ටමාදි සහ සෆුල්ලා දක්ෂතම ශූරතා දිනයි

Junior National Table Tennis Championship 2023

652
Junior National Table Tennis Championship 2023

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සෆුල්ලා අක්‍රම් (Shafiullah Akram) ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කාවින්ද්‍යා ද සම්මාන දිනා ගත්තා. 

මේ අතර මෙවර ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරිය ලෙසින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර තේරී පත් වූ අතර ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරයා ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක ගුණවර්ධන තේරි පත් වුනා. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ටමාදි කාවින්ද්‍යා මෙම තරගාවලියේ දී ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූවා. ඇය වයස අවුරුදු 15න් පහළ සහ වයස අවුරුදු 17න් පහළ ඒකළ ශූරතාවන්ට අමතර ව එම විද්‍යාලයේ ම සිනෙත්මි තෙසන්‍යා සමඟ එක් වූ කාන්තා යුගල ශූරතාව ද දිනා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ Shafiullah Akram, වයස අවුරුදු 17න් පහළ ශූරතාව සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර සමඟ එක් වෙමින් මිශ්‍ර යුගල ශූරතාව ද දිනා ගනිමින් ද්විත්ව ශූරතාවලට හිමිකම් කීවා.  

මෙම තරගාවලිය පසුගියදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500ක් ඉක් ම වූ පිරිසක් සහභාගී වූවා. 

බාලිකා ඒකල 

වයස අවුරුදු 11න් පහළ 

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනුකි අක්ශනා විසින් 3-0ක් ලෙසින් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රනුමි පටබැඳී පරාජය කරන ලදි.

ලකුණු සටහන:  11/4, 11/5 සහ 11/8 

වයස අවුරුදු 13න් පහළ  

  • මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ යොෂිනි ජයවර්ධන විසින් 2-1ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනුකි අක්ශනා පරාජය කරන ලදි.

ලකුණු සටහන:  11/6, 13/11, 11/08 

වයස අවුරුදු 15න් පහළ 

  • අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කාවින්ද්‍යා විසින් 3-0ක් ලෙසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්ති ජයසිංහ පරාජය කරන ලදි.

ලකුණු සටහන:  11/09, 13/11, 11/08) 

වයස අවුරුදු 17න් පහළ 

  • අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කාවින්ද්‍යා විසින්  3-2ක් ලෙසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්ති ජයසිංහ පරාජය කරන ලදි. 

ලකුණු සටහන:  09/11, 06/11, 11/05, 11/07, 11/05 

වයස අවුරුදු 19න් පහළ  

  • මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් 3-2ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දිව්‍යා ධාරණි පරාජය කරන ලදි.

ලකුණු සටහන: 11/09, 11/07, 06/11, 08/11, 11/08 

කාන්තා යුගල 

  • අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය ටමාදි කාවින්ද්‍යා සහ සිනෙත්මි තෙසන්‍යා විසින් 3-1ක් ලෙසින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ මංදනී මොහොට්ටිආරච්චි පරාජය කරන ලදි.

ලකුණු සටහන: 12/10, 09/11, 11/07, 11/04 

බාලක ඒකල 

වයස අවුරුදු 11න් පහළ  

  • කොළඹ නාලන්දා විද්‍යාලයේ කෙනුර සිල්වා විසින් 3-1ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඔනෙල් ශම්මික පරාජය කරන ලදි.

ලකුණු සටහන: 11/8, 11/9, 8/11, 11/8 

වයස අවුරුදු 13න් පහළ 

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවිරු නෙත්සිත විසින් 3-2ක් ලෙසින් Kiilerspin මේස පන්දු ඇකඩමියේ අගස්ත්‍ය ආනන්දිත පරාජය කරන ලදි.

ලකුණු සටහන: 10/12, 11/09, 11/07, 06/11, 11/08 

වයස අවුරුදු 15න් පහළ  

  • කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර විසින් 3-1ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකේන් බොජිත් පරාජය කරන ලදි.

ලකුණු සටහන: 11/09, 11/06, 08/11, 15/13 

වයස අවුරුදු 17න් පහළ 

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ Shatiullah Akram විසින් 2-1ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලයේ Diran Hamer පරාජය කරන ලදි.

ලකුණු සටහන: 12/10, 11/9, 14/12 

වයස අවුරුදු 19න් පහළ 

  • කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක ගුණවර්ධන විසින් 3-2ක් ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ රෙහාන් සේනානායක පරාජය කරන ලදි. 

ලකුණු සටහන: 11/8, 11/9, 05/11, 07/11, 11/13 

මිශ්‍ර යුගල  

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ Shafiullah Akram සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් 3-0ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හරීන් නිම්දිනූ සහ දිව්‍යා චන්ද්‍රගුප්ත පරාජය කරන ලදි.

ලකුණු සටහන: 13/11, 11/08, 11/06 

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.   

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<