මිතුන් – රවිඳු – හසිත සහ චමත් සුවිශේෂී කඩඉම්වලට

Major Clubs Limited Over Tournament 2023/24

476
Major Club Limited Over Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (31) දවසේ දී ද පැවැති අතර එහි දී මිතුන් ජයවික්‍රම, රවිඳු රත්නායක හසිත නිර්මාල් සහ චමති ගෝමස් තම List A තරගවල හොඳම දක්ෂතා දැක් වීමට සමත් වූවා.  

ඒ අතුරින් වඩාත් කැපී පෙණුනේ Kandy Customs කණ්ඩායමේ නායක මිතුන් ජයවික්‍රම. ඔහු Ace Capital කණ්ඩායමට එරෙහිව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ List A තරග 42කින් යුත් ලැයිස්තුවේ හොඳම ඉනිමයි.  

එමෙන් ම දකුණතින් පිට දඟ පන්දු යවන ඔහු කඩුලු 2ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ද සමත් වීම කැපී පෙණුනා.  

මේ අතර දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ  Ace Capital කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන රවිඳු රත්නායක. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ List A තරග 23කින් යුත් ලැයිස්තුවේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.  

එමෙන් ම Kandy Customs කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන හසිත නිර්මාල් තම 20ක් වූ List A තරග ලැයිස්තුවේ හොඳම පන්දු යැවීමට ද අද සමත් වූවා. ඔහු Ace Capital කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 19කට දවා ගනිමින් මෙම දක්ෂතාව දැක් වූවා.  

මේ අතර 19 හැවිරිදි වියේ පසුවෙමින් Ragama කණ්ඩායම හා එක් ව සිටින දකුණතින් මඳ වේග පන්දු යවන චමත් ගෝමස් Tamil Union කණ්ඩායමට එරෙහිව ලකුණු 09කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. එය ඔහුගේ තරග 7ක් වන List A ලැයිස්තුවේ හොඳම දක්ෂතාවයි.  

දිනයේ අර්ධ ශතකලාභී අනෙක් පිතිකරු වූයේ Ace Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහිව පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. 

මේ අතර Ace Capital කණ්ඩායමේ ම දකුණතින් පිට දඟ පන්දු යවන රොෂාන් ජයතිස්ස ද ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. 

Group A 

  • Tamil Union C & AC සහ Ragama CC
    • ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ. 
    • කාසියේ වාසිය – Ragama CC 

Ragama CC – සියලුම දෙනා දැවී 92 (26.3) සංතුශ් ගුණතිලක 29, චමත් ගෝමස් නොදැවී 22, ශිරාන් ප්‍රනාන්දු 3/19, දිලුම් සුදීර 2/10, රවිඳු ප්‍රනාන්දු 4/37 

Tamil Union C & AC – කඩුලු 5ක් දැවී 94 (15.3) සිතාර හපුහින්න 19, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 39, චමත් ගෝමස් 4/09 

Tamil Union කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

Group B 

  • Kandy Customs CC සහ Ace Capital CC
    • ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර. 
    • කාසියේ වාසිය – Kandy Customs CC 

Kandy Customs CC – සියලුම දෙනා දැවී 175 (27.5) ඉමාල් ලියනගේ 34, මිතුන් ජයවික්‍රම 93, රවිඳු රත්නායක 5/41, රොෂාන් ජයතිස්ස 4/30 

Ace Capital CC – සියලුම දෙනා දැවී 126 (26.4) පවන්ත වීරසිංහ 56, මිතුන් ජයවික්‍රම 2/31, ඉමේෂ් උදයංග 2/21, හසිත නිර්මාල් 4/19 

Kandy Customs කණ්ඩායමට ලකුණු 49ක ජයක්.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<