ඇෆ්ගනිස්තානය ජුනි මාසයේ ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1446

එළඹෙන ජුනි මාසයේ දී එක්දින තරග 3කින් සමන්විත තරගාවලියක් සඳහා ඇෆ්ගනිස්තාන එක්දින සංචිතය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මෙම සංචාරය සඳහා ඇතුළත් එක්දින තරග ජුනි 2, 4 සහ 7 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදිරියේ දී නිවේදනය කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙම සංචාරය පිළිබඳව නිල වශයෙන් තවමත් නිවේදනය කර නොමැති වුවත්, රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන අයිතිය ලබා ගැනීම සඳහා කැමැත්තක් දක්වන ආයතන සඳහා ඊට ඇරයුම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානය අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුනේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දීයි. එහි දී ඔවුන් මෙලෙසම එක්දින තරග 3ක් ක්‍රීඩා කළ අතර තරගාවලිය ජය-පරාජයෙන් තොරව අවසන් වුනේ 1-1ක් ලෙසයි.

මෙම තරගාවලියේ උණුසුම මෙන්ම දේශීය විදේශීය ක්‍රිකට් කෙළිබිමේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<