2023-25 ICC ලෝක ටෙස්ට් ක්රිකට් ශූරතාවලියේ පළමු ප්රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා.
ඒ ශ්රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි.
තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා.
දිනයේ පළමු පන්දුවාර 8 රමේෂ් මෙන්ඩිස් සහ ප්රභාත් ජයසූරිය විසින් අන්ත දෙකෙන් ක්රියාත්මක කළ නමුත් දිනයේ ආරම්භක පන්දු 32ක තුල ලකුණු 31ක් ලබා ගනිමින් ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන Babar Azam සහ Imam-ul-Haq පන්දුවට පහර දීම සිදු කළා.
ඔවුන් දෙදෙනා එක්ව පන්දු 45ක් තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවූ අතර කොටුපවුර අන්තයෙන් පන්දු යැවීම සිදු කළ ප්රභාත් ලකුණු 24ක් ලබාගෙන සිටි Babar Azamගේ කඩුල්ල දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගෙනයි.
- ප්රභාත්ගෙන් කඩුලු 50ක්; පාකිස්තානය ලකුණු 83ක් පසුපසින්
- බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්
- ප්රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්රී ලංකාවට තර්ජනයක්
- පාකිස්තානු මුල්පෙළ අභිබවා පසුපෙළ පිතිකරුවන් පෙරමුණට
- ඕෂදගේ ශතකයෙන් ශ්රී ලංකා ගෞරවය රැකෙයි
ගාල්ල තණතීරුවේ දඟ කැවීම ක්රමයෙන් වැඩි වන පසුබිමක Imam-ul-Haq සමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහර දීම සිදු කළා. ශ්රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබා දීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්රතිචාර ලබා දෙමින් ඉක්මනින් ලකුණු ලබා ගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුල ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූ Imam-ul-Haq – Saud Shakeel සබඳතාවය තිත තබමින් පළමු ඉනිමේ දී සිය මංගල ද්විත්ව ශතකය ලබාගෙන නොදැවී ක්රීඩා කළ Shakeelගේ ඉනිම ලකුණු 30කට දවා ගත් රමේෂ් පාකිස්තාන දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ දැමුවා.
සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 8 වැනි සහ ශ්රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් Imam පන්දු 84ක දී සිය අර්ධ ශතකය ලබා ගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි. Sarfaraz Ahmed ඒක ලකුණයි. පන්දු යැවීමේ දී ප්රභාත් පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තා.
අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 4 | 9 | 0 | 0 | 44.44 |
Dimuth Karunaratne | c Safraz Ahmed b Shaheen Shah Afridi | 29 | 43 | 6 | 0 | 67.44 |
Kusal Mendis | c Agha Salman b Shaheen Shah Afridi | 12 | 14 | 3 | 0 | 85.71 |
Angelo Mathews | c Sarfaraz Ahmed b Abrar Ahmed | 64 | 109 | 9 | 0 | 58.72 |
Dinesh Chandimal | c Babar Azam b Naseem Shah | 1 | 6 | 0 | 0 | 16.67 |
Dhananjaya de Silva | c Shan Masood b Naseem Shah | 122 | 214 | 12 | 3 | 57.01 |
Sadeera Samarawickrama | c Imam-ul-Haq b Agha Salman | 36 | 57 | 5 | 0 | 63.16 |
Ramesh Mendis | c Babar Azam b Abrar Ahmed | 5 | 40 | 1 | 0 | 12.50 |
Prabath Jayasuriya | c Sarfaraz Ahmed b Naseem Shah | 4 | 29 | 0 | 0 | 13.79 |
Kasun Rajitha | c Abdullah Shafique b Abrar Ahmed | 8 | 24 | 1 | 0 | 33.33 |
Vishwa Fernando | not out | 21 | 28 | 2 | 1 | 75.00 |
Extras | 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 312/10 (95.2 Overs, RR: 3.27) |
Fall of Wickets | 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 24 | 3 | 86 | 3 | 3.58 | |
Naseem Shah | 22 | 2 | 90 | 3 | 4.09 | |
Abrar Ahmed | 31.2 | 9 | 68 | 3 | 2.18 | |
Agha Salman | 5 | 1 | 18 | 1 | 3.60 | |
Nauman Ali | 13 | 2 | 45 | 0 | 3.46 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 19 | 28 | 3 | 0 | 67.86 |
