පසුගිය දා නිමාවට පත් වූ නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් සමඟ ශූරතාව දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වූ බවට යම් චෝදනාවක් එල්ල වුනා.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රධාන පෙළේ නැගීඑන කණ්ඩායම් වලින් බොහෝමයක අන්තර්ජාතික ක්‍රිකට් අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හෝ ඇතුළත් වී සිටියා.
එවන් වාතාවරණයක් අතරතුර ඉන්දීය A කණ්ඩායම විසින් එක් අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා නොකළ කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගී කරවීම කැපී පෙනුණා.
තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් ඉන්දීය A සහ පාකිස්තාන A කණ්ඩායම් තරග වැදුණු අතර එහි දී පාකිස්තාන A කණ්ඩායම විසින් ලකුණු 128ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ පාකිස්තාන A කණ්ඩායමට නායකත්වය දුන් Mohammad Haris හට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 8ක අත්දැකීම් තිබූ අතර, එම තරගයේ පන්දුවෙන් දක්ෂතා පෙන්වූ Mohommad Wasim Jr හට ද ජාත්‍යන්තර තරග 33ක අත්දැකීම් තිබුණා.
- වසර 5ක් පමණ පැරණි පන්දුවක් අළුබඳුනේ තීරණයට බලපෑම් කරලා?
- 2023 Road Safety World Series තරගාවලිය එංගලන්තයේ දී
- හිටපු පාකිස්තාන නායකයා නැවතත් අත්අඩංගුවට!
- ඇඬුවේ නැහැ, Pandyaට ඇඬුණා!
- ඉන්දියාවට එරෙහිව පහසු ජයක් ලැබූ පාකිස්තානය කිරුළ රැක ගනී!
එවන් ක්‍රීඩකයින් සිටීම පාකිස්තානයට අමතර වාසියක් වූ බව පිරිසක් විසින් විශ්වාස කළ ද පාකිස්තාන නායකයා වූ Mohammad Haris නම් ඊට දැක්වූවේ වෙනස් ම අන්දමේ පිළිතුරක්.
“අපි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කිව්ව ද පොඩි ළමයි තරගාවලියට එවන්න කියලා?”
ඉන්දියාවට වඩා පාකිස්තානයට අත්දැකීම් සහිත ප්‍රවීණ ක්‍රීඩකයින් සිටි නිසා එම ශූරතාව දිනා ගැනීමට හැකි වූ බවට පිරිසක් විසින් එල්ල කරන චෝදනාවට තමන් එකඟ නොවන බවයි Haris විසින් පසුගිය දිනක සහභාගී වූ Podcast සාකච්ඡාවක් අතරතුර සඳහන් කළේ.
“ජාතික කණ්ඩායම සමඟ තරග කිහිපයක් ක්‍රීඩා කල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අපි සතුව හිටියා. නමුත් ඔබ ඔවුන්ගේ පැත්ත බැලුවොත් ඔවුන්ගේ ක්‍රීඩකයින් බහුතරයක් IPL තරග 200කට පමණ මුහුණ දීලා තියෙනවා.
ඔවුන් කියනවා අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් තිබුණා කියලා. අපි ඒ වගේ තරග කීය ද ක්‍රීඩා කරලා තියෙන්නේ?
Saim (Ayub) තරග 5යි, මම තරග 6යි.
එයාලා (ඉන්දීය ක්‍රීඩකයින්) IPL තරග 260ක් ක්‍රීඩා කරලා තියෙනවා.”
එමෙන්ම ඉන්දීය කණ්ඩායම තේරීමේ බලයක් තමන්ට නොතිබූ බවත්, තමන් ඉන්දියාවෙන් එවැනි කණ්ඩායමක් එවන මෙන් ඉල්ලීම් සිදු නොකළ බවත් Haris විසින් මෙහි දී අවධාරණය කරනවා.
ඉහත නම් සඳහන් වූ පාකිස්තාන ක්‍රීඩකයින් හැරුණු කොට Tayyab Tahir (T20 තරග 3ක්), Shahnawaz Dahani (එක්දින තරග 2, T20 තරග 11ක්), Amir Jamal (T20 තරග 2ක්) සහ Arshad Iqbal (එක් T20 තරගයක්) යන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිතව පාකිස්තාන A සංචිතය නියෝජනය කළා.
කෙසේ වෙතත් අනෙක් පසින් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ කිසිදු ක්‍රීඩකයෙකු හට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොතිබූ නමුත් නායක Yash Dhull, Sai Sudharsan, Abhishek Sharma, Riyan Parag, Dhruv Jurel, Harshit Rana සහ Rajvardhan Hangargekar වැනි ක්‍රීඩකයින්ට IPL අත්දැකීම් තිබූ බව සඳහන් කළ යුතුයි.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Times of India ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<