සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ පැවති පළමු නිල නොලත් එක්දින තරගයෙන් කඩුලු 4ක අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට අද (04) සිදු වුනා.
ඒ වේලාසනින්ම ප්‍රතිවාදී කඩුලු 6ක් දවා ගත්ත ද, Dewald Brevis සහ Beyers Swanepoel සත්වැනි කඩුල්ලට ගොඩ නැගූ ප්‍රහාරාත්මක සබඳතාවය නිසයි.
අද උදෑසන මෙම තරගය ආරම්භ වුනේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය තමන්ට හිමි වීමෙන් පසු දිවා තරගවල බොහෝ නායකයින් සිදු කරන පරිද්දෙන් මුලින් පන්දුවට පහර දීමට නිපුන් ධනංජය තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා A ඉනිම ඇරඹෙන්නේ නිශාන් මදුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ අතිනුයි.
ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ලසිත් කෲස්පුල්ලේ දෙවැනි පන්දුවාරයේ දී ලකුණු 4කට දැවී ගියා. ලද අවසරයෙන් ප්‍රබල ලෙස තරගයට පිවිසි දකුණු අප්‍රිකානුවන් නුවනිඳු ප්‍රනාන්දු සහ නායක නිපුන් ධනංජයවත් තනි ලකුණකට දවා ගත්තේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 39කට කඩුලු 3ක් බවට පත් කරමින්.
එක් අන්තයක හුදකලා වූ කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක, සහන් ආරච්චිගේ සමඟ එක්වී ලකුණු 57ක සබඳතාවයක් ගොඩ නගමින් බිඳ වැටෙමින් තිබූ ඉනිමට ජීවයක් එක් කරන්නේ ඉන් අනතුරුවයි. පන්දු 32කින් ලකුණු 22ක් ලබා ගත් සහන් ආරච්චිගේ Lutho Sipamlaගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ශ්‍රී ලංකා A සතුව දීර්ඝ පිතිපෙළක් තිබීම තරගය තුල ශ්‍රී ලංකාවට වාසිදායක වූ අතර අංක 6 ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර අද පන්දු 51කින් ලකුණු 41ක් ලබා ගත්තා.
Photos – South Africa ‘A’ tour to Sri Lanka 2023 – 1st Unofficial ODI
ඒ අතරේ නිශාන් මදුශ්කගේ ඉනිම නිමා වන්නේ ලකුණු 68කටයි. පන්දු 82කට මුහුණ දුන් නිශාන් ඒ අතරේ හතරේ පහර 8ක් සාර්ථක ලෙස එල්ල කර තිබුණා. මේ වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 26ක් ක්‍රීඩා කර තිබූ අතර ලකුණු 119ක් ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් මුල්පෙළ කඩුලු 5ක් වැයකර තිබුණා. කෙසේ වෙතත් අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ජනිත් ලියනගේ ශ්‍රී ලංකාවට තරගකාරී ලකුණක් කරා යාමට උපකාරී වුනේ පන්දු 79කින් නොදැවී ලකුණු 76ක් ලබා ගනිමින්.
අවස්ථා 3ක දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලද ජනිත් තම ඉනිම අතරතුරේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට සුදුසුකම් නොලැබීම ගැන විවේචන එල්ල වුනු දුනිත් වෙල්ලාලගේට අද අංක 8 ස්ථානයේ පිතිකරණයේ යෙදීමට අවස්ථාවක් ලැබුණු අතර ඔහු පන්දු 17කින් ලකුණු 15ක් ලබා ගත්තා.
මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ කඩුලු 8කට ලකුණු 264ක් ලෙසයි. පන්දු යැවීමේ දී ජාත්‍යන්තර අත්දැකීම් සහිත වේගපන්දු යවන ක්‍රීඩක Lutho Sipamla ලකුණු 33කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- Wisden IPL කණ්ඩායමට මතීෂගේ නමත්!
- ටැමිල් යූනියන්, ACE කැපිටල්, කෝල්ට්ස් සහ සෙබස්තියනයිට්ස් ජයග්‍රහණ අතරට
මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 5 දී දැවී ගියා. එහි දී දිල්ෂාන් මධුශංක Jordan Hermannව පිටියෙන් ඉවත් කළේ ලකුණු ලබා ගැනීමටත් පෙරයි.
නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක් එකතු කරන්නට නායක Tony de Zorzi සහ Keegan Petersen කටයුතු කළා. හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටි දකුණු අප්‍රිකානු නායකයාව පිටියෙන් ඉවත් කරමින් මෙම සබඳතාවය බිඳ හෙළන්නේ දුනිත් වෙල්ලාලගේයි.
ඉන්පසු චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන්ගේ දස්කම් කැපී පෙනුණු අතර ඔහු ලකුණු 14ක් ලබා සිටි Matthew Breetzke සහ Keegan Petersen දවා ගැනීමට සමත් වුනා. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Petersen ලකුණු 42ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 39ක් පමණයි. මැදපෙළ පිතිකරු Senuran Muthusamy ලකුණු 9කට දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 104ට කඩුලු 5ක් ලෙස වෙනස් වුනේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට කැඳවමින්.
පිටියේ ස්ථාවර වී සිටි පිතිකරුවන් සියලු දෙනාම දැවී යාම නිසා පසුපෙළ පිතිකරුවන්ට විශාල පීඩනයක් එල්ල වූ අතර හයවැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගමින් එම ආතතිය හැකි පමණින් මුදා හරින්නට Sinethemba Qeshile සහ Dewald Brevisට හැකි වුනා. Qeshile පන්දු 32කින් ලකුණු 22ක් ලබා සිටිය දී ඩිල්ශාන් මධුශංකගේ වේගපන්දුවක් හමුවේ කඩුල්ල බිඳ ගත්තා.
මේ වන විට දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය වෙනුවෙන් හරියටම ලකුණු 110ක් අවශ්‍ය කර තිබූ අතර ඔවුන්ට සැනසීමට තිබූ එකම කරුණ වූයේ පන්දුවාර 20ක්ම ඒ වෙනුවෙන් ඉතිරිවී තිබීම පමණයි.
නමුත් බොහෝ පිතිකරුවන් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට තැත් කරන මෙවන් අවස්ථාක දී “ප්‍රහාරය හොඳම ආරක්ෂාවයි” යන පාඨය සිහි ගන්වමින් Dewald Brevis සහ Beyers Swanepoel දරුණු ප්‍රහාරයක් ආරම්භ කළා.
ශ්‍රී ලංකාව කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ මෙම ප්‍රහාරය අවසානයේ ඔවුන් සිහි එලවා ගන්නටත් ප්‍රථමයෙන් දකුණු අප්‍රිකාව තරග ජය සොරා ගත්තේ තවත් පන්දුවාර 9ක්ම ඉතිරිව තිබිය දීයි.
පිටිය සිසාරා පහරවල් ඇති නිසා ලොව පුරා ක්‍රිකට් රසිකයින් අතර Baby AB ලෙස නමක් දිනා ඇති 20 හැවිරිදි Dewald Brevis මෙම ගිනිකෙළි සංදර්ශණයේ මූලිකත්වය ගත්තේ පන්දු 71කින් ලකුණු 98ක් නොදැවී ලබා ගනිමින්. ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් එල්ල කළා.
අනෙක් අන්තයේ සිට Brevisට අගනා සහයක් ලබා දුන් Swanepoel පන්දු 28කින් ලකුණු 43ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්. අද ඩිල්ශාන් මධුශංක සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් බිඳ හෙළුවත්, දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතින් වැඩිපුරම ප්‍රහාරයකට ලක්වූයේ ද ඔවුන් දෙදෙනායි. මීට අමතරව දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
මේ අනුව තරග 3කින් සමන්විත නිල නොලත් එක්දින තරගාවලියේ 1-0ක් ලෙස දකුණු අප්‍රිකානු A කණ්ඩායම ඉදිරියක් ලබා ගත්තේ තරගාවලි ජයක් ගැන සිතීමට නම් ඉදිරි තරග 2ම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා A කණ්ඩායමට අනිවාර්ය කරමින්.
