ICC විසින් යෝජනා කර ඇති නවතම ආදායම් බෙදී යාමේ ආකෘතියට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi විසින් සිය අසතුට ප්‍රකාශ කර තිබෙනවා.
2023-2027 කාලසමය සඳහා යෝජනා කර ඇති ආදායම් බෙදී යාමේ ක්‍රියාපටිපාටිය අනුව ICC වාර්ෂික ආදායමෙන් 38.5%ක් BCCI වෙත ලැබීමට නියමිත අතර, එංගලන්තයට 6.89%ක්, ඕස්ට්‍රේලියාවට 6.25%ක්, පාකිස්තානයට 5.75%ක් ලෙස ආදායම් බෙදී යාමට නියමිත අතර ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් ICC පූර්ණ සාමාජික රටවලට 5%ට වඩා අඩු ප්‍රතිශතවලින් ආදායම් බෙදී යාමට නියමිතයි.
නමුත් තවමත් මෙම ආකෘතිය නිල වශයෙන් ස්ථීර කර නොමැති වුවත්, ESPN cricinfo වෙබ් අඩවිය සඳහන් කරන පරිදි නිල ආකෘතිය මීට බොහෝ සෙයින් සමාන එකක් වනු ඇත.
එමෙන්ම මෙම ආකෘතිය මෙම වසරේ ජූලි මාසයේ දී ඩර්බන් හි පැවැත්වීමට නියමිත ICC වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීමට පෙර ජුනි මාසයේ දී අනුමත කර ගත යුතුයි.
නමුත් මෙම ආකෘතියට ප්‍රසිද්ධියේ සිය අකමැත්ත ප්‍රකාශ කළ පළමු පාලක මණ්ඩලය බවට වෙමින් PCB සභාපති විසින් සඳහන් කරන්නේ මෙම මුදල් බෙදී යාමේ ආකෘතිය තවත් විස්තරාත්මක ව පැහැදිලි නොකරන්නේ නම් තමන් එයට එකඟ නොවෙනා බවයි.
“මෙම සංඛ්‍යාවන් ආවේ කොහොමද කියන එක ICCය විසින් සඳහන් කළ යුතුයි. පවතින තත්වය ගැන අපි සතුටු වෙන්නේ නැහැ. ජුනි වන විට මෙම මූල්‍ය ආකෘතිය අනුමත කිරීමට බලාපොරොත්තු වනවා නම් අපිට මෙම විස්තර ලබා දෙන්න. නැත්නම් අපි එය අනුමත කරන්නේ නැහැ.”
Reuters පුවත් සේවය සමඟ මේ පිළිබඳ අදහස් දක්වමින් Sethi විසින් පවසා තිබුණා.
- ICC ආදායමින් 38.5%ක් ඉන්දියාවට!
- Stoinisගේ Hulk ආවේශය මුම්බායට තරු පෙන්වයි!
- Arjun මුම්බායි කණ්ඩායමට එකතු නොවෙන්න අලුත් හේතුව බල්ලෙක්!
- 2023 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම ආරම්භ වේ
- Ben Stokesගේ 2023 IPL ගමන අවසන් වන ලකුණු
මෙම ආදායම් බෙදී යාමේ ආකෘතිය නිර්මාණය කිරීමේ දී අදාළ රටවල් විසින් ICC පූර්ණ සාමාජිකත්වය ලබා තිබීමට සම වටිනාකමක් ලබා දීම, ක්‍රිකට් ඉතිහාසය, ICC ඉසව්වල දක්වා ඇති දක්ෂතා (කාන්තා සහ පිරිමි) සහ එක් එක් මණ්ඩල විසින් ලබා දෙන වාණිජමය දායකත්වය යන නිර්ණායක හතර සලකා බලා තිබෙනවා.
මෙහි දී වාණිජමය දායකත්වය යන නිර්ණායකය BCCI වෙත ඉහළ මුදලක් හිමි වීමට ප්‍රධානතම හේතුව බව විශ්වාස කළ හැකි.
“මූලධර්ම සැලකුවා ම ඉන්දියාවට වැඩි මුදලක් ලැබිය යුතුයි. ඒ ගැන සැකයක් නැහැ. නමුත් කොහොමද මේක හැදුණේ? “
මේ ආදායම් බෙදී යාම තවත් විස්තර කරවා ගැනීම සිය එක ම අරමුණ බවයි Sethi විසින් අවධාරණය කරන්නේ.
එමෙන්ම මෙම නව ආකෘතිය නිසා මීට පෙර ලැබුණාට වඩා වැඩි ආදායමක් ICC පූර්ණ සාමාජික රටවලට ලැබීමට නියමිත බවත් ESPN cricinfo වෙබ් අඩවිය මඟින් සඳහන් කරනවා.
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<