ෂ තරුපති 5/32, සිහත් රාමනායක 3/30 & 117/4 (47) හසිඳු පෙරේරා 34, ශැරෝන් අභිශේක් 2/28

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය-130/10 (45.2) නදීර දේශාන් 34, රචින්ත ද සිල්වා 5/27, විහස් තෙව්මික 3/41 & 187/10 (53.3) නදීර දේශාන් 64, සොනාල් අවදික 59, පැතුම් ධනංජය 3/2, විහස් තෙව්මික 3/50
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 214/4d (44) තනුජ රාජපක්ෂ 83, දිනල් ඉඳුවර 51, හිවින් කෙනුල 2/44 & 104/2 (17.4) තනුජ රාජපක්ෂ 51, ආකාශ් දෙව්මිණ 1/23

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර

මොරටු මහා විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය– 303/9d (83) දිනිත් චාමික 82, රවිඳු ජයසංක 58, ඉසුරු ප්‍රනාන්දු 5/62 & 74/10 (24.4) අමිත සන්දීප 37, මහිත් අප්පුහාමි 4/5, විහඟ නිම්සර 3/7
  • මොරටු මහා විද්‍යාලය – 321/8d (76.4) කාන්චන නිම්ශාන් 88, ඉසුරු ප්‍රනාන්දු 81, චමෝද් සන්දීප 3/79 & 21/1 (1.4)

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර

අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 108/10 (41.4) ඔනිජ සේසත් 25, පැතුම් ශමින්ද 3/29, සඳරු මල්ෂාන් 2/14 & 178/10 ලක්වින් බංඩාර 69, චමින්ද සඳරුවන් 4/20
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය– 300/10 (86.1) දර්ශක සන්දීප් 122, ගිම්හාන් රසාංජන 61, දුලාර බන්දුලසේන 5/89

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 14ක ජයග්‍රහණයක්.

මේ අතර තවත් දෙදින තරග කිහිපයක් ම අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගවල දී,

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අචල පෙරේරා කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉශාන් අනුරාධ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ජනිත් රවිශ්ක අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ඔසුල ගීගනගේ සහ යසිඳු දිසානායක ශතක රැස් කිරීමට සමත් වුනා. කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව මොවුන් දෙදෙනා මෙසේ ශතක ලබා ගත් අතර, රාජකීය ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 234ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුනා.

කොළඹ නාලන්දා විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් තරුශ ඩිල්ශාන් වටිනා ලකුණු 96ක් ලබා ගත්තා. ඊට අමරව 19න් පහළ ලෝක කුසලානයේ දී පවත්වා ගත් සිය විශිෂ්ට රිද්මය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය මහින්ද විද්‍යාල නායක දිනුර කළුපහන වේගවත් ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු 64ක් තුළ දියත් වූ දිනුරගේ මෙම ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර

බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • කොළඹ බෙනඩික්ට් විද්‍යාලය– 161/10 (56.2) ජනිඳු නන්දසේන 73, ශරුජන් ශන්මුගනාදන් 43, අචල පෙරේරා 5/48
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 103/3 (29.4) සුවස් රණවන 52*

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • මලියදේව විද්‍යාලය – 205/10 (80.2) ගයන වීරසිංහ 45, පැහැසර බණ්ඩාර 35, කවීෂ පියුමාල් 6/59
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– 91/5 (21) ජනුක රත්නායක 34*, දිමත් අබේසිංහ 2/30

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර

වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 279/9 (100) ජනිත් රවිශ්ක 134*, මනුල කුලරත්න 34, උවින් පෙරේරා 3/39, නිලුපුල් ලියනගේ 2/51

පළමු කොටසේ Tier B තරග

කොළඹ ආනන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර

ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • ආනන්ද විද්‍යාලය– 202/10 (59.2) කාන්චන ද ලිවේරා 49, දනිඳු සෙල්ලපෙරුම 38, ඉශාන් අනුරාධ 5/49
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 129/3 (40) සෙනිත හැළඹගේ 72*

දෙදින සාම්ප්‍රදායික තරග

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර

රාජකීය විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී

  • කොළඹ රාජකීය විද්‍යාලය– 364/5 (99) යසිඳු දිසානායක 152*, ඉසුල ගීගනගේ 122, ලශේන් පුෂ්පකුමාර 3/35
  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 6/1 (3)

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර

SSC ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 389/10 (91.2) තරුශ ඩිල්ශාන් 96, දිනුර කළුපහන 91, සජිත විතානගේ 2/56, තිසර දෙව්දුණු 2/47
  • කොළඹ නාලන්දා විද්‍යාලය– 18/0 (6)

මෙම තරගවල දෙවන සහ අවසන් දිනය හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<