Imam-ul-Haq | c Kamil Mishara b Kasun Rajitha | 1 | 10 | 0 | 0 | 10.00 |
Shan Masood | lbw b Ramesh Mendis | 39 | 30 | 5 | 1 | 130.00 |
Babar Azam | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 13 | 16 | 2 | 0 | 81.25 |
Saud Shakeel | not out | 208 | 361 | 19 | 0 | 57.62 |
Sarfaraz Ahmed | lbw b Prabath Jayasuriya | 17 | 15 | 3 | 0 | 113.33 |
Agha Salman | st Sadeera Samarawickrama b Ramesh Mendis | 83 | 113 | 9 | 1 | 73.45 |
Nauman Ali | lbw b Ramesh Mendis | 25 | 57 | 4 | 0 | 43.86 |
Shaheen Shah Afridi | lbw b Vishwa Fernando | 9 | 14 | 2 | 0 | 64.29 |
Naseem Shah | b Ramesh Mendis | 6 | 78 | 1 | 0 | 7.69 |
Abrar Ahmed | c Angelo Mathews b Ramesh Mendis | 10 | 12 | 1 | 1 | 83.33 |
Extras | 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0) |
Total | 461/10 (121.2 Overs, RR: 3.8) |
Fall of Wickets | 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 18 | 1 | 69 | 1 | 3.83 | |
Kasun Rajitha | 19 | 1 | 77 | 1 | 4.05 | |
Prabath Jayasuriya | 35 | 3 | 145 | 3 | 4.14 | |
Ramesh Mendis | 42.2 | 2 | 136 | 5 | 3.22 | |
Dhananjaya de Silva | 7 | 1 | 17 | 0 | 2.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sarfaraz Ahmed b Nauman Ali | 52 | 115 | 7 | 1 | 45.22 |
Dimuth Karunaratne | c Agha Salman b Abrar Ahmed | 20 | 27 | 4 | 0 | 74.07 |
Kusal Mendis | lbw b Nauman Ali | 18 | 45 | 2 | 0 | 40.00 |
Angelo Mathews | c Babar Azam b Nauman Ali | 7 | 21 | 1 | 0 | 33.33 |
Dinesh Chandimal | c Imam-ul-Haq b Agha Salman | 28 | 64 | 3 | 0 | 43.75 |
Dhananjaya de Silva | c Sarfaraz Ahmed b Shaheen Shah Afridi | 82 | 118 | 10 | 2 | 69.49 |
Sadeera Samarawickrama | c Abdullah Shafique b Agha Salman | 11 | 11 | 2 | 0 | 100.00 |
Ramesh Mendis | lbw b Abrar Ahmed | 42 | 79 | 3 | 1 | 53.16 |
Prabath Jayasuriya | c Shan Masood b Shaheen Shah Afridi | 10 | 11 | 2 | 0 | 90.91 |
Vishwa Fernando | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Shan Masood b Abrar Ahmed | 5 | 3 | 0 | 0 | 166.67 |
Extras | 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 279/10 (83.1 Overs, RR: 3.35) |
Fall of Wickets | 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 13 | 0 | 64 | 2 | 4.92 | |
Naseem Shah | 12 | 2 | 32 | 0 | 2.67 | |
Agha Salman | 9 | 0 | 39 | 2 | 4.33 | |
Abrar Ahmed | 24.1 | 5 | 68 | 3 | 2.82 | |
Nauman Ali | 25 | 5 | 75 | 3 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 8 | 18 | 1 | 0 | 44.44 |
Imam-ul-Haq | not out | 50 | 84 | 4 | 0 | 59.52 |
Shan Masood | c Nishan Madushka b Prabath Jayasuriya | 7 | 11 | 1 | 0 | 63.64 |
Nauman Ali | run out (Ramesh Mendis) | 0 | 7 | 0 | 0 | 0.00 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 24 | 28 | 5 | 0 | 85.71 |
Saud Shakeel | c Sadeera Samarawickrama b Ramesh Mendis | 30 | 38 | 6 | 0 | 78.95 |
Sarfaraz Ahmed | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 10 | 0 | 0 | 10.00 |
Agha Salman | not out | 6 | 1 | 0 | 1 | 600.00 |
Extras | 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 133/6 (32.5 Overs, RR: 4.05) |
Fall of Wickets | 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 2 | 1 | 6 | 0 | 3.00 | |
Ramesh Mendis | 14 | 1 | 62 | 1 | 4.43 | |
Prabath Jayasuriya | 14.5 | 0 | 56 | 4 | 3.86 | |
Dhananjaya de Silva | 2 | 1 | 2 | 0 | 1.00 |
තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<