Rajasthan Royals කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන Riyan Parag විසින් දිගින් දිගට ම පෙන්වන අසාර්ථක ක්‍රීඩා විලාශය නිසා මේ වන විට බොහෝ ක්‍රිකට් රසිකයින් ඔහු කෙරේ දැඩි කණස්සල්ලකින් පසු වනවා.
ඊයේ (05) Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්තානයේ මුල් කඩුලු 4ම ලකුණු 63කට බිඳ වැටුණු අවස්ථාවේ Impact Player නීතිය භාවිත කරමින් බිඳ වැටුණු ඉනිම ගොඩ නැගීමට Riyan Paragව පිටියට කැඳ වූ නමුත් ඔහුට මුහුණ දීමට හැකියාව ලැබුණේ පන්දු 6කට පමණයි. ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක් වන විට Parag විසින් ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට Rashid Khan විසින් සමත් වුනා.
මේ වන විට මෙවර තරගාවලියේ ඉනිම් 6ක් ක්‍රීඩා කර ඇති Parag තවමත් ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 58ක් පමණයි. එමෙන් ම Paragට දඟපන්දු යැවීමේ හැකියාව ද තිබුනත්, මෙවර තරගාවලියේ දී රාජස්තානය විසින් ඔහුව පිතිකරුවෙක් ලෙස පමණක් භාවිත කිරීමට සැලසුම් කර ඇති බවත් පෙනී යනවා.
2022 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් කෝටි 3.8ක මුදලක් වියදම් කර ඔහුව සිය කණ්ඩායමට සම්බන්ධ කර ගත් රාජස්තානය වෙනුවෙන් තවමත් ඔහු සාධනීය පිළිතුරක් ලබා දීමට සමත් වී නැහැ.
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස විශේෂ හැඳින්වීමක් සහිත ව ඔහුව හඳුන්වා දුන්නත්, ඉතා කලාතුරකින් හැරෙන්නට ඔහු සිය පිත්තෙන් කළ යමක් ඇත්තේ ම නැති තරම්.
- ඇෆ්ගන් පන්දු යවන්නන් ඉදිරියේ රාජස්ථානයට දරුණු පරාජයක්
- මුම්බායි පිතිකරුවන් ඇෆ්ගන් දඟපන්දු හමුවේ ඇඹරෙයි!
- Jaiswalගේ කැපවීමට සංගාගෙන් ප්‍රශංසා!
- චක්‍රවර්තී කොල්කටාව වෙනුවෙන් ප්රාතිහාර්ය පායි!
- අනාගතය මතීෂ අතේ බවට නවසීලන්තයෙන් අනාවැකියක්!
Parag මෙතරම් අසාර්ථක වන විට දී පවා රාජස්තානය තවමත් ඔහු ගැන විශ්වාසය තැබීම පිළිබඳව ද මේ වන විට රාජස්තාන් රසිකයින් විසින් සිය අප්‍රසාදය පළ කරමින් සිටිනවා.
ඊයේ තරගයේ Paragගේ ඉනිමෙන් පසුව Twitter හි ඔහුට එරෙහිව තැබූ සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.
This man is storybook all by himself, there’s no work of fiction more fanciful, whose grasp of the improbable is utterly unique….what a freak he is man….what an absolute performer, Riyan Parag you beuty 😍😍 #RRvGT pic.twitter.com/kHnSTMzU2s
— TukTuk Academy (@TukTuk_Academy) May 5, 2023
” මේ මනුස්සයා නම් තනිකර ම නවකතා පොතක් වගේ.”
Riyan Parag in IPL
2019 – 160 runs 32 average
2020 – 86 runs 12 average
2021 – 93 runs 11 average
2022 – 183 runs 16 average
2023 – 54 runs 13 averageBiggest Fraud ever in IPL? pic.twitter.com/J7NGCGg3Ic
— ♚ (@balltampererr) May 5, 2023
“IPL වල සිදු වූ විශාලතම වංචාව ?”
Riyan parag as an impact player for rajasthan 😭#RRvsGTpic.twitter.com/w2EWYoVPur
— Sharp (@Sharp__14) May 5, 2023
Is Riyan parag the worst player to play IPL? pic.twitter.com/yT7bvBURNX
— Sayam Ahmad (@sayam_ahmad_) May 5, 2023
එමෙන් ම ඊයේ තරගයට ප්‍රථම පැවති මාධ්‍ය හමුවක දී Parag විසින් පවසා තිබුණේ තමන් ඉතා කැපවීමෙන් පුහුණු වීම් වල යෙදුණු බව සහ තමන්ට තරග ජයග්‍රහණය කරවීමේ විශාල උවමනාවක් ඇති බවයි.
මීට පෙර ද ඔහු මෙවැනි ම ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබූ අතර, දිගින් දිගට ම අසාර්ථක වන Paragට එල්ල වන විවේචන සහ උපහාසාත්මක ප්‍රකාශවල දී ඔහු විසින් ම සිදු කළ ප්‍රකාශ වැඩි වශයෙන් භාවිත වෙන අයුරු ද දකින්නට ලැබෙනවා.
දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<