සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.
මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී ඇති අතර මෙය ඔහු නිමා වූ 2023 LPL තරගාවලියේ දී ආබාධයකට ලක් වීමෙන් පසු විස්සයි විස්ස පිටියට පිවිසෙන පළමු අවස්ථාව ලෙස ද සටහන් වනු ඇති.
එක්දින කණ්ඩායමේ මෙන්ම මෙම කණ්ඩායමේ ද උප නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.
එමෙන්ම මේ වන විට සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීමේ වරම් නොලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා ද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලියට දින තීන්දුයි
- ජනිත්, මහීෂ් සහ පසුපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකාව දිනවයි
- සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- අතපත්තු මත රැදුණ 2023 කාන්තා ක්රිකට්
- සිම්බාබ්වේ තරගාවලිය සඳහා මූලික ශ්‍රී ලංකා සංචිත නම් කරයි
කෙසේ වෙතත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 22කින් සමන්විත වූ මූලික විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වූ භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් වී නැහැ.
සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක*, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය
*. පැතුම් ශරීර යෝග්‍යතාව අනුව තරගාවලියට එක් වනු ඇති.
තරගාවලියේ විස්සයි විස්ස තරග තුන එළඹෙන 14, 16 සහ 18 යන දින වල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<