Home Sinhala විලියම්සන්ගේ ශතකය නිසා කිවියන්ට අවසන් පන්දුවේ තියුණු ජයක්!

විලියම්සන්ගේ ශතකය නිසා කිවියන්ට අවසන් පන්දුවේ තියුණු ජයක්!

435
Sri Lanka tour of New Zealand 2023
Credit : Getty Images

අතිශයින්ම ක්‍රීඩාශීලී දින 5ක් පුරාවට කණ්ඩායම් දෙක අතර දෝලනය වුනු ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේ දී ජය ගන්නට අද (13) නවසීලන්තය සමත් වුනා.

ඒ තරගකාරීත්වයෙන් අඩු බව සමහරුන් සලකන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් උණුසුම්ව සහ ජීවමානව පවතින බවට සාක්ෂි සපයමින්.

ඊයේ දිනය වෙනුවෙන් තරගය සිව්වැනි දිනයට විරාම ගැන්වුනේ ඉතාම රසවත් පස්වැනි දිනයකට අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරමින්. ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට කඩුලු 9ක් දවා ගැනීමටත්, නවසීලන්තයට ලකුණු 257ක් ලබා ගැනීමටත් අවශ්‍ය වුනා.

කෙසේ නමුත් අද තරගය ආරම්භ වන්නේ පළමු සැසිය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී යාමෙන් පසුවයි. මේ නිසාම දිවා ආහාරය කල් තබා ලබා ගැනීමටත් කණ්ඩායම් දෙක තීරණය කළා. ඉන්පසුවත් වර්ෂාව Hagley Oval පිටියට බැල්ම හෙළු අතර පසුව තරගය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට පිටියේ කාර්ය මණ්ඩලය සමත් වුනා.

අද දිනයේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 10ක් ඉවසා සිටීමට සිදු වූ අතර අවසානයේ නායක දිමුත් කරුණාරත්නගේ පන්දු යවන්නන් මාරු කිරීම සාර්ථක කරමින් ප්‍රභාත් ජයසූරිය Tom Lathamව ලකුණු 24කට පිටියෙන් ඉවත් කළා. එහි දී පන්දුව Lathamගේ පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳ වැටුණා.

Henry Nicholls පන්දු 24කින් වේගවත් ලකුණු 20ක් ලබාගෙන සිටිය දී නැවතත් ක්‍රියාත්මක වුනු ප්‍රභාත් ජයසූරිය ඔහුව ක්‍රීඩාගාරයට හරවා යැව්වා. එහි දී ඔහු එල්ල කළ ස්වීප් පහර වැරදී ගොස් ඉහළ නැගුණු පන්දුව රැක ගන්නේ කුසල් මෙන්ඩිස් විසිනුයි. මේ වන විට නවසීලන්ත ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 90කට කඩුලු 3ක් ලෙසයි.

නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු පසුපසට ඇද දමන්නේ Kane Williamson සහ Daryl Mitchell අතරේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 142ක දැවැන්ත සබඳතාවයයි. ඔවුන් මුල දී තරගය බේරා ගන්නට උත්සාහ කළත්, පසුව ලකුණු වේගය ක්‍රමයෙන් වැඩි කරමින් ජය කණුව වෙත ඉව අල්ලන්නට වුනා.

මේ අනුව තරගයේ අවසන් පන්දුවාර 10 වන විට කඩුලු 7ක් අතැතිව සිටි නවසීලන්තයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනේ ලකුණු 58ක් පමණයි. මේ මොහොතේ දැඩි අවදානම් කලාපයේ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් විවේකයකින් පසු පන්දුව අතට ගත් අසිත ප්‍රනාන්දුට නොසිතූ මොහොතක Daryl Mitchellගේ කඩුල්ල බිඳ හෙළීමට හැකි වුනා.

ඒ වන විට ලකුණු 81ක් ලබා සිටි Daryl Mitchell වයිඩ් යෝකර් පන්දුවට එල්ල කිරීමට ගිය පහරින් පන්දුවේ ගමන් මාර්ගය වෙනස් වුනේ ඔහුගේම කඩුල්ල බිඳ හෙළමින්. පන්දු 86ක් පමණක් වැයවුනු Mitchellගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 4කින් හැඩවුනා.

සබඳතාවය බිඳ හෙළීමෙන් නොනැවතුනු අසිත ප්‍රනාන්දු නවක පිතිකරු Tom Blundell විශිෂ්ට යෝකර් පන්දුවක් මගින් පරාජය කරන්නේ ශ්‍රී ලංකාවට නැවතත් අවස්ථාවක් නිර්මාණය කර දෙමින්. නමුත් අවදානමක් දරාගෙන හෝ ජයග්‍රහණය කරා යාමට උත්සාහ දැරූ නවසීලන්තය නිතරම ලකුණු වේගය රඳවා ගැනීම වෙනුවෙන් පහරවල් කරා ගියා.

