ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 9ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (27) සමත් වුනා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.
ඒ සමඟ ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ තෙවැනි ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2ක් සමඟින් තරග 3කින් සමන්විත මේ එක්දින තරගාවලිය ද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 170ක්. මේ තරගයේ ඉනිමක් පන්දුවාර 28කට සීමා වුනේ තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.
Amelia Kerr ලකුණු 40ක් ලබාගෙන දස්කම් දක්වන විට, Maddy Green ලකුණු 38ක් ලබාගෙන නවසීලන්ත ඉනිමේ මැදපෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අභියෝග කරන නවසීලන්ත ක්‍රීඩිකාවෝ
- නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
- ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි
- නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- 23න් පහළ දිස්ත්‍රික් විස්සයි විස්ස කාන්තා ශූරතාව ගාල්ලට
ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 28ක් තුල ලකුණු 172 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27ක් තුල මේ ඉලක්කය හඹා යමින් තරගය ජයගෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කළේ නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කරමිනුයි.
එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට චමරි අතපත්තු සහ යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න සමත් වුනා. එම සබඳතාවය ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනංවා තිබෙන හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක් වුනා.
වයස අවුරුදු 17ක් වන විශ්මි ගුණරත්න ඇයගේ මංගල එක්දින අර්ධ ශතකය ලබාගෙන දස්කම් දක්වන විට, නායකත්වයේ ඉනිමක් දියත් කළ අතපත්තු ඇයගේ 7 වැනි එක්දින ශතකය ලබාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි සජීව විකාශය ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Suzie Bates | b Kavisha Dilhari | 28 | 35 | 2 | 0 | 80.00 |
Bernadine Bezuidenhout | c & b Sugandika Kumari | 13 | 13 | 2 | 0 | 100.00 |
Amelia Kerr | c Udeshika Prabodhani b Inoka Ranaweera | 40 | 51 | 3 | 0 | 78.43 |
Sophie Devine | run out (Inoka Ranaweera) | 19 | 14 | 1 | 1 | 135.71 |
Maddy Green | run out (Inoshi Priyadarshani) | 38 | 30 | 3 | 1 | 126.67 |
Georgia Plimmer | not out | 23 | 25 | 2 | 0 | 92.00 |
Brooke Halliday | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 4 , lb 1 , nb 1, w 2, pen 0) |
Total | 170/5 (28 Overs, RR: 6.07) |
Fall of Wickets | 1-17 (4.2) Bernadine Bezuidenhout, 2-77 (14.6) Suzie Bates, 3-89 (17.4) Amelia Kerr, 4-105 (19.4) Sophie Devine, 5-168 (27.3) Maddy Green, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udeshika Prabodhani | 6 | 0 | 38 | 0 | 6.33 | |
Oshadi Ranasinghe | 5 | 0 | 32 | 0 | 6.40 | |
Sugandika Kumari | 6 | 0 | 28 | 1 | 4.67 | |
Kavisha Dilhari | 5 | 0 | 26 | 1 | 5.20 | |
Inoka Ranaweera | 6 | 0 | 41 | 1 | 6.83 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | not out | 108 | 83 | 10 | 5 | 130.12 |
Vishmi Gunaratne | c Brooke Halliday b Sophie Devine | 50 | 74 | 3 | 0 | 67.57 |
Harshitha Samarawickrama | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Extras | 10 (b 2 , lb 0 , nb 0, w 8, pen 0) |
Total | 172/1 (27 Overs, RR: 6.37) |
Fall of Wickets | 1-159 (25.1) Vishmi Gunaratne, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lea Tahuhu | 4 | 0 | 26 | 0 | 6.50 | |
Sophie Devine | 4 | 0 | 20 | 1 | 5.00 | |
Fran Jonas | 5 | 0 | 31 | 0 | 6.20 | |
Eden Carson | 6 | 1 | 27 | 0 | 4.50 | |
Amelia Kerr | 6 | 0 | 46 | 0 | 7.67 | |
Hannah Rowe | 1 | 0 | 9 | 0 | 9.00 | |
Suzie Bates | 1 | 0 | 11 | 0 | 11.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<