අකිල සහ නුවනිඳු දවස වර්ණවත් කරයි

අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

1188

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය තෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ දෙවැනි දිනය (24) නිමා වෙද්දී, පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට අකිල ධනංජය සමත් වෙද්දී, දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට නුවනිඳු ප්‍රනාන්දු සමත් වුනා.  

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන අකිල ධනංජය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 61කට කඩුලු 8ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

දවසේ හොඳම ඉනිම වාර්තා කළ පිතිකරු වූයේ SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු ගාල්ලට එරෙහිව පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සමඟින් ලකුණු 157ක් ලබා ගත්තා. 

ඊට අමතරව කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක සංගීත් කුරේ පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 125ක් ද, රාගම ක්‍රිකට් සමාජයේ ලහිරු තිරිමාන්න BRC කණ්ඩායමට එරෙහිව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා.  

එමෙන් ම ACE කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 125ක් ලබා ගනිද්දී NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල අද තම ශතකය එක් ලකුණකින් අහිමිකර ගත් අවාසනාවන්තයා බවට පත්වුනා. ඔහු දැවී යන විට පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 99ක් ලබා සිටියා.  

ඊට අමතර ව අද දවසේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුව මේ ලෙසින් සැකසුණා.  

BRC කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ, මූවර්ස් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ෂමාස් සහ ලහිරු සමරකෝන්, කුරුණෑගල යොවුන් කණ්ඩායමේ සනෝජ් දර්ශික, NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ සහ අසේල් සිගේරා, හලාවත මේරියන්ස් කණ්ඩායමේ පුලින තරංග, SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් සහ නිපුන් ධනංජය, බදුරලිය කණ්ඩායමේ යසිත් රූපසිංහ, ACE කැපිටල් කණ්ඩායමේ රවිඳු රත්නායක, හර්ෂ කුරේ සහ සකුන් ලියනගේ, යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සහ දිනේෂ් චන්දිමාල්, පානදුර සුඛිත මනෝජ් ඊට අයත් වෙනවා.  

පන්දු යැවීමේ දී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ කඩුලු 5ක් දවා ගනිද්දී රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ, ගුවන් හමුදාවේ මොවින් සුබසිංහ සහ නුගේගොඩ කණ්ඩායමේ චලන ද සිල්වා කඩුලු 4 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

A කාණ්ඩය  

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සහ කෝල්ට්ස්තර්ස්ටන් පිටියේ දී 

  • කෝල්ට්ස්පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (74.3) ධනංජය ලක්ෂාන් 69, ඇන්ජලෝ මැතිව්ස් 124, ගයාන් සිරිසෝම 3/66, මිතුන් ජයවික්‍රම 3/83, යොහාන් මද්දගේ 3/67 
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (44) සදීශ් ජයවර්ධන 22, අභිශේක් ගුප්තා 45, මධුර මධුශංක නොදැවී 44, අකිල ධනංජය 8/61 
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 275 (61) යශෝධ ලංකා 47, සංගීත් කුරේ නොදැවී 125, ධනංජය ලක්ෂාන් 56, විශාද් රන්දික  29, ගයාන් සිරිසෝම 2/76, මිතුන් ජයවික්‍රම 2/93  

BRC සහ රාගම ක්‍රීඩා සමාජය – BRC  

  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (83.3) ජනිත් ලියනගේ 76, සංජය චතුරංග 102, මොහොමඩ් ශිරාෂ් 3/47, ඩිල්රුවන් පෙරේරා 3/67 
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (42.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, ලක්ෂාන් ගමගේ 52, කල්හාර සේනාරත්න 3/23, ශෂික දුල්ශාන් 2/45, ජනිත් ලියනගේ 4/18 
  • රාගම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 221 (51) සමින්ද ප්‍රනාන්දු 23, ලහිරු තිරිමාන්න නොදැවී 103, රන්මිත් ජයසේන 34 

SSC සහ ගාල්ල ක්‍රිකට් සමාජය – SSC 

  • ගාල්ලපළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (73.3) රුවන්ත කැල්ලෙපොත 87, නිසල තාරක 5/58 
  • SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 421 (96) නුවනිඳු ප්‍රනාන්දු 157, ෂෙවෝන් ඩැනියෙල් 64, නිපුන් ධනංජය 69, රනුද සෝමරත්න 33, ලක්ෂිත මනසිංහ 22, නිසල තාරක නොදැවී 30, උමේග චතුරංග 3/76, රුවන්ත කැල්ලෙපොත 3/101 

