ඇමරිකානු ක්‍රීඩකයාට විශේෂ තහනමක්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

838

සැක සහිත පන්දු යැවීමේ ඉරියව්ව නිසා ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Kyle Phillipට වහාම ක්‍රියාත්මක වන පරිදි පන්දු යැවීමේ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඇමරිකාව සහභාගී වූ පළමු තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවරුන් විසින් වාර්තා කර තිබූ අතර එම තරගයේ දී ඔහු කඩුලු තුනක් දවා ගත්තා.

මෙම තහනම පනවන අවස්ථාවේ දී ඇමරිකා කණ්ඩායම තවත් ගැට‍ලුවකට මුහුණ දී තිබෙන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකට උණ රෝගයක් වැළඳී තිබෙන නිසයි.

පළමු තරගයේ දී ඔහුගේ ඉරියව්ව සැක සහිත බව වාර්තා කළත්, ඔහු නේපාලය සමඟ පැවති දෙවැනි තරගය ද ක්‍රීඩා කළ අතර පසුව ඔහුට පන්දු යැවීම තහනම් කිරීමට ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට කිසිදු ජාත්‍යන්තර තරගයක පන්දු යැවීම තහනම් වන අතර නැවත පන්දු යැවීමට නම් ඔහුගේ ඉරියව්ව ICC විනිසුරු මඩුල්ලක් යටතේ හෝ පරීක්ෂණ ස්ථානයක නිවැරදි බව පරික්ෂා කළ යුතුයි.

මෙම තහනමත් සමඟ ඔහුට Major League Cricket තරගාවලියේ සහභාගීත්වය ද අවිනිශ්චිත වන අතර ඔහුව MI New York කණ්ඩායමෙන් මිල දී ගෙන තිබුණා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<