වනිඳුගේ කන්ද උඩරට LPL මෙහෙයුම

Lanka Primer League 2023

879

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සිව්වැනි අදියර නිමා වුනේ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් B-Love Kandy කණ්ඩායම ශූරතාව දිනා ගනිමින්.

ඔවුන් මෙම ජයග්‍රහණය හිමි කර ගත්තේ Dambulla Aura කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින්.

B-Love Kandy කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මාර්ගය

ප්‍රතිවාදීන් තරගයේ විසඳුම
1 Colombo Strikers Colombo Strikers කණ්ඩායමට ලකුණු 27ක ජයක්.
2 Galle Titans Galle Titans කණ්ඩායමට ලකුණු 83ක ජයක්.
3 Dambulla Aura B-Love Kandy කඩුලු 7ක ජයක්.
4 Jaffna Kings B-Love Kandy කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
5 Galle Titans B-Love Kandy කණ්ඩායමට ලකුණු 89ක ජයක්.
6 Jaffna Kings B-Love Kandy කණ්ඩායමට ලකුණු 8ක ජයක්.
7 Colombo Strikers Colombo Strikers කණ්ඩායමට ලකුණු 9ක ජයක්.
8 Dambulla Aura Dambulla Aura කණ්ඩායමට ලකුණු 20ක ජයක්.
Eliminator වටය
9 Jaffna Kings B-Love Kandy ලකුණු 61ක ජයක්.
Qualifier 2 වටය
10 Galle Titans B-Love Kandy කණ්ඩායමට ලකුණු 34ක ජයක්.
අවසන් මහා තරගය
11 Dambulla Aura B-Love Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ 2023 වසරේ ජයග්‍රාහකයන් වූ B-Love Kandy මීට පෙර ආරම්භක 2020 වසරේ දී කුසල් පෙරේරාගේ නායකත්වය යටතේ Kandy Tuskers නමින් ද, 2021 වසරේ දී ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වය යටතේ Kandy Warriors නමින් ද සහ 2022 වනිඳු හසරංගගේ නායකත්වය යටතේ Kandy Falcons නමින් ද සහ ඔහුගේම නායකත්වය යටතේ ම මෙවර B-Love Kandy නමින් ද තරගාවලියට එක් වුනා.

මෙවර ඔවුන් තරගාවලියේ පළමු වටය නිමා කරන්නේ තෙවැනි ස්ථානයේ සිටිමින්. ඒ වෙද්දී ඔවුන් තරග 8කට සහභාගී වෙමින් තරග 4ක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 8ක් ලබා සිටියේ ලකුණු ලබා ගැනීමේ දල වේගය 0.185ක් ලෙසින් පවත්වා ගනිමින්.

එහි පළමු ස්ථානය Dambulla Aura සතු වුනා. ඔවුන් තරග 8කට සහභාගී වෙමින් ජය ලබා සිටි තරග සංඛ්‍යාව 6ක්. තරග 2ක් පරාජය වෙමින් තරග 4ක් ජයග්‍රහණය කරමින් ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්. එහි ලකුණු ලබා ගැනීමේ දල වේගය 0.793ක් ලෙසින් පවත්වා ගෙන තිබුණා.

එහි දෙවැනි ස්ථානය හිමි වූයේ තරග 8කට සහභාගී වී තරග 4ක් ජයග්‍රහණය කරමින් තරග 4ක් පරාජය වී ප්‍රසාද ලකුණු 8ක් සමඟින් ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.353ක් ලබා සිටි ගාල්ල කණ්ඩායමයි.

  • B-Love Kandy කණ්ඩායම; වනිඳු හසරංග (නායක), Mujeeb Ur Rahman, Fakhar Zaman, ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, Mohammad Hasnain, දුෂ්මන්ත චමීර, සහන් ආරච්චිගේ, අශේන් බණ්ඩාර, Asif Ali, Mohammad Haris, නවෝද් පරණවිතාන, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, ලහිරු මධුශංක, මල්ෂ තරුපති, ලසිත් අබේරත්න, තනුක දාබරේ, Aamer Jamal සහ අවිශ්ක තරිඳු.

