මලිත් රත්නායකගේ අග්‍රගණ්‍ය පන්දු යැවීමෙන් ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්

U19 Division 1 School Cricket Tournament 2023/24

296

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (19) දිනයේ ද ක්‍රියාත්මක වුනා. 

මෙම තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් පූර්ණ ජයග්‍රහණය ලබා ගත් අතර මෙම තරග ද්විත්වය ම පන්දු යවන්නගේ දක්ෂතා ඉස්මතු කරමින් අවසන් වීම විශේෂත්වයක්. 

ඊයේ (18) දිනයේ දෙදින සාම්ප්‍රදායික තරගයක් ලෙස ආරම්භ වූ කුරුණෑගල මලියදේව සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල අතර තරගයෙන් රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වූ අතර, මෙම තරගයේ දී ‍රිච්මන්ඩ් නායක ශැරෝන් අභිෂේක් විසින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඊට අමතර රිච්මන්ඩ් ජයග්‍රහණයේ ප්‍රධාන හවුල් කරුවකු වූ කවීශ ඉඳුවර ඉනිම දෙකේ දී ම කඩුලු 5 බැගින් දවා ගනිමින් සමස්ත තරගයේ කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම මෙම තරගයේ දී මලියදේවය වෙනුවෙන් දිමත් අබේසිංහ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. 

පළමු කොටසේ Tier A යටතේ ඊයේ ආරම්භ වූ මාතර සාන්ත තෝමස් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලය ඉනිමක සහ ලකුණු 25ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙහි ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ මලිත් රත්නායක තෝමසුවන්ගේ පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 7ක් සමඟින් සමස්ත තරගයේ ම කඩුලු 13ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තා. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 134/10 (55.3) ප්‍රවීන් රුකුනායක 44, කවීෂ ඉඳුවර 5/54, ශැරෝන් අභිශේක් 2/41 & 91/10 දිමන්ත නිසංක 26, කවීෂ ඉඳුවර 5/40, ශැරෝන් අභිෂේක් 4/44 
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 170/10 (48.4) චෙහාන් සුභසිංහ 52, ශැරෝන් අභිශේක් 45, දිමත් අබේසිංහ 6/57, තවීශ බාලසූරිය 3/71 & 56/6 (19.1) ශැරෝන් අභිෂේක් 20, දිමත් අබේසිංහ 3/27, තවීශ බාලසූරිය 2/29 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය  

  • මතුගම ආනන්ද ශාස්ත්‍රාලය – 237/10 (57.2) සිතුම් කල්ප 46, සිසිඳු ඉඳුසර 42, කවිඳු නෙත්රුවන් 3/44, අදීශ් ආමාන්ත 3/48 & 148/9 (d) (36) ලකිඳු දිනු 42, සිතුන කන්නංගර 30, හශාන් මදුරංග 3/53 
  • පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – 151/10 (68.5) හශාන් මදුරංග 35, නිර්මාල් රශ්මික 22, සිතුන කන්නංගර 4/32 & 0/0 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 99/10 (46.2) පෙසඳු සන්ජන් 59, මලිත් රත්නායක  6/39, ජයවි ලියනගම 2/5 & 42/10 (20.4) ලෝශිත දික්සිත් 12, මලිත් රත්නායක 7/21, ජයවි ලියනගම 2/10  
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 166/9 (d) (50) දිමන්ත මහවිතාන 64, ජයවි ලියනගම 32, ලෝශිත දික්සිත් 2/56, පුනල් පමුදිත 3/21 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 25ක ජයක්. 

ඊයේ ආරම්භ වූ තරග එසේ නිමාවට පත් වන විට කොළඹ සාන්ත ජෝසප් සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පළමු කොටසේ Tier A තරගයක් සහ වත්තල සාන්ත ජෝසප් සහ කොළඹ වේළුවන විද්‍යාල අතරත්, ගාල්ල ඇලෝශියස් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල අතරත් දෙදින සාම්ප්‍රදායික තරග ද්විත්වයක් ද අද ආරම්භ වුනා. 

මෙම තරගවල දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වකුණුගොඩ සහ අවීශ සමාශ් අර්ධ ශතක ලබා ගත් අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කවිඳු ඩයස් කඩුලු 4 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

එමෙන්ම ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විහඟ තීක්ෂණ කඩුලු 5 දස්කම් දැක්වීමට සමත් වුනා. 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය  

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 267/10 (75.2) අවීශ සමාශ් 96, සෙනුජ වකුණුගොඩ 82*, කවිඳු ඩයස් 4/66, අභීත් පරණවිදාන 2/65 
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 37/2 (17.5)  

ගාල්ල ඇලෝශියස් විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය  

  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 114/10 (28.5) සෙවිත දුල්මාල් 27, විහඟ තීක්ෂණ 5/35 & 12/0 
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 123/10 (43.3) මහීෂ සිතුම් 48, දුල්සත් නිම්විරු 5/28, හසිත සුරංග 3/17 

වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ වේළුවන විද්‍යාලය  

  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය – 252/10 (56.3) හෂේන් සිල්වා 76, දිනුක පෙරේරා 44, මිනිඳු පෙරේරා 4/37, මනුජය පබසර 2/35 
  • කොළඹ වේළුවන විද්‍යාලය – 73/9 (41) මනුජය පබසර 13, යසිත් සස්මිත 3/24, චලක පෙරේරා 2/23 

අද ආරම්භ වූ තරග ත්‍රිත්වයේ ම දෙවන සහ අවසන් දිනය හෙට (20) පැවැත්වීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<