දේශීය කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ නිල කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා.
තරගාවලිය මැයි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.
තරගාවලියේ පළමු දිනය වන 07 වැනිදා මීටර් 5,000, උස පැනීම, දුර පැනීම වැනි ඉසව්වල අවසන් තරග සහ මීටර් 200 ඇතුළු ඉසව් කිහිපයක මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.
- අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්
- වේගවත්ම ක්රීඩකයා අනුහස්; ක්රීඩිකාව අනුජනා
- වසර 72කට පසු ශ්‍රී ලංකාවට ආසියානු රිටි පැනීමේ පදක්කමක්
- මලල ක්‍රීඩා පළමු තේරීම් තරගය මාර්තු මාසයේ දී
දෙවැනි (08) දිනයේ දී මීටර් 200, 800 සහ 400 කඩුලු පැනීම යන ඉසව්වල අවසන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මීටර් 3,000 සහ 2,000 බාධක දිවීම වැනි ඉසව් ද එදින පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ තෙවැනි (09) දිනය වැඩි වශයෙන් තේරීම් වට සඳහා වෙන්ව තිබෙන අතර එදින මීටර් 1,500, හෙල්ල විසි කිරීම, මිටිය විසි කිරීම ඉසව්වල අවසන් තරග පැවැත්වීමට නියමිතයි.
2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ වේගවත්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරී පත් වන මීටර් 100 අවසන් තරග සහ මීටර් 400 අවසන් තරග මැයි 10 වැනිදා පවත්වා මෙවර තරගාවලිය අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ නිල කාලසටහන
2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<