මෙවර ජයග්‍රාහකයන් වූ ඔවුන් මීට පෙර ආරම්භක වසර ද්විත්වයේ දී තම ගමන් මග නිමා කරන්නේ පළමු වටයේ තරගවලට පමණක් සීමා වෙමින් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් පසුගිය වසරේ දී ඔවුන් වනිඳු හසරංග යටතේ ම තරගාවලියට එක් වෙමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.

B-Love Kandy කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රමුඛ නියමුවා බවට ද පත් වන්නේ නායක වනිඳු හසරංග වීම විශේෂත්වයක්. ආබාධිත තත්ත්වයක් හේතුවෙන් වනිඳු අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා නොකළ ද, තරගාවලිය පුරා දැක් වූ දක්ෂතා කැපී පෙනුණා. ඔහු තරගාවලිය අවසන් කරන්නේ තම කණ්ඩායමට ජයග්‍රාහී ශූරතා කුසලානය ලබා දෙමින් පමණක් නොවේ තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගනිමින්.

B-Love Kandy වෙනුවෙන් යම් යම් ක්‍රීඩකයෝ වරින් වර දක්ෂතා දැක්වූව ද මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ගමන් මගේ දී ඔවුන්ගේ ජයග්‍රහණය, බොහෝ දෙනෙක් විශ්වාස කළේ හෝ බලාපොරොත්තු වූයේ නැහැ.

B-Love Kandy කණ්ඩායමේ මේ ප්‍රවිශ්ඨය තරමක් අවිනිශ්චිත තත්ත්වයේ වූ බැව් කාගේත් විශ්වාසයයි. ඔවුන් තරගාවලියට පිවිසින්නේ ම අසාර්ථක ආරම්භයකින්. තරග ආරම්භක පල්ලෙකැලේ තරග ද්ව්ත්වයේ දී ම ඔවුන් පරාජයට පත් වෙනවා. එය තරමක හද සසල කරවන සිදුවීමක්.

නමුත් Qualifier 2 තරගයේ දී ඔවුන් තමන්ගේ හැකියාවන් මනාව ඔප්පු කරමින් මෙම තරගාවලියේ ස්ථාවර කණ්ඩායමක් බවට පත්වුනා. එය මෙම තරගාවලියේ ඔවුන්ගේ සැබෑම තරගයයි.

ඔවුන්ට මෙම විශ්වාසය ඇති කරන්නේ මහනුවරින් කොළඹට පැමිණි දෙවැනි වටයේ තරගවල දීයි. ඔවුන් එම වටය දී පැවති තරග 4 දී ම ජයග්‍රහණය කරමින් තරගාවලියට කදිම ප්‍රවිශ්ඨයක් ලබා ගන්නවා.

එහි දී ඔවුන් Jaffna Kings අවස්ථා දෙකක දී ද සහ අවසන් මහා තරගයේ දී හමු වූ Dambulla Aura සහ Qualifier 2 තරගය සඳහා හමු වූ Galle Titans පරාජයයට පත් කරනවා.

එතැන් සිට ය, ඔවුන් අවසන් අදියරේ සටනට අවතීරණ් වන්නේ. එය පෙර ආරම්භක කොළඹ අදියරේ තරග සේ ම ඔවුන්ට අවාසනාව උදා කරනවා. එහි දී ඔවුන්ව අපහසුතාවට පත් කිරීමට කොළඹ, සහ දඹුල්ල කණ්ඩායම් කටයුතු කරනවා. එම පරාජයන් ඔවුන්ගේ ඉදිරි ගමනට තරමක අවධානම් තත්ත්වයක් ද උදා කරනවා.

එහෙත් එතැන් සිට නැවත වතාවක් තරග බිමට වඩාත් විශ්වාසවන්තනීය ආරම්භයක් ලබා ගැනීමට මේ ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් පළමු වෙන් ම පරාජයට පත් කරන්නේ පසුගිය වසරේ ශූරයන් වූ යාපනය ක්‍රීඩකයන්. එය මෙම තරගාවලියේ ඔවුන් ලැබූ වඩාත් සුවිශේෂී ම ජයග්‍රහණය වුනා.

