ෆ්‍රැන්සිස් න්ගානු PFL සමඟ ගිවිසුම්ගත වෙයි

167

හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර, කැමරූන් ජාතික Francis Ngannou (ෆ්‍රැන්සිස් න්ගානු), PFL (Professional Fighters League) සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා.

UFC සහ න්ගානු අතර ගිවිසුමක් ඇතිකරගැනීම පිළිබඳ කාලයක පටන් විවාදාත්මක තත්වයක් පැවතුණා. මේ වන තෙක් න්ගානු ක්‍රීඩා කළේ නිදහස් ඒජන්තවරයෙකු වශයෙන්. එනම් තමන්ගේ ඒජන්තවරයා තමන්ම වෙමින්.

PFLට මෙය අනගි අවස්ථාවක් වනු ඇති. න්ගානුව සැලකෙන්නේ ලොව ප්‍රබලම හෙවිවෙයිට් ප්‍රහාරකයෙකු ලෙසයි. ඔහු එහි සුපර් ෆයිට් කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. එබැවින් තරග මුදලින් 50%ක් ඔහුටත් ඉතිරිය PFLටත් බෙදී යනවා.

“අලුත් වෙනසක් සිදු වෙන මේ සම්බන්ධතාවය ගැන මට උද්යෝගයක් තියෙනවා,” න්ගානු BBC හමුවේ පැවසුවා.

ඔහු UFC හැර යන්නට හේතු වුනේ ඔහුගේ සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනුග්‍රාහකත්වයන් පිළිබඳ ඉල්ලීම් UFC විසින් ඉවත දැමීමෙන් පසුවයි. එහි ඇති නිදහස සීමා සහිත බව පවසමින් න්ගානු නිදහස් ඒජන්තවරයෙකු බවට පත්වුණා.

UFC සමඟින් තරග 14ක් ක්‍රීඩා කළ න්ගානු ඉන් 12ක් ජයගෙන හෙවිවෙයිට් ශූරයා වශයෙන් සිටිය දී UFC හැර ගියා. එම නිසා ඔහුව ශූරතාවයෙන් පහ කරන්නට UFC තීරණය කළා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<