එළඹෙන 14 වැනිදා කොළඹ Shangri-La හෝටලයේ දී පැවැත්වීමට නියමිත 2023 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා ක්‍රීඩකයින් 355කගේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් 355 දෙනාගෙන් ක්‍රීඩකයින් 202ක් දේශීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 153 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා. විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් පාකිස්තාන ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 34ක්. ඊට අමතරව ඕස්ට්‍රේලියානු සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් 24 දෙනෙක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 17 දෙනෙකු සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 10 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් ලැයිස්තුවට ඇතුළත්.
- Colombo Strikers හි පුහුණුකරුවන් නම් කරයි
- ජයසූරියට LPL හි විශේෂ වගකීමක්
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව තාක්ෂණික කමිටුවක්
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපේ ප්‍රතිවාදීන්
Tamim Iqbal (බංග්ලාදේශය), Chris Lynn (ඕස්ට්‍රේලියාව), Evin Lewis (බටහිර ඉන්දීය කෙදෙව්), Lendl Simmons (බටහිර ඉන්දීය කෙදෙව්), Imad Wasim (පාකිස්තානය), Tim Seifert (නවසීලන්තය), Rassie Van Der Dussen (දකුණු අප්‍රිකාව), Imran Tahir (දකුණු අප්‍රිකාව), Ish Sodhi (නවසීලන්තය), Noor Ahmed (ඇෆ්ගනිස්තානය) යන ක්‍රීඩකයින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන වැඩි අවධානයක් දිනා ගන්නා ක්‍රීඩකයින් වනවා.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Suresh Raina ද තරගාවලිය සඳහා නාමයෝජනා ලබා දී තිබුණු අතර ඔහුගේ මූලික වටිනාකම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් ($) 50,000ක් ලෙසයි. 36 හැවිරිදි වියේ පසුවන ලෝක කුසලාන ජයග්‍රහණය කළ මැදිපෙළ ක්‍රීඩකයෙකු වන Raina ටෙස්ට් තරග 18 දීත්, එක්දින තරග 226ක දීත්, විස්සයි විස්ස තරග 78ක දීත් ඉන්දියාව නියෝජනය කර තිබෙනවා.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු, නිවේදකයෙකු මෙන්ම quizmaster කෙනෙකු වන Charu Sharma විසින් වෙන්දේසිය මෙහෙය වීමට නියමිතයි.
මෙවර LPL තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<