එම තරග ජයග්‍රහණයත් සමඟින් ඔවුන් Qualifier 2 වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා. එහි දී ඔවුන්ට හමු වෙන්නේ ගාල්ල කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව ද ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගන්නා ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

B-Love Kandy වෙනුවෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

B-Love Kandy කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රමුඛයා ලෙසින් අවිවාදයෙන් තොරව නම් කළ හැකි ක්‍රීඩකයා වන්නේ නායක වනිඳු හසරංග. ඔහු මෙම තරගාවලියේ තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වමින් පෑ දක්ෂතා අනෙකුත් කණ්ඩායමක නායකයෙක් නොපෑ දක්ෂතාවක් හේතුවෙන් ඔහු මෙම තරගාවලියේ කැපී පෙනෙන ම ක්‍රීඩකයා බවට පත්වුනා.

පිතිකරුවෙක් ලෙසින් වනිඳු තරග 10ක ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් ලකුණු 279ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුනා. එම ලකුණු සංඛ්‍යාවන් එකතුවට යාපනය සහ ගාල්ල කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

පන්දු යවන්නෙක් ලෙසින් වනිඳු තරගාවලියේ දී පන්දුවාර 37ක් යවමින් කඩුලු 19ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව බවට ද පත්වුනා.

වනිදුට අමතරව කණ්ඩායම වෙනුවෙන් වැඩිම මෙහෙවරක් කළ පිතිකරු බවට පත්වුනේ දිනේෂ් චන්දිමාල්. ඔහු තරග 10ක ඉනිම් 10ක දී පිටියට පිවිසෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 259ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ දැක්වූ දක්ෂතාව තෙවැනි ස්ථානය ලෙසින් ද සටහන් වුනා.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 20,000කට වෙන්දේසි වෙමින් ප්‍රථම වතාවට LPL තරගාවලිය හා එක්වෙමින් නුවර කණ්ඩායම හා එක් වූ 22 හැවිරිදි වියේ පසුවෙන Mohammad Haris. ඔහු තරග 7ක ඉනිම් 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 213ක් ලබා ගන්නවා.

ඉන් අනතුරුව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ මහනුවර කණ්ඩායම අවසන් මහා තරගයේ දී ජයග්‍රහණය කරා මෙහෙයවමින් අවසන් මහා තරගයේ වීරයා බවට ද පත් වූ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු තරග 11ක ඉනිම් 10ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 210ක්.

මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙක් ලෙසින් වැදගත් මෙහෙවරක් කළ මැතිව්ස් අත්‍යාවශ්‍ය ම අවස්ථාවල දී පන්දු යැවීමේ නිරත වෙමින් පන්දුවාර 19ක් පමණක් යවමින් කඩුලු 7ක් දවා ගන්නවා.

එහි 5 වැනි ස්ථානය නැවත විදෙස් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට සෘජුව ම ගිවිසුම් ගත ක්‍රීඩකයෙක් ලෙසින් එක් වූ පාකිස්තානයේ Fakhar Zaman සමත් වෙනවා. ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 156ක්.

පන්දු යවන්නන් අතරින් කණ්ඩායම වෙනුවෙන් මෙන් ම තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට ද නායක වනිඳු හසරංග පත් වෙන අතර මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඉන් අනතුරුව වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වූයේ වේගපන්දු යවන නුවන් ප්‍රදීප්. ඔහු තරග 7ක ඉනිම් 7ක දී පන්දුවාර 26ක් යවමින් කඩුලු 14ක් දවා ගන්නවා.

ඉන් අනතුරු ව ඉසුරු උදාන කඩුලු 9ක් ද සහ ඇෆ්ගනිස්තානයේ දකුණතින් පිට දඟපන්දු යවමින් මෙම තරගාවලිය සමඟ සෘජුව ම ගිවිසුම් ගත ක්‍රීඩකයෙක් ලෙසින් එක් වූ Mujeeb Ur Rahman කඩුලු 8 ද ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වුනා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතුවිත්ති සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<