තිළිණ සහ වරංගනා ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා දිනා ගනී

51st Junior Nationals Badminton Championship 2023

397

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 51 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස අවුරුදු 19න් පහළ ශූරයා ලෙසින් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ තිළිණ රාජකරුණා සම්මාන දිනා ගනිද්දී එම වයස් කාණ්ඩයේ ශූරිය ලෙසින් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වරංගනා ජයවර්ධන විසින් දිනා ගත්තා. 

මෙම තරගාවලිය පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමා වූ අතර එහි දී සමස්ත බාලක ශූරතාව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය විසින් ද සහ සමස්ත බාලිකා ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගත්තා. 

ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසින් අභිශේක ලත් වරංගනා ජයවර්ධන වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල ඉසව්ව ද ජයග්‍රහණය කරන ලද අතර වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.  

ශූරතාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙසින් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ හිරුනි ඩයස් සම්මාන දිනා ගනිද්දී නැගී එන ක්‍රීඩකයා ලෙසින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ චෙනාල් දෙව්ශාන් සම්මාන දිනා ගත්තා.  

වයස අවුරුදු 11න් පහළ  

  • බාලිකා (ඒකල): කොළඹ මියුසියස් විද්‍යාලයේ මත්නරා සනුමි විසින් 2-0ක් ලෙස මිලාගිරිය සාන්ත පෝල්ස් බාලිකා විද්‍යාලයේ දිනායා හේරත් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 15-11, 15-6 

  • බාලක (ඒකල): කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ හංසක රශ්මින්ද විසින් 2-0ක් ලෙස එම විද්‍යාලයේ ම නවිතු නෙත්මිර කුමාරප්පෙරුම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 16-14, 15-5 

වයස අවුරුදු 13න් පහළ 

  • බාලිකා (ඒකල): මාතර සුජාතා විද්‍යාලයේ නිතිනි සසඳි විසින් 2-0ක් ලෙස මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ගජලි පද්මා බණ්ඩාර පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 15-7, 16-14 

  • බාලිකා (යුගල): මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ නිතිනි සසඳි සහ මනුලි මෙතාරා විසින් 2-0ක් ලෙස කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සයුනි සිතුමින කලංසූරිය සහ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ගජලි පද්මා බණ්ඩාර පරාජය කරන ලදි.

ලකුණු සටහන: 15-12, 15-10 

  • බාලක (ඒකල): කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ තමිඳු රන්දුල ප්‍රනාන්දු විසින් 2-0ක් ලෙස නාවල විදුර විද්‍යාලයේ සෙනුද නෙතිල රාජපක්ෂ පරාජය කරන ලදි.

ලකුණු සටහන: 15-5, 15-5 

  • බාලක (යුගල): කොළඹ සාන්ත ජොසප් විද්‍යාලයේ තමිඳු රන්දුල ප්‍රනාන්දු සහ නාවල විදුර විද්‍යාලයේ සෙනුද නෙතිල රාජපක්ෂ විසින් 2-0ක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සනුජ ලක්මිත බණ්ඩාර සහ සන්දිල් දෙව්මිත් පෙරේරා පරාජය කරන ලදි.

ලකුණු සටහන: 15-4, 15-9 

සමස්ත බාලක ශූරතාව දිනාගත් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ 

වයස අවුරුදු 15න් පහළ 

  • බාලිකා (ඒකල): නුගේගොඩ අනුලා විද්‍යාලයේ සිතුලි සත්නදී රණසිංහ විසින් 2-1ක් ලෙස කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ විශ්වනී වන්නිආරච්චි පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 12-21, 21-15, 21-16 

  • බාලිකා (යුගල): නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ විනුති දියත්නා රණසිංහ සහ සිතුලි සත්නදී රණසිංහ විසින් 2-0ක් ලෙසින් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ රලිඳි ඩිහංසා උමගිලිය සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සඳරුවි මිහින්දි ජයලත් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-11, 21-14 

  • බාලක (ඒකල): වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෙනෙත් අරුක්ගොඩ විසින් 2-0ක් ලෙස මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ චෙනාල් දෙව්සාන් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-10, 22-10 

සමස්ත බාලිකා ශූරතාව දිනා ගත් මාතර සුජාතා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ 

  • බාලක (යුගල): කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුත් සත්මිත පෙරේරා සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෙනෙත් අකුරුගොඩ විසින් 2-0ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පී. ජී. දිසානායක සහ ඩී. එස්. එච්. රණසිංහ පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 21-15, 21-16 

වයස අවුරුදු 17න් පහළ 

  • බාලිකා (ඒකල): බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා ලියනගේ විසින් 2-0ක් ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලක්ෂනා සජීවකුමාර් පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 21-6, 21-4 

  • බාලිකා (යුගල): නුගේගොඩ අනුලා විද්‍යාලයේ දිල්නි අම්බලන්ගොඩගේ සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සඳති දෙවිමිනි විසින් 2-1ක් ලෙසින් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සනුති ගුරුසිංහ සහ පවනි ඉඳුවරි ඉලේපෙරුම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 14-21, 21-18, 21-14 

  • බාලක (ඒකල): කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ තිදස් වේරගොඩ විසින් 2-0ක් ලෙස මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ හිරුක සහන්මිත් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-12, 21-16 

  • බාලක (යුගල): වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රන්තුක රූපතුංග සහ සනුද ආරියසිංහ විසින් 2-0ක් ලෙසින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පමිත් අත්තනායක සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ තිදස් වරාගොඩ පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-9, 21-6 

වයස අවුරුදු 19න් පහළ 

  • බාලිකා (ඒකල): කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වරංගනා ජයවර්ධන විසින් 2-0ක් ලෙසින් කුරුණෑගල සාන්ත ජෝන් කොතලාවල විද්‍යාලයේ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 21-11, 21-11 

  • බාලිකා (යුගල): කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නතාශා ගුණසේකර සහ රශ්මි මුදලිගේ විසින් 2-0ක් ලෙස කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ ඉසුරි අමන්දා ද අල්විස් සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වරංගනා ජයවර්ධන පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-14, 21-14 

  • බාලක (ඒකල): මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලයේ තිළිණ රාජකරුණා විසින් 2-1ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ අශින්ස හේරත් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 18-21, 21-19, 21-18 

  • බාලක (යුගල): ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ විදූශ සුමනදාස සහ කොළඹ රාජකීය විද්‍යාලයේ අශිංස හේරත් විසින් 2-0ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සජීද් මජීඩ් සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මන්තුක රූපතුංග පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-17, 21-18  

  • මිශ්‍ර යුගල: කොළඹ රාජකීය විද්‍යාලයේ අශින්ස හේරත් සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වරංගනා ජයවර්ධන විසින් 2-1ක් ලෙසින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ තිදස් වරාගොඩ සහ බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා ලියනගේ පරාජය කරන ලදි.

ලකුණු සටහන: 21-16, 19-21, 21-19 

ශූරතාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගයාත්‍රී අබේගුණසේකර මහත්මිය සහභාගී වූ අතර විශේෂ ආරාධිතයන් ලෙසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරිරික අධ්‍යාපනය අධ්‍යක්ෂ උපාලි අමරතුංග සහ ශ්‍රී ලංකා බැඩ්මින්ට් සංගමයේ සභාපති රෝහන ද සිල්වා යන මහත්වරුන් ද සහභාගී වූවා.