මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරග අද (28) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
වසර කිහිපයකට පසු ප්‍රේක්ෂකයින්ට විවර වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් නායක සදීශ් ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත පීතර ක්‍රීඩකයින්ට ආරාධනා කළා.
සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ සාන්ත ජෝසප් ආරම්භක පන්දු යවන්නා පළමු පන්දුවාර තුළ සාන්ත පීතර පළමු කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුනා.
ඔවීන් සල්ගොඩ පළමු පන්දුවේම ගගන් චමෝද්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙද්දී, නිමුතු ගුණවර්ධන ද ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර දැවී ගියේ සදිශ් ජයවර්ධන අතට උඩ පන්දුවක් ලබා දෙමිනුයි.
- පීතරයන්ට එරෙහි ජෝසප්වරුන්ගේ බලගැන්වීම
- කන්ද උඩරට නිල් සටනේ උණුසුම
- 89 වැනි සාන්තුවරයන්ගේ සටන Dialog බලගන්වයි
- 63 වැනි මැංගුස් සටන ජය පැරදුමෙන් තොරයි
- වසර පහකට පසු ජෝන් හලංගම කුසලානය ත්‍රිත්ව විද්‍යාලයට
සාන්ත පීතර ඉනිම තරමක් ගොඩ ගැනීමට උත්සාහ කළ විශේන් හැළඹගේ ලකුණු 18ක් ලබා සිටිය දී චමෝද්ගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ශෙවෝන් ඩැනියල් රැක ගත් කැපී පෙනෙන උඩ පන්දුව නිසයි.
සාන්ත පීතර ඉනිමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් රුසන්ද ගමගේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කර පන්දු 71ක් තුළ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වුනා.
සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට කඩුල්ලක් අවශ්‍ය මොහොතේ නැවතත් ක්‍රියාත්මක වූ ගගන් විසින් ලකුණු අතර සිටි රුසන්ද දවා ගැනීමට සමත් වුනේ සිය සිව්වැනි කඩුල්ල සම්පූර්ණ කර ගෙනයි.
රුසන්ද දැවී යාමෙන් පසු කණ්ඩායමේ වගකීම සියතට ගත් චමිඳු පෙරේරා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙන විට සටන්කාමී අර්ධ ශතකයක් සමඟ ලකුණු 66ක් ලබා සිටියා.
පසුපෙළ පිතිකරුවන් ලෙස පැමිණ සනේෂ් ගුණතිලක (18), ශෙනොන් රොද්‍රිගෝ (19), නේතන් ඩේවිඩ් (15) සහ ලකිඳු සචින් (14) ලබා ගත් ඉනිම් නිසා පන්දුවාර 57.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 214ක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.
අගනා පන්දු යැවීමක නිරත වූ ගගන් ලකුණු 69ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ලහිරු අමරසේකර ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 214ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අයහපත් කාලගුණය නිසා තරගය නතර කරන විට පන්දුවාර 6ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.
පන්දු 22කට මුහුණ දුන් සදීශ් නොදැවී ලකුණු 16ක් සහ පන්දු 16කට මුහුණ දුන් නරේන් මුරලිදරන් නොදැවී ලකුණු 11යි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oween Salgado | lbw b Gagan Chamod | 0 | 1 | 0 | 0 | 0.00 |
Vishen Helambage | c Shevon Fonseka b Gagan Chamod | 18 | 12 | 3 | 0 | 150.00 |
Nimuthu Gunawardene | c Sadeesh Jayawardana b Gagan Chamod | 0 | 5 | 0 | 0 | 0.00 |
Rusanda Gamage | c Yenula Dewthusa b Gagan Chamod | 55 | 71 | 7 | 0 | 77.46 |
Chamindu Perera | run out () | 66 | 125 | 6 | 0 | 52.80 |
Shanshay Gunathilaka | c & b Lahiru Amarasekara | 18 | 37 | 2 | 0 | 48.65 |
Kavika Jayasundara | c Hirun Matheesha Kapurubandara b Lahiru Amarasekara | 1 | 7 | 0 | 0 | 14.29 |
Shenon Rodrigo | c Hiran Jaysundara b Lahiru Amarasekara | 19 | 31 | 2 | 0 | 61.29 |
Nathen David | c Shevon Daniel b Muditha Dissanayake | 15 | 19 | 0 | 0 | 78.95 |
Lakindu Sachin | b Gagan Chamod | 14 | 35 | 0 | 0 | 40.00 |
Sean Roborts | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 7 (b 5 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 214/10 (57.3 Overs, RR: 3.72) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Gagan Chamod | 14.3 | 2 | 69 | 5 | 4.83 | |
Maanasa Madubashana | 3 | 0 | 17 | 0 | 5.67 | |
Muditha Dissanayake | 15 | 1 | 33 | 1 | 2.20 | |
Yenula Dewthusa | 8 | 1 | 37 | 0 | 4.62 | |
Lahiru Amarasekara | 14 | 0 | 36 | 3 | 2.57 | |
Shevon Daniel | 3 | 0 | 17 | 0 | 5.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeesh Jayawardana | not out | 110 | 150 | 7 | 1 | 73.33 |
Naren Muralidaran | c Rusanda Gamage b Shenon Rodrigo | 20 | 38 | 2 | 0 | 52.63 |
Shevon Daniel | c Shenon Rodrigo b Nimuthu Gunawardene | 12 | 21 | 1 | 0 | 57.14 |
Hiran Jayasundara | not out | 91 | 120 | 7 | 0 | 75.83 |
Extras | 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0) |
Total | 240/2 (54.5 Overs, RR: 4.38) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakindu Samarajeewa | 7.5 | 0 | 48 | 0 | 6.40 | |
Sean Roborts | 5 | 0 | 23 | 0 | 4.60 | |
Shenon Rodrigo | 22 | 0 | 89 | 1 | 4.05 | |
Nimuthu Gunawardhana | 14 | 1 | 44 | 1 | 3.14 | |
Vishen Helambage | 2 | 0 | 13 | 0 | 6.50 | |
Kavika Jayasundara | 4 | 0 | 19 | 0 | 4.75 |
89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන හෙට (29) දිනයේ තරග උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<