වරලත් ක්‍රිකට් (franchise cricket) වෙනුවෙන් ජාතික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්හැරී පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට Jason Roy (ජේසන් රෝයි) වාර්තාගත වුනා.
බ්‍රිතාන්‍ය පවුම් 60,000-70,000 අතර වූ එංගලන්ත වෘද්ධි (incremental) කොන්ත්‍රාත්තුව අවසන් කළ රෝයි American Major League තරගාවලිය සඳහා භාරගෙන ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම එක් තරග වාරයකට බ්‍රිතාන්‍ය පවුම් 150,000ක් පමණ වනවා.
“ඉතාම පැහැදිලිව කිව්වොත්, මගේ ප්‍රමුඛස්ථානය තියෙන්නේ එංගලන්ත ක්‍රිකට් වලට. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලියක් ළඟදීම එන නිසා,” රෝයි BBCය හමුවේ පවසා තිබුණා.
ඔහු තවදුරටත් පවසන්නේ එංගලන්ත ක්‍රිකට් වලින් ඈත්වීමට බලාපොරොත්තු නොවන බවයි.
- “දෝනි එදා රෑ ඇඬුවා” – හර්භජන් සිං
- “ගොඩක් දෙනා හිතනවා මම පහළට බහිනවා කියලා” – කෝලි
- “මම ටෙනිස් ගහද්දී මට කිව්වේ ‘මැක්’ කියලා” – සචින් ටෙන්ඩුල්කාර්
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) පවසන්නේ,
“ඔහු තරගාවලියට සම්බන්ධ වීම ගැන ECBය එකඟ වූයේ ඔහු ඔහුට ඉතිරිව ඇති එංගලන්ත කොන්ත්‍රාත්තුව අත් හැරීමට එකඟ වන පදනමෙන්,” යනුවෙන්.
2019 දී ලෝක ශූරයන් වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වැදගත් පුරුකක් බවට ජේසන් රෝයි පත්වුනා. එහෙත් පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නිසි රිද්මයේ නොසිටි නිසා ඔහුව එංගලන්ත වෘද්ධි කොන්ත්‍රාත්තුවක් යටතට පත්කළා.
කෙසේ වෙතත්, මේ සිද්ධිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සැක උපදවන කරුණක්. වරලත් ක්‍රිකට්, ජාත්‍යන්තර ක්‍රිකට් ඉක්මවා සිය බලාධිකාරය පවත්වන්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩල වලට කුමන තත්වයක් උදා වේ දැයි සිතට ගත යුතු පැනයක්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<