එහි ප්‍රතිඵලයක් ලෙස Michael Bracewell දැවී යන්නේ අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවකට චාමික කරුණාරත්න සිටි තැනට හරියටම උඩපන්දුවක් ලබා දෙමින්. විශාල පහරකට උත්සාහ කළ Tim Southee දැවී යන්නේ ධනංජය ද සිල්වා පීඩනය මැද රැකගත් උඩපන්දුවක් නිසයි. එම කඩුල්ල ලහිරු කුමාරට හිමි වුනා.

එක් අන්තයක කඩුලු බිඳ වැටෙද්දී සිව්වැනි ඉනිමේ අමරණීය ශතකයක් කරා ගොස් සිටි කේන් විලියම්සන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබූ විශාලතම හිසරදය බවට පත්වී සිටියා. ඔහු ලකුණු 33 දී ලබා දුන් උඩපන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල රැක ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෛවය වෙනස් ආකාරයකින් ලියවෙන්නට බොහෝදුරට ඉඩ තිබුණා.

අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 8ක් අවශ්‍යව තිබූ මොහොතේ පන්දුව භාර කෙරෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන්ම සැලකිය හැකි අසිත ප්‍රනාන්දුටයි. ඔහුගේ මනා පන්දු සංකලනය හමුවේ ඉක්මන් ලකුණක් කරා යාමට උත්සාහ කළ Matt Henry දුවද්දී දැවී ගියා.

කෙසේ නමුත් ඉන් අනතුරුව යැවූ පන්දුව පන්දු රකින්නන් දෙදෙනෙක් අතරින් හතරේ සීමාව කරා යොමුකළ Williamson අවසන් පන්දුව දක්වාම නවසීලන්ත බලාපොරොත්තු රැක ගත්තා. ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් අවශ්‍ය මොහොතේ අසිත යොමුකළ පන්දුව තණතිල්ලේ කෙටී පා ඉන්න දෙසින් ඉහළ නැගුණේ Williamsonට පුල් පහර මහ හරිමින්.

නමුත් නැති වෙන්නට දෙයක් නොමැති කල ඔවුන් නොතිබූ ලකුණක් කරා දිව යාමට උත්සාහ කළා. එහි දී පන්දුව අතට ගත් නිරෝෂන් දික්වැල්ලට එය නිවැරදිව කඩුල්ල වෙත යොමු කරන්නට පැහැදිලිව දර්ශනය වුවත් ඔහු අතින් එය ගිලිහෙන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දින 5ක මහන්සිය දියකර හරිමින්.

තම සගයා අතින් සිදු වූ වැරැද්ද නිවැරදි කිරීමට උත්සාහ කළ අසිත ප්‍රනාන්දු පන්දුව ඩැහැගෙන නැවත කඩුල්ල වෙත සාර්ථකව එල්ල කළත්, ඒ වන විට Williamson අඟල් කිහිපයකින් අන්තය තහවුරු කරගෙන තිබුණා.

අසීරු තණතිල්ලක, පීඩනය උපරිම අවස්ථාවක, පස්වැනි දිනයේ දී Kane Williamson රැස්කළේ තම ටෙස්ට් දිවියේ 27 වැනි ශතකයයි. පන්දු 194ක් වැයවුනු ඔහුගේ ලකුණු 121ක සටන්කාමී ඉනිමට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වුනේ ඉනිම් දෙකේ දී ම ලකුණු අතර සිටි Daryl Mitchellටයි.

Result


New Zealand
373/10 (107.3) & 285/8 (70)

Sri Lanka
355/10 (92.4) & 302/10 (105.3)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Tim Southee 13 31 2 0 41.94
Dimuth Karunaratne c Tom Latham b Matt Henry 50 87 7 0 57.47
Kusal Mendis lbw b Tim Southee 87 83 16 0 104.82
Angelo Mathews c Mitchell Santner b Matt Henry 47 98 6 1 47.96
Dinesh Chandimal c Tom Latham b Tim Southee 39 64 6 0 60.94
Dhananjaya de Silva c Tom Blundell b Tim Southee 46 59 5 1 77.97
Niroshan Dickwella lbw b Michael Bracewell 7 13 1 0 53.85
Kasun Rajitha c William Somerville b Matt Henry 22 39 4 0 56.41
Prabath Jayasuriya c Tom Blundell b Matt Henry 13 40 0 0 32.50
Lahiru Kumara not out 13 32 2 0 40.62
Asitha Fernando  lbw b Tim Southee 10 10 2 0 100.00


