දිගු කලක් සිට පැවති ටෙස්ට් ශතක ඉඩෝරයට තිත තබමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි සිව්වැනි ටෙස්ට් තරගයේ දී අගනා ලකුණු 186ක් ලබා ගැනීමට Virat Kohli සමත් වුනා.
තරගාවලිය පුරාවට අසාර්ථකව සිටි ඔහු මෙම තරගයේ ශතකයක් වාර්තා කරමින් දින 1205කට පසු ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඉන්දීය කණ්ඩායමට ඉතා තීරණාත්මක තරගයක දී වාර්තා වීම විශේෂත්වයක්.
- ශතකයක් සමඟ Kohliගෙන් වාර්තා කිහිපයක්
- වාර්තා ඉතිරි කර, මතකයන් පමණක් රැගෙන Marsh යන්න යයි!
- Daryl Mitchellගේ ශතකයෙන් පසු Matt Henryගෙන් නොසිතූ ප්‍රහාරයක්
- පැට් කමින්ස්ගේ මව මිය යයි
- වාසියක් නැත්නම් යාළුවෝත් නැහැ
ශතකය ලබා ගැනීමෙන් පසු Kohli කලකට පසුව වාර්තා කළ ශතකය ඉතා ඉහළින් සමරනු දක්නට ලැබුණු අතර ඔහු එම ශතකය සිය බිරිඳ වන Anushka Sharmaට කැප කරනු ද දැක ගැනීමට හැකි වුනා.
The Man. The Celebration.
Take a bow, @imVkohli 💯🫡#INDvAUS #TeamIndia pic.twitter.com/QrL8qbj6s9
— BCCI (@BCCI) March 12, 2023
King Kohli යන අනුවර්තීය නාමයෙන් හඳුන්වන Kohli සිය ශතකය ලබා ගැනීමට පන්දු 247ක් වැය කළ අතර ඔහු ශතකය ලබා ගන්නා අවස්ථාවේ හිටපු ඉන්දීය පුහුණුකරු Ravi Shastri ප්‍රකාශ කළේ කිලෝ 600ක ගෝරිල්ලෙකු ඔහු පිටුපස සිටින බවත් ඔහු සවස් වන විට තව අඟල් කිහිපයක් වැඩෙන බවයි.
එමෙන්ම Kohliගේ ශතකයට හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Virender Sehwag ඇතුළු ක්‍රීඩකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබෙනු ද දක්නට ලැබුණා.
Class is permanent. This is an exceptional innings from Virat. Faith in the almighty, tremendous belief in himself. A special 75th international 💯 for the King. #INDvsAUS pic.twitter.com/BfzjdGamoI
— Virender Sehwag (@virendersehwag) March 12, 2023
ටෙස්ට් ඉනිම් 141ක් තුළ ශතක 27ක් වාර්තා කර තිබූ Kohli හට සිය 28 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉනිම් 42ක් වැය වූ අතර ඔහු ජාත්‍යන්තර ශතක 72ක් රැස් කර තිබෙනවා.
Kohliගේ ශතකය සමඟ පළමු ඉනිම සඳහා ලකුණු 571ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඉන්දියාවට හැකි වූ අතර ඉන්දියාව තුළ ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ තෙවැනි වේගවත්ම පිතිකරුවා වීමට ද Kohliට හැකි වුනා.
පසුගිය කාලසීමාව තුළ එතරම් දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ Kohli 2022 ආසියානු කුසලානයේ දී දින 1020කට පසු ශතකයක් වාර්තා කළ අතර ලෝක කුසලානයේ ඉහළ දස්කම් දැක්වූ ඔහු විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් කළේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<