මාලදිවයින් වොලිබෝල් පිටියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින් සංචාරය 2023

1142

ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතර පැවති සුහද වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

කණ්ඩායම් ද්විත්වය තරග තුන බැගින් ක්‍රීඩා කළ අතර එම තරග සියල්ල ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වීම විශේෂත්වයක්.

කාන්තා තරගාවලිය

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය වට 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඔවුන් 25-19ක්, 25-18ක් සහ 25-17ක් ලෙස එම තරගය ජයග්‍රහණය කළා.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා කාංචනා චතුරාණි යි.

දෙවැනි තරගයේ දී මාලදිවයින් ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල වූ අතර තරග වට හතරක් දක්වා ඇදී ගිය මෙම තරගය 25-17ක්, 26-24ක්, 25-17ක් සහ 25-14ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළා. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අප්සරා සෙව්මාලි සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ අවසන් තරගය ද වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර 25-18ක්, 25-17ක් සහ 25-13ක් ලෙස අවසන් වූ මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිලිනි වාසනා සම්මාන ලැබුවා.

පිරිමි තරගාවලිය

ඉතා තියුණු සටනකින් පසු තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගය වට 25-23ක්, 25-21ක් සහ 25-18ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූ අතර එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහේල ඉන්දීවර සම්මාන දිනා ගත්තා.

දෙවැනි තරගයේ ද සිය ආධිපත්‍ය පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වට 3-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කළ අතර තරග වට 25-21ක්, 25-16ක් සහ 25-17ක් ලෙස ලකුණු සටහන දැක්වුණා. මෙම තරගයේ වීරයා ලෙස ලසිඳු මෙත්මාල් සම්මාන ලැබුවා.

සමස්ත තරගාවලිය පුරාවට රඳාවා ගත් ආධිපත්‍ය රැක ගනිමින් පිරිමි අවසන් තරගය 25-18ක්, 25-20ක් සහ 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමිනුයි.

මෙම තරගය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ මලීෂ රවිශාන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාලදිවයින් සංචාරය දැඩි ආධිපත්‍යක් රඳවා ගෙන ජයග්‍රහණය කිරීමට සමත් වුනේ කණ්ඩායම් දෙකම සහභාගී වූ තරග සියල්ල ජයග්‍රහණය කරමිනුයි.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් වොලිබෝල් පිටියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<