පසුගිය දා නිමාවට පත් වූ 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් අද MAS ආයතනයේ Hive ශාලාවේ දී පැවැත්වුණා.
MAS ආයතනයේ සංවිධානයෙන් පැවති මෙම විශේෂ උපහාර උළෙල සඳහා එම ආයතනයේ නිලධාරීන්, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියා.
චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් වුනා.
එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාට උපහාර දක්වමින් සුවිශේෂී සමරු තිළිණයක් පිරිනැමීම මෙහි දී සිදු කෙරුණා.
- ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්රිත්වයක්
- WATCH – ආසියානු පැරා ජයග්රාහකයින්ට උණුසුම් පිළිගැනීමක්
- රාජකීයයින් සහ Ave Maria ක්‍රීඩිකාවන් සමස්ත ශූරතා දිනයි
- වාර්තා පහක් සමඟ දෙවැනි දිනය අවසන්
තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ට ද සිය සුවිශේෂී තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ක්‍රීඩා ඇදුම් සැපයීම MAS ආයතනය විසින් සිදු කරන අතර එය සඳහා ක්‍රීඩකයින්ගේ ද විශේෂ ස්තුතිය පුද කර සිටියා.
එමෙන්ම ජාතික පැරාලිම්පික් කමිටුව සහ MAS ආයතනය අතර තිබෙන හවුල්කාරිත්වය පිළිබඳ සිය ස්තුතිය පුද කරමින් ජාතික පැරාලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා ප්‍රකාශ කළේ,
“මෙම කෙටි කාලය තුළ MAS Holdings සහ ජාතික පැරාලිම්පික් කමිටුව අතර ඇති හවුල්කාරිත්වය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියේ සංවිධාන දෙකෙහිම ඒකායන අරමුණ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිමයෙන් සේවය කිරීම වන නිසයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට යාමේ දී MAS හී නවෝත්පාදනයක් අතිශයින් වැදගත් වෙනවා. චීනයේ පැවති තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට එම තාක්ෂණයෙන් නිර්මාණය කළ ක්‍රීඩා ඇඟලුම් ඉතා වැදගත් වුනා.”
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<