කොළඹ අසෝක සහ යාපනය සම ශූරයන් වේ

519

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier B කොටසේ සම ශූරයන් ලෙසින් කොළඹ අසෝක විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය පත් වුනා.

අවසන් මහා තරගය (15දා) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති අතර අයහපත් කාලගුණ තත්ත්වය තරගයේ විසඳුමට හරස් වීම හේතුවෙන් මෙසේ කුසලානය දෙපිල අතර බෙදී ගියා.

අසෝක විද්‍යාලයීය කණ්ඩායම: උමේෂ් කල්දේරා (නායක), පසිඳු හිරුෂාන් (කඩුලු රකින්නා), වෙනුර කවිත්‍ර (උප නායක), බුලිත මින්තරු, තසිත නයනජිත්,  සුවන් මින්දික, ඉෂාර සඳමාල්, සසිඳු මල්ශාන්, උදයන්ත අභිලාශ, විදුර ඒශාන්.

අතිරේක ක්‍රීඩකයන්: විදුර වෙත්තසිංහ, තසිත කරුණාරත්න, මෝදිත ජයවික්‍රම, සෙනෙත් අනුජ, චතුර තීක්ෂණ, කේසර ගුණසේකර, සෙනෙත් අනුජ, චතුර තීක්ෂණ, ඉනුක පලපගේ, නෙතුල බෝෂිත, කවිඳු පලිහවඩන, රශ්මික පෙරේරා.

නිලධාරීන්: ජාලිය ජයන්ත (ක්‍රිකට් භාර අචාර්ය), ලහිරු වික්‍රමසිංහ (ප්‍රධාන පුහුණුකරු), චරිත් ගුණවර්ධන (සහාය පුහුකරු)

යාපනය මධ්‍ය මහා විද්‍යාලය: නිශාන්තන් අජෙයි  (නායක), රංජිත්කුමාර් නිව්ටන්, අරුමයිතුරල් සින්තුජාන්, කෙවින් ඩෙරික්සන්, සතාකරන් සිමිල්ටන් (කඩුලු රකින්නා), තකුතාස් අබිලාශ්, මුරලි තිසන්, වික්නේස්වරන් පරුති, සුතර්ශන් අනුශාන්ත්, ශාකදේවන් සයන්තන්, කේ. මතුසුතාන්.

අතිරේක ක්‍රීඩකයන්: ජගතීස්වරන් අශ්විතන්, ඇන්තොන්රෙෂන් අබිශේක්, අරුමයිතරයි සින්තුජාන්, ශාන්තලිංගම් රිලැක්සන්, කනේෂ්ලිංගම් මතුසුසන්ත්.

නිලධාරීන්: එස්. උතයානන් (ක්‍රිකට් භාර ආචාර්ය), ටී. ආර්. කිංස්ලි (ක්‍රීඩා භාර ආචාර්ය), එෆ්. කේ. ෂෙල්ටන් (පුහුණුකරු)

කාසියේ වාසිය දිනා ගත් අසෝක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 95ක් පමණයි. එම ඉනිම පාලනය කිරීමේ දී මුරලි තිසන් පන්දුවාර 9.3ක් යවමින් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමර ව ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ රංජිත්කුමාර් නිව්ටන් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

අසෝක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සුවන් මින්දික. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා. ඊට පසුව වැඩිම ලකුණුලාභියා වූයේ උදයන්ත අබිලාශ. ඔහු පන්දු 22ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු කරා යෑමට යාපනය මධ්‍ය විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලය, අසෝක විද්‍යාලයීය පන්දු යවන්නන්ට අමතර ව කාලගුණය සමඟ ද තියුණු තරගයකට අවතීර්ණ වුනා. හතරවටින් අඳුරු කාලගුණ තත්ත්වයන් පැමිණෙන බවට අනතුරු ඇඟවෙද්දී ඔවුන්ගේ පිතිහරඹයන් වඩාත් වේගවත් වූවා.

ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් එක් වූ රංජිත්කුමාර් නිව්ටන් සහ අරුමයිතුරල් සින්තුජාන් එක් ව පන්දු 24ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කළා. රංජිත්කුමාර් නිව්ටන් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ පන්දු 15ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියදීයි.

අනතුරුව පිටියට පිවිසි කෙවින් ඩෙරික්සන් ලකුණු නොලබා 2 වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පෙර යවන ලද අවසන් පන්දුවේ දී සතාකරන් සිමිල්ටන් ද ලකුණු 6කට දැවී ගියා. ඒ වෙද්දී පන්දු 17ක දී හතරේ පහරක් සමඟන් ලකුණු 12ක් ලබා සිටි අරුමයිතුරල් සින්තුජාන් නොදැවී පිටියේ රැදී සිටියා.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 54ක් ලෙසයි. ඔවුන් එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා වැය කර තිබුණේ පන්දු 41ක් පමණක් වන අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එක් කර තිබුණා.

යාපනය ඉනිමට එරෙහි ව කඩුලු දවා ගැනීමේ දී විදුර ඒෂාන් ලකුණු 03කට කඩුලු 2ක් දවා ගත් අතර ඉෂාර සඳමාල් කඩුල්ලක් දවා ගත්තා.

අවසන් මහා තරගය, බණ්ඩාරගම, 15 දෙසැම්බර්, 2023, Tier B, U 19 Division ii Limited Over Tournament 2023

  • o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, බණ්ඩාරගම
  • o කාසියේ වාසිය – අසෝක විද්‍යාලය

අසෝක විද්‍යාලය – සියලුම දෙනා දැවී 95 (31.3) සුවන් මින්දික 19, උදයන්ත අබිලාශ 15, රංජිත්කුමාර් නිව්ටන් 3/21, මුරලි තිසන් 5/30

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 3ක් දැවී 54 (6.5) රංජිත්කුමාර් නිව්ටන් 32, අරුමයිතුරල් සින්තුජාන් නොදැවී 12, විදුර ඒශාන් 2/03

තරගයේ විසඳුමක් නෑ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<