යුද හමුදාව සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය පනාගොඩ  

  • නුගේගොඩපළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (47.3) රාහුල් ගුණසේකර 49, ෂෙහඳ සොයිසා 6/45 
  • යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 277 (85) අශාන් රන්දික 41, ලක්ෂාන් එදිරිසිංහ 76, දිනේෂ් චන්දිමාල් 76, ෂෙහඳ සොයිසා 52, චලන ද සිල්වා 4/75, තරිඳු කෞෂාල් 3/88 
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (11) 

පානදුර සහ මීගමුව ක්‍රිකට් සමාජ පානදුර 

  • මීගමුවපළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (72.1) දිමුතු සඳරුවන් 97, නිමේෂ් විමුක්ති 4/58, කොෂාන් දනුශ්ක 4/70 
  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (46.2) රොශාන් විජේනායක 35, සුකිත මනෝජ් 54, චනුර ප්‍රනාන්දු 2/14, නිශාන් පීරිස් 3/59, ධනුශ්ක සඳරුවන් 3/50 
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 63 (27) විශ්ව ලහිරු 2/10 

B කාණ්ඩය 

මූවර්ස් සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජමූවර්ස්  

  • කුරුණෑගලපළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (33.3) ඩිල්හාර පොල්ගම්පොළ 26, මිලාන් රත්නායක 3/18, ලහිරු සමරකෝන් 3/24 
  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 404 (80.3) සොහාන් ද ලිවේරා 96, මොහොමඩ් ෂමාස් 79, ජනිශ්ක පෙරේරා 28, ලහිරු සමරකෝන් 79, ඩිලංක අවර්ඩ්ට් 3/108, සනෝජ් දර්ශික 2/67 
  • කුරුණෑගල – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 224 (58) ඩිල්ශාන් කොල්ලුරේ 21, සමිට් ගොහෙල් 69, සනෝජ් දර්ශික 51, අසන්ත බස්නායක නොදැවී 31, නවින් ප්‍රනාන්දු නොදැවී 40, මිලාන් රත්නායක 2/38, ප්‍රවීන් ජයවික්‍රම 2/73 

NCC සහ පොලිස් – NCC  

  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 370 (107.1) කුසල් පෙරේරා 62, ගිටන්ස් කෙහෙරා 68, අශේන් බණ්ඩාර 112, චාමික ගුණසේකර 2/63, නිපුන් රන්සික 3/68, ලසිත් ඇඹුල්දෙණිය 2/104, අසේල් සිගේරා 2/46 
  • NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 336 (70) නිරෝෂන් දික්වැල්ල 99, ලහිරු උදාර 37, අහන් වික්‍රමසිංහ 81, අසෙල් සිගේරා 54, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 2/88, නලින් ප්‍රියංකර 3/104, ප්‍රියමාල් පෙරේරා 2/16 

ගුවන් හමුදාව  සහ හලාවත මේරියන්ස් කටුනායක  

  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (86.2) සහීල් ඩයස් 94, ලසිත් ලක්ෂාන් 4/53 
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 325 (91) ලසිත් ලක්ෂාන් 22, කසුන් විදුරංග 35, නිනාද් කාදම් 86, පුලින තරංග 88, ලසඳ රුක්මාල් 3/82, මොවින් සුබසිංහ 4/74 

බදුරලිය සහ සෙබස්තියනයිට්ස්මග්ගොන  

  • බදුරලියපළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (43) තරිඳු සිරිවර්ධන 28, මොහොමඩ් ඩිල්ශාඩ් 5/47 
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (51.3) ඉසිවර දිසානායක 36, චාමිකර එදිරිසිංහ 35, චානක කොමසාරු 3/55, අලංකාර අසංක 2/16 
  • බදුරලියදෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 178 (50.4) යසිත් රූපසිංහ 63, අනුක් ප්‍රනාන්දු 24, මොහොමඩ් ඩිල්ශාඩ් 2/08, තරිඳු රත්නායක 3/64, චාමිකර එදිරිසිංහ 5/69 
  • සෙබස්තියනයිට්ස්දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 65 (24) තුලින ඩිල්ශාන් 27, චානක කොමසාරු 2/32 

බ්ලූම්ෆීල්ඩ් සහ ACE කැපිටල් බ්ලූම්ෆීල්ඩ්  

  • බ්ලූම්ෆීල්ඩ්පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (85.3) හසිත බෝයගොඩ 93, රොෂාන් ජයතිස්ස 6/70 
  • ACE කැපිටල් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 410 (92) පවන්ත වීරසිංහ 125, රවිඳු රත්නායක 77, හර්ෂ කුරේ 68, සකුන් ලියනගේ නොදැවී 77, හිමේෂ් රාමනායක 2/39, රජේන්ද්‍ර අරවින්ත් 4/99 

මේ සියලු තරග අද (25) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<