Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ඇරඹෙයි

830
Dialog Schools Rugby Knockout
ඡායාරූපයේ වමේ සිට දකුණට: Dialog Axiata PLC හි අලෙවි මෙහෙයුම් අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර ප්‍රශාන් කොස්තා මහතා. Dialog Axiata PLC හි ව්‍යාපාර ප්‍රධානී, මාධ්‍ය හා අන්තර්ගත පුබුදු අලුත්ගෙදර මහතා, Dialog Axiata PLC හි සන්නාම හා මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ භාණ්ඩාගාරික දමිත පෙරේරා මහතා

සභාපති කුසලාන, අගමැති කුසලාන සහ ජනාධිපති කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් පාසල් Dialog රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අගෝස්තු 25 වැනි සිකුරාදා ආරම්භ වෙයි.

මෙම තරගාවලියේ අවසන් තරග හැර ඉතිරි තරග සියල්ලම කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙයි.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් මුල්ම තරගය අගෝස්තු 25 වැනිදා පෙරවරු 10.00ට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර පැවැත්වෙයි. එය සභාපති කුසලාන තරගාවලියේ තරගයකි.

දෙවැනි තරගය එදින පස්වරු 2.00ට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වෙයි. දිනයේ වඩාත්ම තීරණාත්මක තරගය වන්නේ පස්වරු 4.15ට ආරම්භ

කෙරෙන ඒ කොටසේ කණ්ඩායම් දෙකක් අතර තරගය වන ඩී. එස්. සේනානායක විදුහල සහ සහිරා විදුහල අතර තරගයයි. තරගාවලියේ අනුග්‍රාහකයන් වශයෙන් සියලුම තරග www.ThePapare.com ඔස්සේ සජීවීව විකාශය කිරීමට Dialog Axiata සමාගම කටයුතු යොදා තිබේ. ජංගම දුරකතන යෙදවුමක් වන Dialog VIU ඔස්සේත් මෙම තරග නැරඹීමේ අවස්ථාව රග්බි ලෝලීන්ට තිබේ.

එලෙසින්ම Dialog TV චැනල් අංක 140 ඔස්සේත් දිවයිනේ ප්‍රධානතම Dialog පාසල් රග්බි තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග, එම විදුහල් වල සිසුන්ට, ගුරුවරුන්ට, ආදි සිසුන්ට මෙන්ම පොදු රග්බි ලෝලීන්ටත් සජීවීව නැරඹීමේ අවස්ථාව ලබෙනු ඇත.

පසුගිය වසරේ දී එක් එක් කාණ්ඩයන්හි ශූරතා දිනා ගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය (සභාපති කුසලාන), තර්ස්ටන් විද්‍යාලය (අගමැති කුසලාන) සහ ඉසිපතන විද්‍යාලය (ජනාධිපති කුසලාන) අවසන් පූර්ව වටයේ සිට තරගාවලියට එක්වෙයි.

ඒ අනුව අගෝස්තු 25 වැනිදා පැවැත්වෙන තරගවල ජයග්‍රාහකයෝ සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී සුමංගල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය සමඟින් තරග කිරීමට සූදානම් විය යුතුව තිබේ.

අගෝස්තු 25, 26 සහ 27 දිනවල දී සියලුම අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වේ. සැප්තැම්බර් 02 සහ 03 දිනවල දී, හැව්ලොක් පිටියේ දී ම, අවසන් පූර්ව තරග පැවැත්වෙයි. අවසන් මහ තරග සැප්තැම්බර් 09 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Dialog Axiata ජාතික දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

සභාපති කුසලාන රග්බි තරගාවලියට සහභාගි වන පාසල්:

පානදුර ශ්‍රී සුමංගල විදුහල (වාසි), ගාල්ල රිච්මන්ඩ් විදුහල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල, නුගේගොඩ සාන්ත ජෝන් විදුහල, නාලන්දා විදුහල, රාහුල විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල

අගමැති කුසලාන රග්බි තරගාවලියට සහභාගි වන පාසල්:

තර්ස්ටන් විදුහල (වාසි), පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, කොළඹ මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විදුහල, ආනන්ද විද්‍යාලය,

ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගි වන පාසල්

ඉසිපතන විද්‍යාලය (වාසි), ඩී. එස්. සේනානායක විදුහල, සහිරා විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල, කොළඹ සාන්ත ජෝසප් විදුහල, සාන්ත පීතර විදුහල සහ ත්‍රිත්ව විදුහල

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<