ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (20) Tolerance Oval හි පැවති තරගයෙන් බංග්ලාදේශය කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
එහි දී ශ්‍රී ලංකා ආරම්භක වමත් පිතිකරු සිනෙත් ජයවර්ධන, හිරුන් කපුරුබණ්ඩාර සහ දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක මල්ෂ තරුපති කැපී පෙනෙන දස්කම් දැක්වූවා.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. නායක Ahrar Amin ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් අර්ධ ශතකයක් ලබා ගත් අතර Jishan Alam සහ Chowdhury Rizwan පිළිවෙළින් ලකුණු 40ක් සහ ලකුණු 38ක් ලබාගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළ තරුපති සිය නියමිත පන්දුවාර 10 තුල කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 37ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
- UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- ශ්‍රී ලංකා යෞවනයින්ගේ UAE සංචාරයට දින නියම වෙයි
- ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාවේ අලුත්ම ස්ථානය
- දිමුත් ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක!
- පාසල් ක්‍රිකට් පිටියේ දිදුලන රාජසිංහ තරුව
ලකුණු 229ක් ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරුවන් යුගලය වුනු සිනෙත් ජයවර්ධන සහ හිරුන් කපුරුබණ්ඩාර සිය මංගල 19න් පහළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ම ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණා.
එහි දී ඔවුන් දෙදෙනා එක්ව මේ ඉලක්කය හඹා යාමට අවශ්‍ය වුනු මූලික අඩිතාලම ඉතාමත් හොඳින් ස්ථාවර කරමින් පන්දු 110ක දී ලකුණු 95ක සබඳතාවයක් ගොඩනැංවූවා. පන්දු 51ක් තුල ලකුණු 52ක් ලබා ගත් කපුරුබණ්ඩාර 4 පහර 9ක් සහ එක් 6 පහරක් එල්ල කළා. හිරාන් ජයසුන්දර ලකුණු 35යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත් සිනෙත් ජයවර්ධන පන්දු 122ක් තුල ලකුණු 101ක් ලබා ගත්තා. ඔහු පන්දුවාර 38කුත් පන්දුවක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි අතර ජයවර්ධනගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.
අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 44කුත් පන්දු 3ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා. Jishan Alam කඩුලු 3ක් දවා ගත් නමුත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: controllers/Embed.php
Line Number: 86
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: embed/match_result.php
Line Number: 115
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 22 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<