දෙපාර්ශවය අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (06) පල්ලෙකැලේ දී ම ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තරග තොරතුරු සහ ඡායාරූප වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Sinethemba Qeshile b Tshepo Moreki | 68 | 82 | 8 | 0 | 82.93 |
Lasith Croospulle | c Sinethemba Qeshile b Beyers Swanepoel | 4 | 6 | 1 | 0 | 66.67 |
Nuwanidu Fernando | b Lizaad Williams | 7 | 20 | 1 | 0 | 35.00 |
Nipun Dhananjaya | c Jordan Hermann b Lutho Sipamla | 1 | 4 | 0 | 0 | 25.00 |
Sahan Arachchige | c Beyers Swanepoel b Lutho Sipamla | 22 | 32 | 1 | 0 | 68.75 |
Ashen Bandara | c Keegan Petersen b Dewald Brevis | 41 | 51 | 3 | 0 | 80.39 |
Janith Liyanage | not out | 76 | 79 | 7 | 1 | 96.20 |
Dunith Wellalage | c Matthew Breetzke b Lutho Sipamla | 15 | 17 | 1 | 0 | 88.24 |
Lakshan Sandakan | run out (Keegan Petersen) | 4 | 5 | 0 | 0 | 80.00 |
Pramod Madushan | not out | 8 | 6 | 1 | 0 | 133.33 |
Extras | 18 (b 0 , lb 6 , nb 2, w 10, pen 0) |
Total | 264/8 (50 Overs, RR: 5.28) |
Fall of Wickets | 1-6 (1.3) Lasith Croospulle, 2-14 (6.6) Nuwanidu Fernando, 3-39 (9.2) Nipun Dhananjaya, 4-96 (20.4) Sahan Arachchige, 5-119 (26.1) Nishan Madushka, 6-192 (39.3) Ashen Bandara, 7-236 (46.1) Dunith Wellalage, 8-241 (47.1) Lakshan Sandakan, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lizaad Williams | 9 | 1 | 43 | 1 | 4.78 | |
Beyers Swanepoel | 8 | 0 | 46 | 1 | 5.75 | |
Lutho Sipamla | 8 | 1 | 33 | 3 | 4.12 | |
Tshepo Moreki | 9 | 0 | 49 | 1 | 5.44 | |
Senuran Muthusamy | 10 | 0 | 47 | 0 | 4.70 | |
Dewald Brevis | 6 | 0 | 40 | 1 | 6.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jordan Hermann | c Janith Liyanage b Dilshan Madushanka | 0 | 13 | 0 | 0 | 0.00 |
Tony de Zorzi | st Nishan Madushka b Dunith Wellalage | 35 | 43 | 5 | 0 | 81.40 |
Keegan Petersen | b Lakshan Sandakan | 42 | 39 | 4 | 1 | 107.69 |
Matthew Breetzke | lbw b Lakshan Sandakan | 14 | 12 | 2 | 0 | 116.67 |
Senuran Muthusamy | c Dunith Wellalage b Sahan Arachchige | 9 | 11 | 1 | 0 | 81.82 |
Sinethemba Qeshile | b Dilshan Madushanka | 22 | 32 | 1 | 0 | 68.75 |
Dewald Brevis | not out | 98 | 71 | 6 | 7 | 138.03 |
Beyers Swanepoel | not out | 43 | 28 | 5 | 1 | 153.57 |
Extras | 5 (b 0 , lb 1 , nb 2, w 2, pen 0) |
Total | 268/6 (41.1 Overs, RR: 6.51) |
Fall of Wickets | 1-5 (3.4) Jordan Hermann, 2-70 (13.4) Tony de Zorzi, 3-87 (16.4) Matthew Breetzke, 4-104 (18.6) Keegan Petersen, 5-104 (19.2) Senuran Muthusamy, 6-155 (29.6) Sinethemba Qeshile, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pramod Madushan | 8 | 2 | 45 | 0 | 5.62 | |
Dilshan Madushanka | 6 | 0 | 44 | 2 | 7.33 | |
Sahan Arachchige | 8 | 0 | 45 | 1 | 5.62 | |
Dunith Wellalage | 10 | 0 | 58 | 1 | 5.80 | |
Lakshan Sandakan | 9 | 0 | 69 | 2 | 7.67 | |
Ashen Bandara | 0.1 | 0 | 6 | 0 | 60.00 |