තමිල්නාඩු යෞවනයින් ශ්‍රී ලංකාවේ දී වැඩ පෙන්වයි

183

පසුගිය සති කිහිපයේ ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ තමිල්නාඩු යොවුන් වොලිබෝල් කණ්ඩායම සිය සංචාරය අවසන් කළේ සහභාගී වූ තරග 5න් හතරක් ජයග්‍රහණය කරමිනුයි.

ඔවුන් සිය පළමු තරගය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ තරග වැදුණු අතර එම තරගයෙන් වට 3-0ක (25-20, 25-18 & 25-15) පහසු ජයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා. විදුලි බලමණ්ඩල කණ්ඩායම සමඟ පැවති තරගය ද ඔවුන් ජයග්‍රහණය කළේ වට 3-0ක් (25-23, 25-19 & 25-20) ලෙසයි.

යාපනය ඒකාබද්ධ කණ්ඩායමක් සමඟ සිය තෙවැනි තරගයට එක් වූ තමිල්නාඩු ක්‍රීඩකයින් එම තරගය 25-14ක්, 25-18ක් සහ 25-23ක් ලෙස ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා සංචාරයේ ඔවුන් පරාජය වූ එකම තරගය පරාජයට පත් වුනේ ප්‍රබල යුද හමුදා කණ්ඩායමට එරෙහිවයි. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයෙන් යුද හමුදාව වට 3-0ක් (25-22, 25-18 & 27-25) ලෙස ජයග්‍රහණය ලැබුවා.

අවසන් තරගය වයඹ කණ්ඩායම සමඟ පැවැත් වුනු අතර තමිල්නාඩු ක්‍රීඩකයින් තරග වට 3-0ක් (25-13, 25-14 & 26-24) ලෙස එම තරගය ජයග්‍රහණ කරමින් සිය සංචාරය අවසන් කළා.

ඉන්දීය වොලිබෝල් පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන තමිල්නාඩු යොවුන් ක්‍රීඩකයින් ඉන්දීය යොවුන් වොලිබෝල් ලීගයේ ශූරයින් ද වෙනවා.

තමිල්නාඩු සංචිතය: Thanisk V, Gopinath K, Joel Benjamin, S. Sathish, R. Raguram, K. Guru Vasanth, Venu C, M.Kabilan, Mathavan T, Edwin Mariyon, Audithya Gunaseelan, Anandhakumar K, V.S. Munish, M.Deepak Kumar

ප්‍රධාන පුහුණුකරු, K. Chandrasekaran

වොලිබෝල් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න