ලෝක කුසලාන සිහිනය හඹා යන සිම්බාබ්වේ සංචිතය නම් කරයි

710

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය ඊයේ (02) නිවේදනය කළා.

මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර කණ්ඩායමේ නායකත්වය Craig Ervine හට හිමි වී තිබෙනවා.

ඔහුගේ සහයට Sikandar Raza,Ryan Burl සහ Sean Williams වැනි සුපිරි තරු සංචිතයට එක් කර ඇති අතර, Blessing Muzarabani සහ Richard Ngarava යන අයගේ ප්‍රමුඛත්වය මත ඔවුන්ගේ වේගපන්දුව ද ශක්තිමත් වනු ඇති.

එමෙන්ම නේපාල කණ්ඩායම සමඟ මෙම තරගාවලියේ ආරම්භක තරගය ක්‍රීඩා කිරීමෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනයට යන ගමන ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය මෙසේයි; Ryan Burl, Tendai Chatara, Craig Ervine (නායක), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe, Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams

කණ්ඩායම් අටක් තරග වදින මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වයට මෙවර ඉන්දියාවේ දී පැවැත්වීට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.

එම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<