කවීෂ සහ චාරුක සාන්ත අන්තෝනි විද්‍යාලයට ජය ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

406
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගය ද්විත්වයක් අද (29) අවසන් වුනා.

අද දිනයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් අනතුරුව මෙම ජයග්‍රහණය ලබා ගැනීමට අන්තෝනි ක්‍රීඩකයින් විසින් සමත් වීම විශේෂත්වයක්. මෙම තරගයේ දී කවීෂ පියුමාල් විසින් අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ඉනිම් දෙකේ දී කඩුලු 4ක් සහ 6ක් බැගින් සමස්ත තරගයේ කඩුලු 10ක් දවා ගත් අතර, චාරුක ඒකනායක විසින් ඉනිම් දෙකේ දී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශෙහාන් ද සොයිසා විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ඊට අමතරව රිච්මන්ඩ් විද්‍යාලයේ කවීෂ ඉඳුවර සහ වෙල්ස් කුමාර විද්‍යාලයේ ඔශාන් මනීෂ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 148/10 (55.3) ශෙෆාන් ප්‍රනාන්දු 34*, අදේශ් අල්මේදා 31, කවීෂ පියුමාල් 4/51, චාරුක ඒකනායක 3/29 & 63/10 (25.3) නදීශ් ප්‍රනාන්දු 20, කවීෂ පියුමාල් 6/20, චාරුක ඒකනායක 4/21
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 136/10 (41) ජනිත් රත්නසිරි 42, තිසර ඒකනායක 31, මලින්ත සිල්වා 5/19, මනුජ චන්තුක 3/47 & 78/4 (18) තිසර ඒකනායක 30, මනුජ චන්තුක 2/22

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 111/10 (45.5) ඔශාන් මනීශ 36, කවීශ ඉඳුවර 5/48, ශැරෝන් අභිශේක් 2/30 & 220/4 ඔශාන් මනීෂ 73, සුවස් ප්‍රනාන්දු 46, මලිත් ද සිල්වා 2/31
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 262/8d (82.3) ශෙහාන් ද සොයිසා 119, කවීෂ ඉඳුවර 64, රසිඳු ප්‍රනාන්දු 2/27

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් දෙදින තරග රැසක් ද අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගවල දී,

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මෙවන් දිසානායක කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා කඩුලු 5 දස්කමක් දැක්වූවා.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ කවිඳු කේසර කඩුලු 7 දස්කමක් දක්වද්දී, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රචින්ත ද සිල්වා කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශිමල්ක කාන්චන කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ලක්වින් අබේසිංහ නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කළා.

පළමු කොටසේ Tier A තරග

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 108/10 (31.3) විරාන් චමුදිත 40, රන්දීශ බණ්ඩාරනායක 3/26 & 6/2 (3)
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය– 216/10 රන්දීශ බණ්ඩාරනායක 43, පෙසඳු වීරසිංහ 32, සමිරු ගිම්හාන් 3/61, විරාන් චමුදිත 3/54

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කොළඹ රාජකීය විද්‍යාලය– 183/10 (48.4) යසිඳු දිසානායක 65, ඔවින අඹන්පොල 27, මෙවන් දිසානායක 5/56
  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 174/8 (45) ජනිඳු නන්දසේන 61, රමිරු පෙරේරා 5/55

පළමු කොටසේ Tier B තරග

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 136/10 (46.4) තනුජ රාජපක්ෂ 43, ශනික්‍ය දේශප්‍රිය 30, කවිඳු කේසර 7/25
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය– 137/8 (45) හසිත සුරංග 40, කවිඳු කේසර 30*, රචින්ත ද සිල්වා 5/30

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 179/10 (61.5) චමිඳු පෙරේරා 69, ප්‍රවීන් මනීෂ 4/48, සහන් කෞශල්‍ය 3/24
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය– 140/7 (38) නබීල් රාජුදීන් 56, ශෙනාන් රොද්‍රිගෝ 3/37

සාම්ප්‍රදායික දෙදින තරග

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය

  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය – 223/10 (80.4) රන්සර දේශාන් 45, රවිඳු තීක්ෂණ 42, යසිත් සස්මිත 3/55
  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය– 0/0 (0)

කොළඹ කේරි විද්‍යාලය සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල

  • කොළඹ කේරි විද්‍යාලය – 299/10 (76.3) අර්ශෙල් වල්ගමගේ 61, මෙතුජ අනුප්‍රිය 59, සෙතික ඩිහේන් 3/52
  • පානදුර ලයිසියම් විද්‍යාලය– 63/2 (21)

වාද්දූව මධ්‍ය විද්‍යාලය සහ මතුගම සාන්ත මේරි විද්‍යාලය

  • වාද්දූව මධ්‍ය විද්‍යාලය– 229/10 දේශාන් මධුශංක 55, රශ්මික උදයංග 44, එන්. ක්‍රිතික් 5/58
  • මතුගම සාන්ත මේරි විද්‍යාලය– 51/2 (24)

යාපනය විද්‍යාලය (Vaddukoddai) සහ යාපනය හින්දු විද්‍යාලය

  • යාපනය විද්‍යාලය– 86/10 (29.1) R Johnson 21, D Roshun 4/20
  • හින්දු විද්‍යාලය– 241/5 (70) Logaswaran Piriyandan 86*, Krishnarajan Pareshshith 59, S.K. Hamish Harmishan 1/21

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය

  • මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය – 176/10 (67.5) තෙමුර භාෂ්වර 37, ශිමල්ක කාන්චන 6/44
  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය– 117/6 (35) ජයසීලන් ප්‍රීතික්ෂන් 31, මොවිඳු දිනෙත් 3/21, විසල් භාරත 3/35

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය

  • කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය– 173/10 (65.1) පෝශිත මදනායක 60, ශෙවෝන් ක්‍රිස්ටියන් 3/4, මැතිව් සොලමන්ස් 3/45
  • කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය – 87/4 (40)

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 198/4 (48) ලක්වින් අබේසිංහ 66*, නිසල අබේරත්න 22*, හසිත් රත්නායක 2/46

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 133/10 (54.2) බුද්ධිම තරුපති 25, යෙනුල භාෂිත බණ්ඩාර 7/37
  • කොළඹ රාජකීය විද්‍යාලය– 155/4 (43) අනූශ් පොලොන්නෝවිට 55, ගීශාන් පෙරේරා 39*, අයේෂ් ගජනායක 3/41

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (30) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<