නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරයි

447

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා  

මෙහි දී හේමන්ත දේවප්‍රිය මහතාගේ තේරීම් කමිටු සභාපති ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කාන්තා ක්‍රිකට් තේරීම් කටයුතු සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවට දේවප්‍රිය මහතාට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන රසාංජලී අල්විස්, ශ්‍රීපාලි වීරක්කොඩි, නිල්මිණි ගුණරත්න සහ ජයමාලි ඉන්දිකා යන අය ද ඇතුළත් වනවා. 

එළඹෙන මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෝරා ගැනීම මෙම නව තේරීම් කමිටුවේ ප්‍රථම වගකීම වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<