ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එළඹෙන පෙබරවාරි මස 02 සිට 06 වැනි දා දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම ටෙස්ට් තරගය දෙරට අතර පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසයට එක් වනු ඇති.
එමෙන්ම මෙය ඇෆ්ගනිස්තානය විසින් ක්‍රීඩා කිරීමට නියමිත 08 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද වනවා. මෙම තරගය වෙනුවෙන් Hashmatullah Shahidiගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ඇෆ්ගන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පියවර ගෙන ඇති අතර එම සංචිතයට මෑත කාලීන ව දේශීය ක්‍රිකට් පිටියේ සාර්ථක වූ Naveed Zadran සහ Mohammad Ishaq යන නවක ක්‍රීඩකයින් දෙදෙනා සිය පළමු කැඳවීම් ලබා තිබෙනවා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ ප්රබලතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධය නිසා ඔහුට මෙම ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. මේ අනුව Rashid වෙනුවට Qais Ahmadට ඇෆ්ගන් සංචිතයේ දොර විවර වී තිබෙනවා.
- ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු පරාජය අත්විඳියි
- ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට
- 19න් පහළ ලෝක කුසලානයේ යොවුන් සිංහයන්ගේ සැමරුම්
- ශ්‍රී ලංකා යෞවනයින් ජයග්‍රහණයකින් වැඩ අරඹයි
- මනිඳු හේරත්ගෙන් තුන් ඉරියව් දස්කම්; මලිත පෙරේරාගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව සමඟ තරගයට නම් කළ ඇෆ්ගන් ටෙස්ට් සංචිතය:
Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Ikram Alikhail (WK), Mohammad Ishaq (WK), Ibrahim Zadran, Noor Ali Zadran, Abdul Malik, Baheer Shah, Nasir Jamal, Qais Ahmad, Zahir Khan, Zia Ur Rehman Akbar, Yamin Ahmadzai, Nijat Masoud, Mohammad Saleem Safi and Naveed Zadran.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් මෙතෙක් කාලය පුරාවට ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 7න් 3ක් ජයග්‍රහණය කිරීමට (අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බංග්ලාදේශයට එරෙහිව) සමත් වී ඇති අතර, මෙම වසරේ දී ඔවුන්ට තවත් ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.