පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විශේෂ ගිවිසුමක්

301

ඉතිහාසයේ පළමු වරට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන් හට දේශීය ගිවිසුම් ලබා දීමට තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 74 දෙනෙකුට මාස 11ක කාලයක් සඳහා ඔවුන් මෙම ගිවිසුම් ලබා දී තිබෙන අතර එයින් ක්‍රීඩිකාවන් 59 දෙනෙකු නැගීඑන සහ 19න් පහළ ක්‍රීඩිකාවන් වීම කැපී පෙනෙනවා.

එමෙන්ම මේ පිළිබඳ අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ මෙම ගිවිසුම් ලබා දුන් ක්‍රීඩිකාවන් කිසිවක් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ගිවිසුම් සඳහා ඇතුළත් නොවන ක්‍රීඩිකාවන් බවයි.

මෙම ගිවිසුම් සඳහා ඇතුළත් ක්‍රීඩිකාවන් 74 දෙනාගෙන් 14 දෙනෙකු මීට පෙර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩිකාවන් වන අතර ඒ සඳහා Javeria Khan, Kainat Imtiaz, Anam Amin සහ Aiman Anwar යන ක්‍රීඩිකාවන් ඇතුළත්.

එමෙන්ම මෙම ක්‍රීඩිකාවන්ට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ප්‍රවීණ ක්‍රීඩිකාවක් වන Noreen Yaqoob ද මෙම ගිවිසුම් සඳහා ඇතුළත් වෙනවා.

Saleem Jaffarගේ ප්‍රධානත්වයෙන් යුත් කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබෙන අතර ගිවිසුම් සඳහා ඇතුළත් වන ක්‍රීඩිකාවන් හට තරග මුදල්, ත්‍යාග මුදල් වලට අමතරව මාසිකව යම් මුදලක් ද හිමි වන බව සඳහන්.

මෙම ගිවිසුම්වලට අමතරව කාන්තා ක්‍රිකට් සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් රට පුරා ක්‍රිකට් ඇකඩමි අටක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙය පිළිබඳ අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් කළමනාකරණ ප්‍රධානී Zaka Ashraf ප්‍රකාශ කළේ,

“ඔවුන්ගේ ඉතා කැපවීම් තුළින් මෙම ගිවිසුම් ලබා ගත් ක්‍රීඩිකාවන් 74 දෙනාට මගේ හදවතින්ම සුබ පතනවා. මේක පාකිස්තාන ක්‍රිකට් වල සුවිශේෂී අවස්ථාවක් වන අතර මෙය කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන පියවරක් වෙයි.

මේක නිකන් ගිවිසුම් අත්සන් කිරීමක් නෙවෙයි. මෙම ක්‍රීඩිකාවන්ගේ සිහින සඳහා ආයෝජනය කිරීමක්. ඔවුන් සෑම විටම ඉහළ දස්කම් පෙන්නුම් කරන නිසා ඔවුන්ට අවශ්‍ය දේ අපි ලබා දෙන්න ඕන කාලය මේක.”

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව ගිවිසුම් හිමි වූ ක්‍රීඩිකාවන්: Aima Saleem (Rawalpindi), Aimen Anwar (Karachi), Aisha Javed (Lahore), Aleena Shah (Peshawar), Aliza Khan (Karachi), Amber Kainat (Lahore), Anam Amin (Lahore), Areesha Noor Bhatti (Lahore), Arijah Haseeb (Karachi), Asma Amin (Faisalabad), Asma Shareef (Arifwala), Ayesha Asim (Quetta), Ayesha Bilal (Lahore), Ayesha Zafar (Lahore), Dina Razvi (Karachi), Dua Majid (Lahore), Fajr Naveed (Rawalpindi), Fareeha Mehmood (Lahore), Fatima Khan (Lahore), Fatima Shahid (Lahore), Fatima Zehra (Rawalpindi), Gul-e-Uswa (Multan), Gull Feroza (Multan), Gull Rukh (Dera Ghazi Khan), Haleema Azeem Dar (Lahore), Haniah Ahmer (Karachi), Humna Bilal (Rawalpindi), Huraina Sajjad (Karachi), Iram Javed (Lahore), Jannat Rasheed (Quetta), Javeria Khan (Karachi), Jaweria Rauf (Karachi), Kainat Imtiaz (Karachi), Kaynat Hafeez (Lahore), Khadija Chishti (Lahore), Kinza Wahab (Karachi), Laiba Mansoor (Rawalpindi), Laiba Nasir (Lahore), Lubna Behram (Hunza), Maham Anees (Islamabad), Maham Manzoor (Hyderabad), Maham Tariq (Karachi), Mahnoor Aftab (Peshawar), Masooma Zehra (Karachi), Momina Riasat (Abbottabad), Natalia Parvaiz (Bhimber), Neha Sharmeen Sheikh (Karachi), Noor-Ul-Eman (Bahawalpur), Noreen Yaqoob (Lahore), Quratulain Ahsen (Lahore), Rameen Shamim (Karachi), Rida Aslam (Lahore), Saba Nazir (Muridke), Saima Malik (Quetta), Saiqa Riaz (Lahore), Saira Jabeen (Chitral), Sana Talib (Rahim Yar Khan), Sania Rasheed (Rawalpindi), Shabnam Hayat (Karachi), Soha Fatima (Lahore), Subhana Tariq (Karachi), Syeda Taskyn Fatima (Karachi), Tasmia Rubab (Lahore), Tayyaba Imdad (Abbottabad), Tahzeeb Shah (Swabi), Waheeda Akhter (Lahore), Wajeeha Muneer (Multan), Warda Yousaf (Okara), Wasifa Hussain (Karachi), Yusra Amir (Karachi), Zaib-un-Nisa (Charsadda), Zamina Tahir (Lahore), Zunaira Shah (Karachi) and Zunash Abdul Sattar (Lahore).

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<