වෙළඳසේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 20 වැනිදා කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය සඳහා Hayleys Group A කණ්ඩායම සහ CL Synergy Limited කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
තරගාවලියේ ලීග් වටයේ දී මෙම කණ්ඩායම් 2 එකිනෙකා හමුවෙන අතර එම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගැනීමට CL Synergy Limited සමත් වීම කැපී පෙනුණා.
එබැවින් එම කණ්ඩායම් දෙක ම නැවත හමුවෙන මෙම අවසන් මහා තරගය වඩාත් තරගකාරී වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි.
Hayleys Group A කණ්ඩායමේ ගමන්මග
ප්‍රතිවාදීන් | තරගයේ විසඳුම | |
1 | BBK Partnership | Hayleys Group A කණ්ඩායමට ලකුණු 38ක ජයක්. |
2 | Fairfirst Insurance | Fairfirst Insurance කණ්ඩායමට ලකුණු 76ක ජයක්. |
3 | John Keels A | Hayleys Group A කණ්ඩායමට ලකුණු 58ක ජයක්. |
4 | CDB A | Hayleys Group A කණ්ඩායමට ලකුණු 69ක ජයක්. |
5 | HNB A | Hayleys Group A කණ්ඩායමට කඩුලු 3ක ජයක්. |
6 | CL Synergy Ltd | CL Synergy Ltd කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 78ක ජයක්. |
7 | MODE Engineering | ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් තරගය අතහැර දමන ලදි. |
අර්ධ අවසන් පූර්ව තරගය | ||
8 | John Keels A | වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි. |
අවසන් පූර්ව තරගය | ||
9 | CDB A | Hayleys Group A කණ්ඩායමට කඩුලු 7ක ජයක්. |
Hayleys Group A කණ්ඩායමේ ගමන්මගේ මේ වෙද්දී වැඩිම ලකුණු ලබා සිටින්නේ රොන් චන්ද්‍රගුප්ත. ඔහු තරග 8ක ඉනිම් 8ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 246ක් ලබා සිටිනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක 2ක් සමඟින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 244ක් ලබා ගනිමින් තම කණ්ඩායම මෙම තීරණාත්මක කඩඉම දක්වා රැගෙන ඒමට දායකත්වය දැක්වූවා. ඔහු පන්දු යවන්නෙක් ලෙසින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 9ක්.
ඔහුට අමතරව ටී. එම්. සම්පත් ද කණ්ඩායමේ මේ දක්වා ගමන්මගේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 164ක් ලබා ගත් අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් දවා ගන්නවා. කණ්ඩායමේ පන්දු යවන්නන් අතර ප්රමුඛ ස්ථානයේ පසුවෙන්නේ ඔහුයි.
එමෙන් ම පිතිකරණ ලැයිස්තුවේ නුවනිඳු ප්‍රනාන්දු ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වුනා. ඔහු තරග 6ක ඉනිම් 6ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 169ක් ලබා ගන්නවා.
ඊට අමතරව පිතිකරුවන් ලෙසින් සංතුශ් ගුණතිලක, අශේන් බණ්ඩාර සහ විශාද් රන්දික ද පන්දු යවන්නන් ලෙසින් කවිශ්ක ගුණතිලක, ප්‍රවීන් ජයවික්‍රම සහ ප්‍රභාත් ජයසූරිය ද මෙම කණ්ඩායමට ඇතුළත්.
Hayleys Group A කණ්ඩායම: ලහිරු සමරකෝන් (නායක), රොන් චන්ද්‍රගුප්ත, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ටී. එම්. සම්පත්, සංතුශ් ගුණතිලක, අශේන් බණ්ඩාර, විශාද් රන්දික, මොහොමඩ් ශමාස්, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, අම්ෂි ද සිල්වා, කවිශ්ක අංජුල, සනුක ගලගොඩ, ට්‍රෙවීන් මැතිව්, සහන් නානායක්කාර.
