ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන පැසිපන්දු තරගය මෙම සෙනසුරාදා (04) සාන්ත ඇලෝසියස් විද්‍යාල පැසිපන්දු පිටියේ දී පැවැත්වෙනවා.
11 වැනි වතාවට පැවැත්වීමට නියමිත මෙම තරගයේ මෙවර සත්කාරකත්වය ගාල්ල සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින්ට හිමිව තිබෙන අතර තරගය සෙනසුරාදා සවස 4ට ආරම්භ වීමට නියමිතයි.
- දැල්පන්දුවේත්, පැසිපන්දුවේත් රැජින “මල්මි”
- පර්සි ජීවන ගමනින් සමුගනී
- Nations Cup කිරුළ සිංගප්පූරුවට
- බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට විශේෂ වැඩසටහනක්
මෙවර තරගයට සහභාගී වන මහින්ද විද්‍යාලයීය සංචිතය සස්මිත අබේනායක විසින් මෙහෙය වන අතර සාන්ත ඇලෝසියස් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ එම්. ශම්මි හටයි.
මේ දක්වා පැවති තරගවලින් තරග අටක් ජය ගනිමින් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් තරගාවලියේ වැඩි ගෞරව දිනා ගෙන සිටින අතර මහින්ද විද්‍යාලය මෙතෙක් ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණයි.
තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්,
- මහින්ද විද්‍යාලය: සස්මිත අබේනායක (නායක), ජේ. නෙත්සර, යූ. ජයතිලක, චමෝද් ලියනගේ, දිනුක දිල්සර, ඒ. වික්‍රමතිලක, දනිඳු නදීශාන්, කවිත්‍ර කිත්මික. එස්. සූරියආරච්චි, උඳුල නිමන්සිත්, සවිස්ක නෙත්සර, පසන් තමෝද්.
- ඇලෝසියස් විද්‍යාලය: එම්. ශම්මි, වී. පුස්සවෙල, ඩබ්. සිතුම්, එච්. කොස්වත්ත, උතුම් දේශාන්, සවිඳු කාවින්ද, අනුජ ඉන්ඳුතර, සහස් වෙනුසර, එම්. සංදේශ්, පවන් උදන්ත, ඒ. සත්සර, මාලන් පසඳ.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<