මේ වන විට ඉන්දියාවේ පුහුණු කඳවුරකට සහභාගී වෙමින් තරග වදින ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං කණ්ඩායමේ හිමාෂා පණ්ඩිතරත්න භූතානයට එරෙහිව පැවති තරගයෙන් ජය ගත්තා.
භූතාන ක්‍රීඩිකාවගෙන් එල්ල වුණු ප්‍රබල අභියෝගය මැඩගෙන තරගය තමන්ට පහසු අයුරින් ක්‍රීඩා කිරීමට ඇය පෙළඹුණා. වට තුන අවසානයේ හිමාෂා විසින් ලද ජයග්‍රහණය පහසු ජයග්‍රහණයක් ලෙස පෙනෙන්නට හැක්කේ එබැවින්.
- පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට
- කසුන් ගුණවර්ධන අතින් පයින් “හොඳ” වැඩ
- අභිරහස් ලෙස මියැදුණු බොක්සිං පාතාලයාගේ කතාව
හඟුරන්කෙත බොක්සිං සමාජයේ ක්‍රීඩිකාවක් වන හිමාෂා මේ වන විට ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතය නියෝජනය කරන අතර පුහුණුකරු ජමිත ගයාන් යටතේ පුහුණුව ලබනවා. ජමිත ගයාන් මේ වන විට පාසල් බොක්සිං සංගමයේ ලේකම්වරයා යි.
හිමාෂා, හඟුරන්කෙත පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය ඇසුරු කරගෙන බිහිවූ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නෙන් එක් ක්‍රීඩිකාවක්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<