මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වෙන මහා එක්දින ක්‍රිකට් තරගයේ 34 වැනි එක්දින තරගය අද (09) පැවැත්වුනා.
මෙම තරගයෙන් විද්‍යාර්ථයින් පරාජය කරමින් ලකුණු 108ක ජයක් හිමි කරගන්නට සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් සමත් වුනා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් ලබා ගත්තා.
ආරම්භක පිතිකරු නායක මලිත් ලක්ෂාන් ලකුණු 39ක් රැස් කරද්දී, අංක 03 පිතිකරු සහන් දිසානායක ලකුණු 20ක් රැස් කළා.
සාන්ත සිල්වෙස්ටර් ඉනිමේ සම්පූර්ණ වගකීම සියතට ගත් චාරුක අයේෂාන් පන්දු 88කට මුහුණ දෙමින් ලකුණු 109ක් රැස් කළේ හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමඟයි.
පන්දු යැවීමේ දී විද්‍යාර්ථ කණ්ඩායම වෙනුවෙන් චමල්ක බණ්ඩාර සහ දනුප කොඩිකාර කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.
- සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්
- සුරතලුන්ගේ සටනේ වැඩි ගෞරවය විද්‍යාර්ථයට
- ආදරවන්තයින්ගේ එක්දින තරගයේ ජය රිච්මන්ඩ් විද්‍යාලයට
- තියුණු ටෙස්ට් තරගයක අසිරිය සමඟින් සුලෝහිත සංග්‍රාමය නිමා වෙයි!
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් පන්දුවාර 42.4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 135ක් පමණයි.
විද්‍යාර්ථය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූ සහන් දිල්හාර පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 45ක් රැස් කළා.
කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කවීෂ ඉමේෂ් ලකුණු 11ට කඩුලු 3ක් දවා ගනිද්දී, මලිත් ලක්ෂාන් සහ කහන්ක වික්‍රමසිංහ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.
- තරගයේ වීරයා – චාරුක අයේෂාන් (සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය)
දිනෙන් දින උණුසුම් වන පාසල් මහා ක්‍රිකට් තරග පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<