- වෙළඳසේවා සුපිරි කාණ්ඩයේ T20 අවසන් පූර්ව වටය තීන්දුයි
- 2023 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම ආරම්භ වේ
- ශ්‍රී ලංකාවට එන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කරයි
- සිම්බාබ්වේ යන්න ශ්‍රී ලංකාවෙන් 30 දෙනෙකුගේ මූලික සංචිතයක්
- Hayleys සහ CL Synergy අවසන් මහා තරගයට
CL Synergy Ltd කණ්ඩායමේ ගමන්මග
ප්‍රතිවාදීන් | තරගයේ විසඳුම | |
1 | Fairfirst Insurance | Fairfirst Insurance කණ්ඩායමට ලකුණු 136ක ජයක්. |
2 | John Keels A | CL Synergy Ltd කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 31ක ජයක්. |
3 | MODE Engineering | CL Synergy Ltd කණ්ඩායමට කඩුලු 6ක ජයක්. |
4 | BBK Partnership | CL Synergy Ltd කණ්ඩායමට ලකුණු 99ක ජයක්. |
5 | CDB A | CDB A කණ්ඩායමට ලකුණු 97ක ජයක්. |
6 | Hayleys Group A | CL Synergy Ltd කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 78ක ජයක්. |
7 | HNB A | තරගය නොපැවැත්විණි. |
අර්ධ අවසන් පූර්ව තරගය | ||
8 | HNB A | තරගය අතහැර දමන ලදි. |
අවසන් පූර්ව තරගය | ||
9 | Fairfirst Insurance | CL Synergy Ltd කණ්ඩායමට කඩුලු 8ක ජයක්. |
තරගාවලියේ වාර්තා වූ ශතක ත්‍රිත්වයෙන් ශතක 2ක හිමිකාරිත්වය මෙම කණ්ඩායම සතු වීම හේතුවෙන් සහ අවසන් මහා තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම ලෙසින් හමුවෙන Hayleys Group A ලීග් තරගාවලියේ දී පරාජය කිරීමේත් වාසිය සහිතව CL Synergy Limited මෙම තරගය සඳහා පිවිසෙනවා.
මේ දක්වා පැමිණි ගමනේ දී ඔවුන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ අවිශ්ක තරිඳු. ඔහු තරග 8ක ඉනිම් 8ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 290ක් ලබා සිටිනවා.
ඔහු ලබා ගත් ශතකය Hayleys Group A කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීම ද කැපී පෙනෙනවා. පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 112ක්.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සහන් ආරච්චිගේ සතු වෙනවා. ඔහු තරග 6ක ඉනිම් 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 259ක්. ඊට Hayleys Group A කණ්ඩායමට එරෙහිව පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 151ක් ලද ඇතුළත්. සහන් ආරච්චිගේ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීම කැපී පෙනෙනවා.
මේ ශතක ලාභීන් දෙදෙනා Hayleys Group A කණ්ඩායමට එරෙහිව සිව්වැනි කඩුල්ලට ලකුණු 231ක් ලබා ගැනීමට සමත් වුනා.
ඔවුන් දෙදෙනාට අමතරව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ සොනාල් දිනූෂ ද CL Synergy Limited කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත් ව සිටිනවා. ඔහු මෙම තරගාවලියේ දී මේ දක්වා තරග 8ක ඉනිම් 6ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 188ක් ලබා ගෙන සිටින අතර පන්දු යැවීමේ දී කඩුලු 11ක් ලබා සිටිනවා.
කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා වී ඇත්තේ වමතින් දඟපන්දු යවන දිලුම් සුදීර. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 14ක්.
පන්දු යැවීමේ දී දිලුම් සුදීර ප්‍රධාන පන්දු යවන්නා බවට පත්ව සිටිනවා. ඔහු තරග 7ක ඉනිම් 6ක දී පන්දු යවමින් ලබා සිටින කඩුලු සංඛ්‍යාව 14ක්.
ඊට අමතරව සොනාල් දිනූෂ කඩුලු 11ක් සහ සහන් ආරච්චිගේ කඩුලු 7ක් ලබා ගනිමින් ලැයිස්තුගත වෙනවා.
මොවුන්ට අමතරව අශාන් ප්රියංජන්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන සහ නවෝද් පරණවිතාන ද CL Synergy Limited හැඩ ගැන්වීමට සූදානම් ව සිටිනවා.
CL Synergy Limited කණ්ඩායම: සොනාල් දිනූෂ (නායක), අවිශ්ක තරිඳු, සහන් ආරච්චිගේ, චමිඳු වික්‍රමසිංහ, නවෝද් පරණවිතාන, පවන් රත්නායක, ප්‍රියමාල් පෙරේරා, අශාන් ප්රියංජන්, ලහිරු දවටගේ, කවිඳු නදීශාන්, ලක්ෂාන් ගමගේ, දිලුම් සුදීර, තිළිණ පෙරේරා, රනුද සෝමරත්න, ඉසුරු උදාන, හර්ෂන වික්‍රමසිංහ, ප්‍රමෝද් මධුශාන්, උදිත මධුශාන්
Singer – MCA වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් CL Synergy Limited කණ්ඩායමට සහ Hayleys Group A කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම් එක් කරමු.
අවසන් මහා තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<