Sebastianites සිවු වැනි ජයත් ලබයි

Major Clubs Limited Over Tournament 2023/24

799
Major Club Limited Over Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් අද (27) මග්ගොන දී පැවැති අතර එහි දී Sebastianites කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා. 

Ragama CC සහ Sebastianites C & AC කණ්ඩායම් අතර පැවැති එම තරගයෙන් Sebastianites කණ්ඩායම කඩුලු 6කින් ජයග්‍රහණය කරන ලද අතර එය ඔවුන් මෙවර තරගාවලියේදී ලත් 4 වැනි ජයග්‍රහණයයි.  

තරගයේ දී දුශාන් විමුක්ති පිතිකරුවෙක් ලෙසින් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී  ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.

ඊට අමතර ව නායක ප්‍රමෝද් මධුවන්ත පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ද එක් කළා.  

Ragama කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළා. 

  • Ragama CC සහ Sebastianites C & AC
    • ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන 
    • කාසියේ වාසිය – Sebastianites C & AC  

Ragama CC – සියලුම දෙනා දැවී 231 (49.3) නිශාන් මධුශ්ක 30, යොහාන් ලියනගේ 48, ජනිත් ලියනගේ 86, සංතුශ් ගුණතිලක 23, ඉසිත විජේසුන්දර 2/38, දුශාන් විමුක්ති 4/24 

Sebastianites C & AC – කඩුලු 4ක් දැවී 234 (39.4) රවිජ සඳරුවන් 40, දුශාන් විමුක්ති නොදැවී 75, ප්‍රමෝද් මධුවන්ත 50, සචිත ජයතිලක නොදැවී 39, යොහාන් ලියනගේ 1/20 

Sebastianites C & AC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<