මිලින්ද, අවිශ්ක, අසේල සහ දුශාන් දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament 2023

594

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) දවසේත් ක්‍රීඩාංගණ කිහිපයක පැවැති අතර එහි දී මිලින්ද සිරිවර්ධන, අවිශ්ක තරිඳු සහ අසේල ගුණරත්න ශතක ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වෙද්දී පන්දු යවන්නන් අතුරින් කැපී පෙනෙන දක්ෂතාවක් කළේ දුශාන් හේමන්තයි.  

Negombo කණ්ඩායම නියෝජනය කරන මිලින්ද සිරිවර්ධන CCC කණ්ඩායමට එරෙහිව පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත් අතර  Sri Lanka Army කණ්ඩායමේ අසේල ගුණරත්න ද SSC කණ්ඩායමට එරෙහිව පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා. 

ඊට අමතර ව Ragama කණ්ඩායමේ අවිශ්ක තරිඳු Galle කණ්ඩායමට එරෙහිව පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 24ක් වන පළමු පෙළ තරගවලට හොඳම ඉනිමයි.  

පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 57කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා 

මේ අතර දිනයේ අර්ධ ශතකලාභීන් අතර Negombo කණ්ඩායමේ මාධව වර්ණපුර, Ragama කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ සංතුශ් ගුණතිලක, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, පසිඳු සූරියබණ්ඩාර සහ කවිඳු කුලසේකර, Sri Lanka Army කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ සහ SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු එක් වුනා.  

පන්දු යැවීමේ දී Kandy Customs කණ්ඩායමේ ගයාන් සිරිසෝම කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. 

Group A

Negombo CC සහ CCC

  • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක 
  • කාසියේ වාසිය – Negombo CC 

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 274 (අශේන් සිල්වා 20, මිලින්ද සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24,  අසිත ප්‍රනාන්දු 2/86, චතුරංග ද සිල්වා 2/33, අශාන් ප්‍රියංජන් 3/68) 

CCC – පළමු ඉනිම පන්දුවාර 1.3ක දී කඩුල්ලක් දැවී 3 

BRC සහ Kandy Customs CC

  •  ක්‍රීඩාංගණය – BRC 
  • කාසියේ වාසිය – BRC 

BRC – පළමු ඉනිම පන්දුවාර 63.2ක දී සියලුම දෙනා දැවී 242 (Abhishek Raman 21, රිසිර වීරසූරිය 49, දුශාන් හේමන්ත 27, දුලාශ් උදයංග 71, ජනිත් සිල්වා 28, ඉමේෂ් උදයංග 4/78, ගයාන් සිරිසෝම 5/53) 

Kandy Customs CC – පළමු ඉනිම පන්දුවාර 29.1ක දී සියලුම දෙනා දැවී 157 (සහන් කෝසල 37, රශ්මික මධුශංක 22, ඉමේෂ් උදයංග 24, ඩිල්රුවන් පෙරේරා 2/37, දුවිඳු තිලකරත්න 2/43, දුශාන් හේමන්ත 6/57) 

Galle CC සහ Ragama CC

  • ක්‍රීඩාංගණය – ගාල්ල  
  • කාසියේ වාසිය – Galle CC 

Ragama CC – පළමු ඉනිම පන්දුවාර 68.0ක දී කඩුලු 6ක් දැවී 310 (සමින්ද ප්‍රනාන්දු 60, ජනිත් ලියනගේ 78, අවිශ්ක තරිඳු 106, සංතුශ් ගුණතිලක නොදැවී 50, පසිඳු මධුශාන් 2/49) 

Nugegoda SWC සහ Panadura SC

  • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව 
  • කාසියේ වාසිය – Nugegoda SWC 

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 58.4ක දී සියලුම දෙනා දැවී 146 (සුඛිත මනෝජ් 20, රොෂාන් විජේනායක 27, Samarth Seth 21, රමින්ද විජේසූරිය 23, ඩිල්ශාන් අබේසිංහ 4/17, චලන ද සිල්වා 4/39 

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 29.0ක දී කඩුලු 3ක් දැවී 70 (තිලකරත්න සම්පත් 42, නිමේෂ් විමුක්ති 3/29) 

SSC සහ Sri Lanka Army SC

  • ක්‍රීඩාංගණය – SSC 
  • කාසියේ වාසිය – Sri Lanka Army SC 

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 56.3ක දී සියලුම දෙනා දැවී 243 (ලක්ෂාන් එදිරිසිංහ 67, අසේල ගුණරත්න 105, පැතුම් කුමාර 30, නිසල තාරක 2/55, ප්‍රභාත් ජයසූරිය 2/89, ලක්ෂිත මනසිංහ 3/28, දසුන් ශානක 3/48) 

SSC – පළමු ඉනිම පන්දුවාර 24.0ක දී කඩුලු 2ක් දැවී 143 (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 72, ෂෙවෝන් ඩැනියෙල් 32, කුසල් මෙන්ඩිස් නොදැවී 22)  

Group B 

Sebastianites C & AC සහ Tamil Union C & AC

  • ක්‍රීඩාංගණය – යුද හමුදා ක්‍රීඩාංගණය, දොඹගොඩ 
  • කාසියේ වාසිය – Tamil Union C & AC 

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර 24.3ක දී කඩුලු 4ක් දැවී 103 (සදීර සමරවික්‍රම නොදැවී 32, ධනංජය ද සිල්වා 45, තරිඳු රත්නායක 2/32 

Air Force SC සහ Bloomfield C & AC

  • ක්‍රීඩාංගණය – ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක 
  • කාසියේ වාසිය – Tamil Union C & AC 

Bloomfield C & AC – පළමු ඉනිම පන්දුවාර 38.0 (හසිත බෝයගොඩ 35, නිපුන් කරුණානායක නොදැවී 25, අදීශ තිලාංචන නොදැවී 39, ලසඳ රුක්මාල් 2/43, මොවින් සුබසිංහ 2/27, චතුර රන්දුණු 2/12

Ace Capital CC සහ Police SC

  • ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල 
  • කාසියේ වාසිය – Ace Capital  

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 40.5ක දී සියලුම දෙනා දැවී 118 (රවිඳු රත්නායක 28, දනාල් හේමන්ත 3/33, මාලින්ද පුෂ්පකුමාර 4/24 

Police SC – පළමු ඉනිම පන්දුවාර 39.0ක දී කඩුලු 6ක් දැවී 149 (ධනුජ ඉඳුවර 47, චතුරංග කුමාර 34, අශේන් බණ්ඩාර 29, රොෂාන් ජයතිස්ස 4/57) 

NCC සහ Moors SC

  • ක්‍රීඩාංගණය – NCC 
  • කාසියේ වාසිය – NCC 

Moors SC – පළමු ඉනිම පන්දුවාර 85.0ක දී කඩුලු 4ක් දැවී 322 (ජනිශ්ක පෙරේරා 71, දිනුක ඩිල්ශාන් 30, සොහාන් ද ලිවේරා 68, පසිඳු සූරියබණ්ඩාර 83, කවිඳු කුලසේකර නොදැවී 50, අශේන් ඩැනියෙල් 2/73)  

මෙම තරග සියල්ල ම හෙට (18) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<