ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයිනේ කනිෂ්ඨ මට්ටමේ ක්‍රිකට් තේරීම් අධීක්ෂණය කිරීම සඳහා නව කනිෂ්ඨ තේරීම් කමිටුවක් නම් කර තිබෙනවා.
සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක විනෝදන් ජෝන් මහතාට හිමි වී ඇති අතර අනෙක් කමිටු සාමාජිකයින් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හසන්ත ප්‍රනාන්දු, හිටපු පළමු පෙළ ක්‍රීඩකයින් වන වරුණ වරාගොඩ, දුමින්ද වික්‍රමසිංහ සහ ෂේන් ප්‍රනාන්දු යන අයව නම් කර තිබෙනවා.
- මහිත් – දිනෙත් ත්රිත්ව ශතක සබඳතාව තෝමසුවන්ට දැවැන්ත ජයක් ගෙන දෙයි
- ලක්වින්ගේ තුන් ඉරියව් දස්කම් ධර්මරාජයට ඉනිමක ජයක් ගෙන දෙයි
- යොහාන් ප්‍රනාන්දු, ලහිරු අමරසේකර තුන් ඉරියව් දස්කම් දක්වයි
- මනිඳු හේරත්ගෙන් තුන් ඉරියව් දස්කම්; මලිත පෙරේරාගෙන් ශතකයක්
මෙම කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයෙන් පසුව සිය වැඩ බාර ගනු ඇති බවයි වාර්තා වන්නේ.
දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<