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 355/10 (92.4 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Tim Southee 26.4 10 64 5 2.42
Matt Henry 26 8 80 4 3.08
Blair Tickner 20 2 103 0 5.15
Neil Wagner 10 1 68 0 6.80
Daryl Mitchell 7 3 17 0 2.43
Michael Bracewell 3 0 17 1 5.67
Batsmen R B 4s 6s SR
Tom Latham b Asitha Fernando  67 144 7 0 46.53
Devon Conway lbw b Asitha Fernando  30 88 2 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Lahiru Kumara 1 11 0 0 9.09
Henry Nicholls c Kasun Rajitha b Lahiru Kumara 2 6 0 0 33.33
Daryl Mitchell c Niroshan Dickwella b Lahiru Kumara 102 193 6 2 52.85
Tom Blundell c Niroshan Dickwella b Kasun Rajitha 7 22 0 0 31.82
Michael Bracewell c Niroshan Dickwella b Prabath Jayasuriya 25 57 2 0 43.86
Tim Southee c Lahiru Kumara b Kasun Rajitha 25 20 3 1 125.00
Matt Henry b Asitha Fernando  72 75 10 3 96.00
Neil Wagner c Dhananjaya de Silva b Asitha Fernando  27 24 1 3 112.50
Blair Tickner not out 2 5 0 0 40.00


Extras 13 (b 4 , lb 6 , nb 0, w 3, pen 0)
Total 373/10 (107.3 Overs, RR: 3.47)
Bowling O M R W Econ
Kasun Rajitha 31 10 104 2 3.35
Asitha Fernando  29.3 5 85 4 2.90
Lahiru Kumara 25 5 76 3 3.04
Dhananjaya de Silva 9 2 34 0 3.78
Angelo Mathews 3 0 18 0 6.00
Prabath Jayasuriya 10 1 46 1 4.60
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Blair Tickner 28 52 4 0 53.85
Dimuth Karunaratne c Henry Nicholls b Blair Tickner 17 45 1 0 37.78
Kusal Mendis c Michael Bracewell b Blair Tickner 14 55 1 0 25.45
Angelo Mathews c Tom Blundell b Henry Nicholls 115 235 11 0 48.94
Prabath Jayasuriya c Tom Blundell b Blair Tickner 6 32 0 0 18.75
Dinesh Chandimal b Tim Southee 42 107 2 0 39.25
Dhananjaya de Silva not out 47 73 7 0 64.38
Niroshan Dickwella c Tom Blundell b Matt Henry 0 4 0 0 0.00
Kasun Rajitha lbw b Matt Henry 14 21 2 0 66.67
Lahiru Kumara run out (Kane Williamson) 8 6 2 0 133.33
Asitha Fernando  c Kane Williamson b Tim Southee 0 3 0 0 0.00


Extras 11 (b 4 , lb 3 , nb 0, w 4, pen 0)
Total 302/10 (105.3 Overs, RR: 2.86)
Bowling O M R W Econ
Tim Southee 26.3 9 57 2 2.17
Matt Henry 28 5 71 3 2.54
Blair Tickner 28 1 100 4 3.57
Neil Wagner 3 0 9 0 3.00
Daryl Mitchell 12 2 31 0 2.58
Michael Bracewell 8 1 27 0 3.38


Batsmen R B 4s 6s SR
Tom Latham b Prabath Jayasuriya 25 80 3 0 31.25
Devon Conway c & b Kasun Rajitha 5 16 0 0 31.25
Kane Williamson not out 121 194 11 1 62.37
Henry Nicholls c Kusal Mendis b Prabath Jayasuriya 20 24 1 0 83.33
Daryl Mitchell b Asitha Fernando  81 86 3 4 94.19
Tom Blundell b Asitha Fernando  3 5 0 0 60.00
Michael Bracewell c Chamika Karunaratne b Asitha Fernando  10 11 1 0 90.91
Tim Southee c Dhananjaya de Silva b Lahiru Kumara 1 2 0 0 50.00
Matt Henry run out (Kasun Rajitha) 4 3 0 0 133.33
Neil Wagner not out 0 0 0 0 0.00


Extras 15 (b 5 , lb 3 , nb 1, w 6, pen 0)
Total 285/8 (70 Overs, RR: 4.07)
Bowling O M R W Econ
Kasun Rajitha 17 5 61 1 3.59
Asitha Fernando  19 4 63 3 3.32
Prabath Jayasuriya 19 1 92 2 4.84
Lahiru Kumara 15 3 61 1 4.07



මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගියා. කෙසේ වෙතත් දීර්ඝ කාලකයට පසු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරමින් අතීත වාර්තා අනුව අසීරුම ප්‍රතිවාදියෙකුට එරෙහිව ඔවුන්ගේ රටේ දී ම අවසන් පන්දුව දක්වා දුන් සටන අගය කළ හැකියි.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළැඹෙන සිකුරාදා (17) අලුයම 3.30ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<