මැතිව්ස්, සංජය, ශෙෂද සහ රොහාන්ගෙන් කැපී පෙනෙන දස්කම්

අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

1791
අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය අද (23) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසක දී ආරම්භ වුනා.

කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන මේ තරගාවලියේ අද තරග 10ක පළමු දිනය ක්‍රියාත්මක වුනු අතර එහි දී ශතක දෙකක් සහ කඩුලු 5 අවස්ථා 4ක් වාර්තා වීම කැපී පෙනුණා.

කෝල්ට්ස් සහ කැන්ඩි කස්ටම්ස් අතර පැවති තරගයේ දී කෝල්ට්ස් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ශතකය (ලකුණු 124) නිසාවෙන් ඔවුන්ට සිය පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගැනීමට හැකි වුනා. මැතිව්ස්ගේ ඉනිම 4 පහර 10කින් සහ 6 පහර 6කින් වර්ණවත් වුනු අතර එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 27 වැනි ශතකයි.

රාගම ක්‍රිකට් සමාජයේ මැදපෙළ පිතිකරු සංජය චතුරංග දිනයේ වාර්තා වුනු අනෙක් ශතකයේ හිමිකරු වුනා. එහි දී ඔහු ලකුණු 102කට දැවී ගිය අතර එය ඔහුගේ දෙවැනි පළමු පෙළ ශතකය බවට පත්වුනා. ඊට අමතරව රුවන්ත කැල්ලෙපොත, දිමුත් සඳරුවන්, සාහිල් ඩයස්, සොහාන් ද ලිවේරා සහ හසිත බෝයගොඩ යන ක්‍රීඩකයින් ශතක ආසන්නයට පැමිණි නමුත්, ඔවුන්ගේ ශතක සපුරා ගැනීමට හැකි වුනේ නැහැ.

යුද හමුදා ක්‍රීඩා සමාජයේ ශෙෂද සොයිසා ලකුණු 46කට කඩුලු 6ක් දවාගෙන නුගේගොඩ ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 149කට සීමා කළා. 23 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන ශෙෂදගේ හොඳම පළමු පෙළ පන්දු යැවීමේ දස්කම එයයි. ඊට අමතරව රොහාන් ජයතිස්ස ACE කැපිටල් වෙනුවෙන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 අවස්ථාවක් සාර්ථක කරගෙන දස්කම් දැක්වූවා.

දිනයේ වාර්තා වුනු අනෙක් කඩුලු 5 අවස්ථා දෙකම මොහොමඩ් ඩිල්ෂාඩ් සහ නිසල තාරක යන වේගපන්දු යවන්නන්  දෙදෙනාගෙන් වාර්තා වීම කැපී පෙනුණා.

ලකුණු සාරාංශයන්,

නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

  • නුගේගොඩ – 149 (47.3): රාහුල් ගුණසේකර 49, ශෙෂද සොයිසා 6/46

ගාල්ල ක්‍රිකට් සමාජය සහ SSC

  • ගාල්ල – 244 (73.3): රුවන්ත කැල්ලෙපොත 87*, නිසල තාරක 5/58, කලන පෙරේරා 3/45
  • SSC – 33/1 (6)

කැන්ඩි කස්ටම්ස් සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

  • කෝල්ට්ස් – ඇන්ජලෝ මැතිව්ස් 124, ධනංජය ලක්ෂාන් 69, ගයාන් සිරිසෝම 3/66, යොහාන් සුරේෂ් 3/67, මිතුන් ජයවික්‍රම 3/83
  • කැන්ඩි කස්ටම්ස් – 63/2 (17)

මීගමුව ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය

  • මීගමුව – 177/4 (50): දිමුත් සඳරුවන් 87*, කොශාන් ධනුෂ්ක 3/44

රාගම ක්‍රිකට් සමාජය සහ BRC

  • රාගම – 305 (83.3): සංජය චතුරංග 102, ජනිත් ලියනගේ 76, මොහොමඩ් ඩිල්ෂාඩ් 3/47, දිල්රුවන් පෙරේරා 3/67
  • BRC – 10/0 (6)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය

  • කුරුණෑගල – 90 (23): මිලාන් රත්නායක 3/18, ලහිරු සමරකෝන් 3/24
  • මුවර්ස් – 240/5 (51): සොහාන් ද ලිවේරා 96, මොහොමඩ් ශමාස් 58*

ගුවන් හමුදාව සහ හලාවත මේරියන්ස්

  • ගුවන් හමුදාව – 242 (86.2): සාහිල් ඩයස් 94, කෙමිර විජේසිංහ 34, ලසිත් ලක්ෂාන් 4/53, පුලින තරංග 3/62
  • හලාවත මේරියන්ස් – 1/0 (1):

පොලිස් ක්‍රීඩා සමාජය සහ NCC

  • පොලිස් – 310/6 (90): අශේන් බණ්ඩාර 74*, Gitansh Khera 68, කුසල් පෙරේරා 62, නිපුන් රන්සික 3/47

සෙබස්තියනයිට්ස් සහ බදුරලිය

  • බදුරලිය – 137 (43): මොහොමඩ් ඩිල්ෂාඩ් 5/47
  • සෙබස්තියනයිට්ස් – 85/7 (33): Parvez Rasool 4/37, චානක කොමසාරු 3/49

බ්ලූම්ෆීල්ඩ් සහ ACE කැපිටල්

  • බ්ලූම්ෆීල්ඩ් – 304 (85.4): හසිත බෝයගොඩ 93, සඳුන් වීරක්කොඩි 47, නිපුන් කරුණානායක 44, රොහාන් ජයතිස්ස 6/70, වනුජ සහන් 3/82
  • ACE කැපිටල් – 12/0 (2):

මේ තරග සියල්ලම හෙට (24) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<