මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටනේ පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගන්නට සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඊයේ (24) සමත් වුනා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළා.
එහි දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් තරිඳු අමරසිංහ සුපිරි ඉනිමක් දියත් කරමින් සිය මංගල විස්සයි විස්ස මහා තරග අත්දැකීම අමතක නොවන ඉනිමක් කරගත්තා.
පන්දු 42ක දී වාර්තා වුනු ඔහුගේ ලකුණු 76 ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා. ඊට අමතරව නායක ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 25ක් සහ ඔෂාන් ද සිල්වා ලකුණු 21ක් ලබාගෙන වේල්ස් කුමර ඉනිම සවිමත් කළා.
අවසානයේ දී වේල්ස් කුමර විද්‍යාලය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන මනුජ චන්තුක ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා.
- Mustangs කුසලාන ජයත් කොළඹ රාජකීය විද්‍යාලයට!
- කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනයේ වැඩි වාසි කිංග්ස්වුඩ් විදුහලට
- ඩී. එස්. ඉතිහාසය හා සම වීමට මහානාමවරුන්ගේ අභියෝගය
- මාතර දී ගිගුම් දෙන රුහුණු මහා නිල් සටන
- දිවයිනේ ප්‍රදේශ රැසක ඇරඹී මහා සංග්රාමවල පළමු දිනය
ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගත්තා. එහි දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අංක 3 පිතිකරණ ස්ථානයෙන් පිටියට පැමිණි විමත් දින්සර අගනා ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 65*ක් ලබා ගත් අතර ඔහුට සහය වුනු සනේෂ් ප්‍රනාන්දු ලකුණු 44ක් ලබා ගත්තා.
අවසන් පන්දුවාරය දක්වා උණුසුම් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ දී සාන්ත සෙබස්තියන් කණ්ඩායමට අවසන් පන්දු 6ට ලකුණු 12ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණු අතර විමත් ඇතුළු සාන්ත සෙබස්තියන් කණ්ඩායම පන්දු 3ක් තුල එම ලකුණු 12 ලබාගෙන සුපිරි ජයග්‍රහණයක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 37කට කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.
තරගයේ වීරයා – විමත් දින්සර (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
- වේල්ස් කුමර විද්‍යාලය – 162/7 (20): තරිඳු අමරසිංහ 76, ඔමේෂ් මෙන්ඩිස් 21, ඔෂාන් ද සිල්වා 21, මනුජ චන්තුක 3/35
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 163/5 (19.3): විමත් දින්සර 65*, සනේෂ් ප්‍රනාන්දු 44, ප්‍රින්ස් ප්‍රනාන්දු 2/37
සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 5ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<