ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත!

2408

FIFA නිලවරණවල ඡන්දය ලබා දීමේ අයිතිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අහිමිව තිබෙනවා. ඒ මාර්තු 16 වැනිදා පැවති FIFA කොංග්‍රසයේ තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනට අමතරව සිම්බාබ්වේට ද ඡන්දය ලබා දීමේ අයිතිය අහිමි වී තිබෙනවා.

73 වැනි FIFA කොංග්‍රසය, 2000කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් Kigali හිදී පැවැත්වුණා. ඒ සඳහා FIFA හි විධායක බලධාරින්, සාමාජික රටවල් 211 නියෝජිතයින් මෙන්ම පාපන්දු ක්‍රීඩාවට අදාළ විවිධ පාර්ශව සම්බන්ධ වී තිබුණා.

සාමාජික රටවල් 211න් සාමාජික රටවල් 199ක් සිම්බාබ්වේට FIFA නිළවරණවල ඡන්ද අයිතිය අහිමි කිරීමට කැමැත්ත පළ කර තිබුණු අතර ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 197ක් ඡන්දය පළ කර තිබුණා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවන දේශපාලන බලපෑම් නිසා පසුගිය ජනවාරියේ දී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවා.

Newswire ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<