පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (17) දිනයෙන් නිමා වුනේ පාකිස්තාන ක්‍රිකට් පිළිබඳ ඇති විවේචනාත්මක කතාබහ තවත් උග්‍ර කරවමිනුයි.
මෙම තරගයේ දී පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 360ක දැවැන්ත පරාජයකට මුහුණ පෑ අතර මෙහි දී ලකුණු 450ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන දෙවන ඉනිම ලකුණු 89කට සීමා වීමත් සමඟ පාකිස්තානයේ ක්‍රීඩා රටාව පිළිබඳ ඇති කතා බහ තවත් ඉහල ගියා.
පාකිස්තානය වෙනුවෙන් සමස්ත තරගයේ ම ඉහළම ලකුණු ලාභියා වූ Imam-ul-haq විසින් ලබා නැගීමට සමත් වුනේ ලකුණු 62ක් පමණයි. එමෙන්ම සිය 50 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ හිටපු නායක Babar Azam විසින් ඉනිම් දෙක තුළ දීම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 35ක් පමණයි.
“අභිලාෂය සහ තාක්ෂණය කියන දෙක ම පාකිස්තානයෙන් අතුරුදහන් වෙලා තිබුණේ. දෙවැනි ඉනිමේ පන්දුවාර 31 කින් දැවී යාම බලාපොරොත්තු සුන් කළා.
ඕස්ට්‍රේලියාව වෙනම මට්ටමක සිටියා…”
Intent and technique were both missing from Pak’s ‘resistance menu’.
Blown away in just 31overs in the second knock was disappointing. Aussies were on another level…— Ramiz Raja (@iramizraja) December 17, 2023
හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී සහ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක Ramiz Raja විසින් පාකිස්තානයේ ක්‍රීඩා රටාව එසේ විවේචනය කරනවා.
මෙම තරගයේ දී පාකිස්තාන පන්දු යැවීම යම් තරමකට හෝ සාර්ථක වුව ද හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Wasim Akram ඒ පිළිබඳ ව ද එතරම් සෑහීමකට පත් වුනේ නැහැ. මෙම තරගයේ විස්තර විචාරක කුටියේ රැඳුණු Akram තරගය පුරාවට වරින් වර පාකිස්තාන පන්දු යවන්නන් විසින් පන්දුව පතිත කරනා ස්ථාන පිළිබඳ සිය විවේචනාත්මක අදහස් පළ කර තිබුණා.
- Nathan Lyon කඩුලු ටෙස්ට් කඩුලු 500 සමාජයට
- Warnerට කී දෙයක් ගැන Johnson පසුතැවෙයි
- පාකිස්තානය සමඟ තරගයට මහීෂ් සූදානම්!
- ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුවෙහි වෙනසක්
- පරාජයක් සහ වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පිවිසෙයි
එමෙන්ම මෙම තරගයේ පාකිස්තාන පළමු ඉනිම ක්‍රියාත්මක වන අතරේ Wasim විස්තර විචාරක කුටිය තුළ ඉතා අපහසුතාවට පත් වූ බව පෙනී යන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා.
Mitch Marsh with the HUGE wicket of Babar Azam! 💪 #AUSvsPAK pic.twitter.com/n1eoqcI8xB
— Triple M Cricket (@triplemcricket) December 16, 2023
Babar Azam විසින් Mitchell Marshගේ පන්දුවකට Alex Carey අතට උඩපන්දුවක් ලබා දී දැවී යාමෙන් පසුව Akram දැක් වූ ක්ෂණික ප්‍රතිචාරයයි එම වීඩියෝ පටයේ සටහන් වී තිබුණේ.
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී ම පරාජය කිරීම එතරම් පහසු අභියෝගයක් නොවන බවයි ඊයේ තරගය නිමා වීමෙන් පසුව හිටපු එංගලන්ත නායක Michael Vaughan පවසා තිබුණේ.
Aussies are so clinical .. they have everything covered for all conditions .. Well done to @NathLyon421 on 500 Test wickets .. Incredible achievement .. Only @BCCI have the tools to compete here in Oz at this stage .. #AUSvsPAK
— Michael Vaughan (@MichaelVaughan) December 17, 2023
මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අභියෝග කිරීමට තරම් හැකියාවක් ඇති එකම රට ඉන්දියාව බවයි Vaughanගේ අදහස වන්නේ!
පාකිස්තානය ලද මෙම පරාජයත් සමඟින් ඔවුන් මෙතෙක් කල් රැක ගෙන සිටි ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය ද ඔවුන්ට අහිමි ව ගියා. මේ අනුව ලකුණු සටහනේ පළමු ස්ථානය ඉන්දියාවට හිමි වී ඇති අතර පාකිස්තානය එහි දෙවැනි ස්ථානයේ රැඳෙනවා. එමෙන්ම ඊයේ තරගය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවට හිමි වී ඇත්තේ ලකුණු සටහනේ පස් වැනි ස්ථානයයි.
මෙම පරාජයෙන් පසුව පෙර සැලසුම් කර නොතිබූ අමතර පුහුණු තරගයක් ද සිය තරග සංචාරයට ඇතුළත් කර ගැනීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
එමගින් ඕස්ට්‍රේලියානු තණතීරුවල තවත් පුහුණු වීමට හැකි වනු ඇති බවයි පාකිස්තාන පුහුණුකරු Mohommad Hafeez විසින් පවසා තිබුණේ.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<